Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
ජීනිවා සම අනුග්‍රහකත්වයෙන් ඉල්ලා අස්වීම, රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි - Video

- ජීනිවා සම අනුග්‍රහකත්වයෙන් ඉල්ලා අස්වීම, රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,248 Views
43 වන සැසිවාරය හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදි...
මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය සිය ප්‍රසාදය පළ කරලා..
ජර්මනිය සහ කැනඩාවේ කොළඹ සිටින තානාපතිවරුන් දැනුවත් කරලා..
 
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම්දී තිබෙනවා.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවී මෙම දැනුම්දීම සිදුකළ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදි ආරම්භ විමට නියමිතයි.
 
මේවන විට ජිනීවාහි රැඳී සිටින විදේශ ලේකම් රවිනාථ අර්යසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනී එළිසබත් ටිචී ෆිල්ස්බර්ග් මහත්මිය හමුවි ශ්‍රී ලංකා රජයේ තීරණය දැනුම්දී තිබෙනවා.
 
ඒ අනුව, 2015 ඔක්තෝබර් 30/1 දරණ සහ 2017 මාර්තු 34/1 දරණ පූර්ව යෝජනා සම්මුතියෙන් සකස් කරන ලද 2019 මාර්තු 40/1 දරණ යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ බව ආර්යසිංහ මහතා ෆිල්ස්බර්ග් මහත්මියට දැනුම්දී තිබෙනවා.
 
විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය දී ඇති බවත්, එය බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් විදේශ ලේකම්වරයා මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනියට දැනුම්දුන් බවයි.
 
ඉදිරියේදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය ලබාදෙන බවත්, ලබන 26 වැනිදා පැවැත්වෙන කවුන්සිලයේ ඉහළ මට්ටමේ රැස්වීම ඇමතීමේදී ශ්‍රී ලංකා රජයේ තීරණය පිළිබඳ කවුන්සිලයේ සාමාජිකයින්ව විධිමත් ලෙස දැනුවත් කිරීමට නියමිත බවත් ආර්යසිංහ මහතා දැනුම්දී තිබෙනවා.
 
පෙබරවාරි 27 වැනි දින පැවැත්වෙන මහකොමසාරිස්වරියගේ ශ්‍රි ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම පිළිබඳවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වනු ඇති අතර, අමාත්‍යවරයා ජිනිවාහි රැඳි සිටින කාලය තුළදි මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය හමුවීමටද නියමිතයි.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව අදාළ යෝජනාවට සහයෝගයදැක්වූ එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල කොළඹ සිටින තානාපතිවරුන් දැනුවත් කිරීමටද කටයුතු කර ඇති බවයි.
 
මෙම කරුණු පිළිබඳ තමා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය සිය ප්‍රසාදය පළකර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,300 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,500 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,838 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,393 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top