Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
23
අභ්‍යවකාශයට ගිහින් විස්කෝතු හදපු ගගනගාමීන් - Photos

- අභ්‍යවකාශයට ගිහින් විස්කෝතු හදපු ගගනගාමීන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. මෙය අත්හදා බැලීමේ පරීක්ෂණයක් විය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. මෙම කටයුත්තට දායක වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් කණ්ඩායමේ ලූකා පර්මිටානෝ සහ ක්‍රිස්ටිනා කොක් ය.
 
අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ලූකා පර්මිටානෝ ය. ක්‍රිස්ටිනා කොක් අපට අමුත්තියක් නොවෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් රැඳී සිටින කාන්තාව එසේත් නැතිනම් ගගනගාමිය වන්නේ ද ක්‍රිස්ටිනාය. එපමණක් නොවෙයි, කාන්තාවන් දෙදෙනකු පමණක් සහභාගී වූ පළමු ගගන සක්මනට එක් වුණු ගගනගාමිනියන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ද ක්‍රිස්ටිනා ය. එම ගගන සක්මනට එක්වුණු අනෙක් ගගනගාමිනිය ජෙසිකා මියර් ය.

ලූකා සහ ක්‍රිස්ටිනා විස්කෝතු සකස් කළේ, අභ්‍යවකාශ නැවැතුම්පොළට ලැබුණු අලුත් ආකාරයේ විශේෂිත උදුන භාවිතයට ගනිමිනි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මේ කුඩා උදුන, අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම සිදුවූයේ එලොන් මුස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ යානයෙනි. (එලොන් මුස්ක් යනු ඇමෙරිකන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. නව නිපැයුම්කරුවෙකි. මොහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිර්මාණය කරයි. ඒ නාසා ආයතනය සමඟ එක්වෙමිනි.) 

අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවෙන්ම විශේෂිත මෙම උදුන භාවිතයෙන් විස්කෝතු නිපදවා ගැනීම අභියෝගයක් විය. වරකට එක් විස්කෝතුව බැගින් උදුනට දමා පුලුස්සා ගැනීම සිදුවිය. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ උෂ්ණත්වයට ගැළපෙන අයුරිනි. මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය. පස්වැනි විස්කෝතුව පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 163 ක උෂ්ණත්වයක් යටතේය. 

පළමු විස්කෝතුව මිනිත්තු 25 ක් උදුනේ තැබුණත් එය නිසි ලෙස පිලිස්සී නොතිබුණු බව පැවැසෙයි. ඉන්පසු මිනිත්තු 27 ක්, 120 ක් සහ මිනිත්තු 130 ක් විස්කෝතු පිලිස්සීමට පියවර ගැනුණි. විස්කෝතු නියම ‘පදමට’ සකස් වූයේ මිනිත්තු 120 ට වඩා උදුනේ තැබූ විට බව තහවුරු විය. අවාසනාවකට නිර්මාණය කළ විස්කෝතු රස බැලීමට ගගනගාමීන්ට අවස්ථාවක් නොලැබුණි. 

හොඳින් පිළිස්සුණු අවසන් විස්කෝතු තුන, සීල් තබා, හොඳින් අසුරා පෘථිවියට එවීමට කටයුතු කෙරුණි. විස්කෝතු සැකැසීම සිදුවූයේ අත්හදා බැලීමේ පර්යේෂණයක් යටතේය. විස්කෝතුවල රස තීරණය කරන්නේත්, උදුනේ සාර්ථකත්වය තීරණය කරන්නේ පහළ පෘථිවියේ සිටින විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන්ය. විස්කෝතු පහළට එවීම සිදුවූයේ ද ‘ස්පේස් ඩ්‍රැගන්’ අභ්‍යවකාශ යානය යොදා ගනිමිනි. 

"ලංකාදීප"
ලුසිත ජයමාන්න



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top