රොකට්ටුව නිපදවා ඇත්තේද ඔහු විසින්මයි...
ආධුනිකයින් හා නිර්මාණකරුවන් වීඩියෝගත කරලා..
පෘථීවිය පැතලි බව සියැසින් දැකීම ඔහුගේ අරමුණ වුණා..
පෘථිවිය පැතලි බව විශ්වාස කරන විස්මිත ක්‍රියාවලින් ප්‍රසිද්ධියට පත්වූ ඇමරිකානු ජාතික මයික් හියුස් ඔහු විසින්ම නිපදවන ලද රොකට්ටුවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෑඩ් මයික් හියුස් ලෙසද හඳුන්වන 64 හැවිරිදි ඔහු කැලිෆෝනියා කාන්තාරයේ සිය රොකට් ගමන ආරම්භ කළේ පෘථිවිය පැතලි බව සනාථ කිරීමේ අටියෙන්.
එම අවස්ථාව අභ්‍යවකාශ ගමන්වල ආධුනිකයන් සහ නව නිර්මාණකරුවන් සඳහා වූ රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් පටිගත කර ඇති බවද සඳහන්.
කෙසේ නමුත් මයික් හියුස්ගේ රොකට්ටුව අඩි 5,000ක් පමණ උසකට පිවිසීමෙන් පසු යළි පොළොවට කඩාවැටී ඇත්තේ ඔහුද ජීවිතක්ෂයට පත් කරමින්.