Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
"කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද? එයාලා හැම ගේට්ටුවක්ම අගුලු දාලා.." - බලහත්කාරයෙන් සිර කරගෙන සිටි ජර්මන් කාන්තාවක් හිරු CIA මෙහෙයුමකින් මුදාගත් හැටි මෙන්න - Video

- "කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද? එයාලා හැම ගේට්ටුවක්ම අගුලු දාලා.." - බලහත්කාරයෙන් සිර කරගෙන සිටි ජර්මන් කාන්තාවක් හිරු CIA මෙහෙයුමකින් මුදාගත් හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,054 Views
ඔහු මගේ අමුත්තන්ට මෙහේට එන්න දෙන්නෙ නැහැ...
මා හට බිහිසුණු ක්‍රියාවන්ට,සොරකම්වලට ලක් වෙන්නත් වුණා..
හිරු නිර්භීත මිනිස්සුන්ට ස්තුතියි අමාරු වෙලාවක උදව් කළාට..
 
කළුතර - වාද්දුව දුම්රියපොළ ආසන්නයේ ඇති සංචාරක නිකේතනයක ජර්මන් ජාතික කාන්තාවක් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවට හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.
 
ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ හිරු සී.අයි.ඒ. කණ්ඩායම අදාළ ජර්මන් ජාතික කාන්තාව එම ස්ථානයෙන් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වුණා.

අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය වසරේදී මෙරටට පැමිණි ඇති කැතරින් නම් මෙම ජර්මානු ජාතික කාන්තාව නවාතැන් ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ ඇති සංචාරක නිකේතනයක් තුළයි.
 
මෙම ස්ථානය නවීකරණය කර පවත්වාගෙනයාම සඳහා මුදල් ආයෝජනය කරන ලෙස එහිදී නිකේතනයේ හිමිකරු විදෙස් කතගෙන් ඉල්ලා තිබෙනවා.
 
ඒ සංචාරක නිකේතනයෙන් ලැබෙන ආදායම සමසේ බෙදාගැනීමේ පොරොන්දුව මතයි.
 
ඒ අනුව මෙම ජර්මන් ජාතික කාන්තාව රුපියල් ලක්ෂ 78කට ආසන්න මුදලක් මෙම ස්ථානය නවීකරණය කිරීමට මුදල් යොදවා තිබෙනවා.
 
නමුත්, නවීකරණ කටයුතු අවසන් වු පසු පොරොන්දු වු පරිදි මෙහි හිමිකරු ඇයව ව්‍යාපාරයට සම්බන්ධ කර නොගෙන ඇයට නවාතැනින් ඉවතට යා නොදී මරණ තර්ජන එල්ල කර තිබුණා.
 
ඇය මුහුණදුන් කටුක අත්දැකීම ඇය වට්ස් ඇප් හරහා ඇමතුමක් ලබා ගනිමින් හිරු සී.අයි.ඒ. වෙත ප්‍රකාශ කළා.
 
"මේ රටේ ආයෝජනය කිරීම සහ අලුත්වැඩියා කටයුතු කිරීම ජීවිත තර්ජන එල්ලවන්නක්. මම මේ නිවහන අලුත්වැඩියා කළා. එහි වටිනාකම යුරෝ 40000ක්. පෙබරවාරි 08 වෙනිදා අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසු මා හට බිහිසුණු ක්‍රියාවන්ට, සොරකම්වලට, තර්ජනවලින් බියගැන්වීම්වලට දිනපතා ලක්වන්නට සිදු වූ අතර අවසානයේ මරණීය තර්ජනද එල්ල වුණා. ඒ රුවන් පෙරේරාගෙන්. වරක ජලය, විදුලිය සහ අන්තර්ජාලය ක්‍රියා විරහිත කළා. මගේ අමුත්තන්ට මෙහි ඇතුලුවීමට ඉඩ දෙන්නේත් නැහැ. මම ආපසු එනවිට සෑම ගේට්ටුවක්ම අගුලු දාලා තිබුණා. එනිසා මට ආපසු යන්නට බැහැ..."
 
ඇය ලබාදුන් ස්ථානීය තොරතුරු අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වු හිරු සී.අයි.ඒ.කණ්ඩායම වාද්දුව දුම්රියපොළ ආසනන්නේ ඇති අදාළ නවාතැන සොයා ගමන් ආරම්භ කළා.
 
එහිදී නිවාඩු නිකේතනයේ උඩුමහලේ රැදී සිටි ඇය උපකාර ඉල්ලා කෑගැසුවේ මෙලෙසයි.
 
මට උදව් කරන්න පුළුවන් ද ?
ඇයි මොකක්ද ප්‍රශ්නය ?
ඔවුන් මාව රඳවාගෙන ඉන්නෙ.
කවුද ඔයාව රඳවාගෙන ඉන්නෙ ?
ඔවුන් මාව රඳවාගෙන ගේට්ටුව වහලා තියෙන්නෙ.
ඒ නිසා මට පිටතට යන්න බැහැ.
මට උදව් කරන්න පුළුවන් ද ?
 
මේ අවස්ථාවේදී ආයතනයේ හිමිකරු තවත් පිරිසක් සමඟ පැමිණ විදෙස් කාන්තාව සමඟ කථා කිරීම පිළිබඳ මෙලෙස තර්ජනය කළා.
 
ආයතනයේ හිමිකරු අප සමඟ වාදයේ පැටලෙද්දී ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත් විදේශීය කාන්තාව ක්ෂණිකව නිවාඩු නිකේතනයේ ගේට්ටුවෙන් පිටතට පැමිණියා.
 
පසුව අප ජර්මානු ජාතික කාන්තාව රැගෙන වහා වාද්දුව පොලීසිය බලා පිටත් වුණා.
 
මෙතෙක් කලක් නීතියේ කිසිඳු හව්හරණක් නොමැතිව සිරව සිටි මෙම කාන්තාව පොලිසියේදී ඇයට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලා සිටියා.
 
ඇගේ නිදහස වෙනුවෙන් කැප වු හිරු සී.අයි.ඒ.වෙත ඇය තම ස්තූතිය පළ කළේ මෙලෙසයි.
 
"පළමුව මම ඔය සියළුදෙනාට ස්තූති කරන්න ඕන.. විශේෂයෙන් හිරු සී.අයි.ඒ. එකේ නිර්භීත පුද්ගලයන්ට ඒ අය මට උදව් කළා. ඇත්තෙන්ම ශක්තිමත් පිරිසක්. පසුව ඔවුන් මාව යොමු කළා වාද්දුව පොලිසියට. මම විශ්වාස කරනවා ඒ අපරාධකරුවන්ට දඬුවම් ලැබේවි කියලා..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,524 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,523 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top