Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
ලොවක් කැළඹූ කොවිඩ් 19 හෙවත් කොරෝනා නිසා, ශ්‍රී ලාංකිකයින් රැඳි සිටින, ඉතාලියේ නගර කිහිපයකුත් වසා දමයි - කොරෝනා බිලිගත් ජීවිත 2462යි - Video

- ලොවක් කැළඹූ කොවිඩ් 19 හෙවත් කොරෝනා නිසා, ශ්‍රී ලාංකිකයින් රැඳි සිටින, ඉතාලියේ නගර කිහිපයකුත් වසා දමයි - කොරෝනා බිලිගත් ජීවිත 2462යි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,717 Views
දකුණු කොරියාවේ සිට එන මඟින් විශේෂ පරීක්ෂාවකට..
78,000කට අධික සංඛ්‍යාවකට ආසාදනය වෙලා...
චීනයට අමතරව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉරානයෙන්..
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේ වනවිට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 2462ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන ඉතාලියේ පාදුවා, ක්‍රෙමෝනා ඇතුළු නගර 10ක් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ලොවපුරා රටවල් රැසකින් වාර්තා වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් ගණන මේ වනවිට 78,000 ඉක්මවා තිබෙනවා.
 
වෛරසය ආසාදනයවීමෙන් චීනය තුළ පුද්ගලයින් 2442දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් මරණ 97ක් සිදුව ඇත්තේ ගතවූ පැය 24ක කාලය තුළයි.
 
මේ අතර, ඉතාලියේ සිදුවූ දෙවන කොවිඩ් 19 ආසාදිත මරණය අද වාර්තාවීම සැලකිල්ලට ගනිමින් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසපේ කොන්ටි ලොම්බාඩි සහ වෙනටෝ යන ප්‍රදේශයන්ට විශේෂ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පාසල්, දුම්රිය ස්ථාන, සහ කාර්යාල ද වසා දමා තිබෙනවා.
 
පාදුවා, ක්‍රෙමෝනා, කොදොක්නෝ ඇතුළු නගර 10කට වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, එම නගරයන් හි ජීවත් වන දහසකට අධික ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් අප විමසීම් කළා.
 
චීනයට සහ ජපානයට පසුව වැඩිම ආසාදිතයින් පිරිසක් දකුණු කොරියාවෙන් වාර්තා වන අතර, පුද්ගලයින් 5 දෙනෙකුට ජීවිතය අහිමි කරමින් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 602ක්.
 
ඩේගු සහ චෙන්ඩෝ නගර තවමත් දැඩි පාලු ස්වභාවයක් උසුලනවා.
 
දකුණු කොරියාවේ ඇතැම් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා බලධාරීන් ක්‍රියා කරන අයුරු දැකගත හැකියි.
 
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් එරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
 
මේ අතර, කොවිඩ් 19 ආසාදිතයින් හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සැළකිල්ලට ගනිමින් ඉරාන බලධාරීන් පාසල්, විශ්වවිද්‍යාල, සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුළු රජයේ කාර්යාල යළි දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා.
 
ලොවපුරා රටවල් රැසක කොවිඩ් 19 ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන පසුබිමක, මත්ත්සයින් ප්‍රතිඅපනයනය කිරීම සඳහා මෙරට ධීවර වරායන්ට පැමිණෙන විදේශීය ධීවරයින් කිසිඳු අවහිරයකින් තොරව මෙරටට ඇතුළු වී නිදහසේ ඇවිද යන අයුරු දික්ඕවිට ධීවර වරාය ආසන්නයේදී දක්නට ලැබුණා.
 
මෙම යාත්‍රාවල සේවය කරන විදේශීය ධීවරයින්ට මෙරට ධීවර වරායන්ට ගොඩබැසීමට අවසර හිමිවුව ද රටට ඇතුලුවීමට කිසිඳු අවසරයක් ඔවුන්ට හිමි නොවන බවයි ධීවර සහ මිරිදිය මත්ත්ස්‍ය සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ.
 
මේ අතර, දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂා කිරීම සහ දින 14ක කාලයක් පසු විපරමකට ලක් කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
 
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මගීන් 246 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,300 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,515 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,402 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top