Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
ඉන්දියාවේ සම්භාහන මධ්‍යස්ථානවලට ලංකාවේ කාන්තාවන් රැගෙන යන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

- ඉන්දියාවේ සම්භාහන මධ්‍යස්ථානවලට ලංකාවේ කාන්තාවන් රැගෙන යන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,810 Views
එච්.අයි.වී.වෛරසය ගැන චෙක් කරලා ගුවන් ටිකට් පත් දෙන්නේ.......

ලංකාවේ කාන්තාවන් විශාල ප්‍රමාණයක පාස්පෝර්ට් අහු වෙලා......

ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු කිරීම සඳහා මෙරට කාන්තාවන් රැගෙන යාමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සැක කටයුතු ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

කාන්තාවන් දෙදෙනා 30 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර, ඔවුන් මෙරට රූපලාවන්‍යාගාරවල කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.

ඉන්දීය කාන්තාවක් විවාහ කරගෙන සිටින ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකු විසින් මෙම කාන්තාවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන විත් ඉන්දීය ජාතිකයා වෙත භාරදී තිබෙනවා.

ඔහු මෙම කාන්තාවන්ට එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇත්දැයි රුධිර සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපල පර්යන්තය වෙත පැමිණි අවස්ථාවේදී සැකකටයුතු අන්දමින් හැසිරීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් තුන්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙරට තුළ මෙම මිනිස් ජාවාරම සංවිධාන කරන ශ්‍රී ලාංකික තැරැව්කරු සහ ඔහුගේ සහයක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල සංඛ්‍යාවකගේ විදේශ ගමන් බලපත්‍ර තොගයක්ද සොයාගනු ලැබුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,678 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  686 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,283 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,821 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,592 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,617 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,318 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,034 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  832 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top