Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස අද ජනතා අයිතියට පත් වු‍ණේ මෙහෙමයි - Video & Photos

- දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස අද ජනතා අයිතියට පත් වු‍ණේ මෙහෙමයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,153 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම පිවිසුමේ සිට හම්බන්තොට දක්වා දිගුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත්කෙරුණා.
 
මෙම කොටස ජනතා අයිතියට පත්වීමත් සමඟ කොට්ටාව පිවිසුමේ සිට පැය දෙක හමාරක් වැනි කාලයකින් හම්බන්තොට දක්වා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදාවනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම සිට හම්බන්තොට දක්වා දිගුව ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය ආරම්භ වුණේ ගොඩගම - පාලටුව පිවිසුම ආසන්නයේදී.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව අවස්ථාවට එක්වුණේ පස්වරු 3.55ට පමණ.
 
අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා අධිවේගී මාර්ගය විවෘත කිරීම වෙනුවෙන් වන සමරු ඵලකය නිරාවරණය කළා.
 
අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණේ සර්වාගමික ආශිර්වාය මධ්‍යයේයි.
 
ගොඩගම - පාලටුව අධිවේගී හුවමාරුවේ සිට බරවකුඹුක දක්වා වන පළමු ප්‍රවේශපත්‍රය මිලදී ගත්තේ ජනාධිපතිවරයා විසින්.
 
අනතුරුව ජනාධිපතිවරයා අධිවේගීමාර්ගය ඔස්සේ බරවාකුඹක දක්වා ගමන් කළ අතර එම රථය පැදවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් වීම විශේෂත්වයක්.
 
අග්‍රාමාත්‍යවරයාද අධිවේගී මාර්ගයේ බරවකුඹුක දක්වා ගමන්කළ අතර ඔහු ගමන්ගත් රථය පැදවූයේ මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.
 
2016 වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට දක්වා වූ කොටසේ ඉදිකිරීම් අදියර 4 කින් සමන්විත වූ අතර එහි සමස්ත දුර කිලෝමීටර් 96 ක්.
 
එම කොටසට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 8ක් ඇතුළත්.
 
රුපියල් බිලියන 268 ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මෙම කොටස ජනතා අයිතියට පත්වීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සමස්ත දුර කිලෝ මීටර් 223කින් සමන්විතයි.
 
අද ජනතා අයිතියට පත් කළ මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථ ගමනා ගමන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.
 
ඒ අනුව, හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස්රථ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 880ක් වන අතර, තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680ක්.
 
හම්බන්තොට සිට කොට්ටාව - මාකුඹුර දක්වා රුපියල් 810ක ගාස්තුවක් අය කිරීමට නියමිත අතර, තංගල්ල සිට මාකුඹුර දක්වා අය කරන ගාස්තුව රුපියල් 610ක්.

මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා රථවාහන සඳහා අයකරගන්නා ප්‍රවේශපත්‍ර ගාස්තු අයවන්නේ මෙලෙසයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,334 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,998 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,574 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top