Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
"නැවේ තිබූ භාණ්ඩ බේරාගැනීමට කපිතාන්වරයා උනන්දු වුණේ නැහැ" - ඉන්දියාවේ පුරාවස්තු සමඟ මුලතිව් මුහුදු පතුලේ සැඟව ගිය නෞකාව - Photos

- "නැවේ තිබූ භාණ්ඩ බේරාගැනීමට කපිතාන්වරයා උනන්දු වුණේ නැහැ" - ඉන්දියාවේ පුරාවස්තු සමඟ මුලතිව් මුහුදු පතුලේ සැඟව ගිය නෞකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,381 Views
මේ නැවේ ද්‍රව්‍ය තවමත් මුහුදේ වැලිවලින් වැසී ඇතැයි අපි සිතනවා......

නැවේ තට්ටුවේ එක් කොටසක් මත ටෙරාකොටා ටයිල් අතුරා තිබුණා......

වටිනා පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙන යමින් තිබූ නැවක් මුහුදේ ගිලී ගිය බවත් ඒ පුරාවස්තු සියල්ල මුහුදු පත්ලේ සැඟවී ගිය බවත් මෙරට ජනයා අතර ප්‍රසිද්ධ කතාවකි. නමුත් එලෙස මෙරට පුරාවස්තු ගෙන ගිය නැවක් මුහුදුබත් වීමක් ගැන කිසිදු වාර්තාවක් නැත.

1962-63 වර්ෂයේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතා 40 වැනි පිටුවේ මෙසේ දක්වා ඇත.

මුහුදු පත්ලේ පුරාවිද්‍යාව ගැන උනන්දුවක් ඇතිවන මේ සමයෙහි හිත විශේෂයෙන් ඇදී යන එක් කරුණක් ඇත. 1885 වර්ෂයේ දී මදුරාසියේ සිට කොළඹට එන ගමනේ දී ඉන්ඩස් නම් වූ නෞකාව ත්‍රිකුණාමලයට හැතැප්ම 50කට උතුරේ පිහිටි මුලෙයිතිව් නම් ස්ථානයේ දී මුහුදුබත්විය.

මේ නැවේ තිබූ බඩු අතර භාරුත් ස්තූපයෙන් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් විශේෂයෙන් තෝරාගන්නා ලද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් අගනා ගල් කැටයම් ඇතුළු පුරා වස්තූන් රැසක් විය. ඒ කාලයේ මේ නැවේ බඩු ගොඩ ගැනීමට උත්සාහ කළ බව දැනගන්නට තියෙන හෙයින් මේ කලා වස්තූන් නැවත ගොඩ ගත්තා වෙන්නටත් පුළුවන.
 
"මේ ගැන හරියාකාරව දැන ගන්නා තුරු ඉන්ඩස් නැවේ සුන්බුන් ගැන සෙවීම යෝග්‍ය නොවේ. ඒ නිසා මේ ගැන විස්තර යමක් දන්නා අය ඇතොත් අපට හෝ ආතර් සී. ක්ලාක් මහතාට දන්වනවානම් පින්සිද්ධ වෙනවාය.”‍ යනුවෙන් එහි සටහන් කර තිබිණි.

මේ කතාව අනුව පැහැදිලි වන්නේ පුරාවස්තු ගෙන යමින් සිටියදී ලංකාව අසල මුහුදේ ගිලී ගොස් ඇති නෞකාවක තිබී ඇත්තේ මෙරට පුරාවස්තු නොව ඉන්දියාවේ පුරාවස්තු බවයි.
මේ නෞකාව සොයාගැනීමට හැකි වුවහොත් එය මෙරට මුහුදු පුරාවිද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොව ඉන්දියාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ද අද්විතීය සොයා ගැනීමක් වනු ඇත.

උතුරු සහ නැගෙනහිර මුහුද ආශ්‍රිතව මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. රත්න මහතාගේ, මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණි.

මේ ගවේෂණයේ දී ඔවුන්ගේ ප්‍රබලතම ඉලක්කයක් වූයේ ඉන්ඩස් නමැති නැව සොයා ගැනීමයි. ගවේෂණයට පෙර සාහිත්‍ය මූලාශ්‍ර සොයමින් මහින්ද කරුණාරත්න මහතා සහ රුක්ෂාන් ප්‍රියනන්දන මහතා ජාතික ලේඛනාගාරයේ පැරණි පුවත්පත් පරීක්ෂා කළ අතර ඔවුන්ට නැව ගිලී ගිය සිදුවීම පිළිබඳ ඉතා වටිනා තොරතුරක් හමුවූයේ “ද ටයිම්ස් ඔෆ් සිලෝන්”‍ පුවත්පතෙනි. නැවේ සිටි මගියකු 1885 නොවැම්බර් මස 10 වැනි දා නැව ගිලී ගිය ආකාරය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතට ලබා දී තිබිණි.

මෙම සාකච්ඡාවේ දී නැව අනතුරට පත්වූ ආකාරයත්, නැවේ තිබූ භාණ්ඩ බේරාගැනීමට කපිතාන්වරයා උනන්දුවක් නොදැක්වූ බවත්, නැවේ සිටි පළමු පන්තියේ මගීන් හය දෙනා ඇතුළු සියලු‍ දෙනාගේ ජීවිත ගලවාගෙන මුලතිව් නමැති ධීවර ගම්මානයක පිහිටා තිබූ කුඩා තානායමකට පැමිණි බවත් ඔහු සඳහන් කර තිබේ.

අද මුලතිව් යනු නගරයකි. එහි තිබූ තානායම පාදමට පමණක් සීමා වී ඇත. ප්‍රදීපාගාරය ද බිමට සමතලා වී ගොසිනි. මුහුදු පුරාවිද්‍යාඥයෝ තවත් සොයා බැලීම් කළහ. මුලතිව් හා ඒ ආසන්න වෙරළ තීරයන් හි සැරිසරමින් අවට මුහුදේ ගිලී ගොස් ඇති නැව් පිළිබඳ තොරුතුරු ධීවරයන්, කිමිදුම් කරුවන් හා සාකච්ඡා කරමින් සොයා බැලූහ.

“එක තැනක් තියෙනවා අපේ දැල් නිතර නිතර පැටලෙනවා. මුලතිව් සිලාවත්ත වෙරළේ ඉඳලා කිලෝ මීටර හතරක් විතර දියඹට වෙන්න මෙතැන තියෙන්නේ”‍ කිංස්ලි බර්නාඩ් නමැති ධීවරයකු දුන් තොරතුරු අනුව පුරාවිද්‍යා කණ්ඩායම දින කිහිපයක් එතැන ගවේෂණයේ යෙදුන ද කිසිවක් සොයාගත හැකිවූයේ නැත.

ඔවුන්ට මේ පිළිබඳ නිවැරදි තොරතුර ලබාදුන්නේ කෝකිලායිහි දී හමුවූ ග්‍රේෂන් නමැති පුද්ගලයෙකු විසිනි. මුලතිව් ආසන්නයේ ගිලී ඇති නෞකාවක GPS අගයන් ලබා දීමට ද ග්‍රේෂන් සමත්විය.

ගවේෂණයට එක්වූ ඒ.එම්. ඒ දයානන්ද මහතා මෙසේ කීවේය.

“ග්‍රේෂන් ලබාදුන් GPS අගයන් අනුව ගොස් අපි කිමිදුම් කටයුතු කළා. මේ ස්ථානයේ ගිලී ගිය නැවක් දක්නට ලැබුණා. නැව නිශ්චිතව හඳුනාගත නොහැකි නිසා අපි ඒ නැවට ‘මුලතිව් නැව’ ලෙස නම් කළා. නැවේ ඉදිරිපස උතුරු දිශාවට ස්ථානගත වී තිබෙන බව තහවුරු වූ අතර දකුණු දිශාවෙන් බොයිලේරු දෙකක් සොයා ගැනීමට හැකිවුණා.

ඒ වනවිට අප සොයාගත් දත්ත අනුව මෙය මීටර 42ක් පමණ දිග පළල මීටර 10.6ක් වූ වාෂ්ප බලයෙන් ක්‍රියා කළ නැවක්. නැවේ අවර දණ්ඩ ඇත් දැයි සොයා බැලු‍වත් එය සොයා ගැනීමට හැකිවුණේ නැහැ. මෙහි ඉදිරිපස කොටස යැයි අප සිතා සිටි කොටසේ විශාල වශයෙන් මාලු‍ දැල් පැටලී තිබුණා. මෙය ගවේෂණ කටයුතු සඳහා විශාල බාධාවක් වුණා. ”‍

ඔවුන්ගේ මේ ගවේෂණයේ දී කුඩා ලෝහමය උපකරණ දෙකක් ද හමුවී ඇත. එයින් නැවේ අනන්‍යතාව සොයාගත නොහැකි විය.

නැව ගිලී ඇති ස්ථානය වැලි සහිත ප්‍රදේශයක් බැවින් නැවේ විශාල කොටසක් වැලිවලින් මුළුමනින්ම වැසී ගොස් තිබිණි. වැලි සහිත ස්ථාන කැණීම් සිදුකර යම් තොරතුරු අනාවරණය කරගත හැකි වෙතැයි යන විශ්වාසය මත පුරාවිද්‍යාඥයෝ ස්ථාන තුනක කැණීම් සිදුකළහ.

මේ කැණීම්වලින් අනාවරණය වූයේ නැවේ උතුරු අන්තය එහි ඉදිරිපස හෙවත් ඇණිය ලෙස හඳුනාගෙන තිබුණ ද එය වැරදි බවයි. ඒ නැවේ වෙළෙඳ ද්‍රව්‍ය ගබඩා කිරීම, මුළුතැන්ගේ ඇතුළු නැවේ ක්‍රියාකාරකම් රැසක් සිදුවන ස්ථානයකි. මෙතැන කැණීම් සඳහා සුදුසුම ස්ථානයක් ලෙස සළකා පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.

මහින්ද කරුණාරත්න මහතා මෙසේ පවසයි.

“මතුපිට තිබූ වැලි ස්ථරයත් ඇතුළුව අපිට පාංශු ස්ථර හතරක් පිළිබඳ වාර්තා වුණා. වැලි ස්ථරයෙන් තද අළු පැහැති මියගිය සහ දිරාපත් වූ බෙල්ලන්ගෙන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුණත් සාක්ෂි කිසිවක් සොයාගන්න බැරිවුණා. නමුත් මතුපිට ගවේෂණය කිරීමේ දී නැවේ තට්ටුවේ එක් කොටසක් මත ටෙරාකොටා ටයිල් අතුරා තිබෙන ආකාරය දක්නට ලැබුණා.

කහ, රතු සහ කළු පැහැති රටා මෝස්තර සහිත මේ ටයිල් විශේෂ කාමරයක හෝ නාන කාමරයක විය හැකියි. මේ ටයිල් කැට පරීක්ෂා කිරීමේ දී එහි පිටුපස නිෂ්පාදිත සමාගමේ නම සටහන්ව තිබුණා. ඒ ඔස්සේ සොයා බැලූ විට ‘මින්ටන් හොලින්ස්‘ යන සමාගම 1845 දී ආරම්භ කර 2015 වර්ෂය දක්වාම පවත්වාගෙන ගොස් ඇති බවත් සොයා ගැණුනා.

වඩාත් වැදගත්ම තොරතුර වුණේ 1871 දී ඉන්ඩස් නැවේ අභ්‍යන්තර සැකසුම් නිර්මාණය කර තිබෙන්නේ මේ සමාගම විසින් වීමයි. ඒ අනුව මෙය අප සොයමින් සිටින ඉන්ඩස් නැව වීමට බොහෝ දුරට ඉඩ තිබෙනබව තහවුරු වුණා.”‍

නැවේ ගවේෂණ කටයුතු අතරතුර දී පුරාවිද්‍යාඥයන්ට හමුවූ වැදගත්ම වස්තුව වූයේ බඳට පිටතින් වැලි පොළොව මත පිහිටි කුඩා ලෝහ බඳුනක් හමුවීමය. මෙය පරීක්ෂා කිරීමේ දී බඳුන මතුපිට හිරුගේ සංකේතයක් පැහැදිලිව දක්නට ලැබිණි. මේ සංකේතය නැව සම්බන්ධයෙන් තිබූ ගැටලු‍ රැසක් නිරාකරණය කළේය.

ලෝහ බඳුනේ ඇති සංකේතය P&O නැව් සමාගමේ ලාංඡනයයි. එස්.එස්. ඉන්ඩස් නමැති ඉන්දියාවේ සිට පුරාවස්තු රැගෙන ගිය නෞකාව P&O සමාගමට අයත් මගී ප්‍රවාහන නෞකාවකි. මුහුදු පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇති මේ නෞකාව මුලතිව් මුහුදේ ගිලී ඇති එම සමාගමට අයත් එකම නෞකාව ඉන්ඩස් නෞකාව වන බැවින් දැන් සියල්ල තහවුරු වී අවසන්ය.

දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව මුහුදේ ගිලු‍ණු නැව් සොයා මෙරටට පැමිණි ආතර් සී. ක්ලාක් පවා සොයමින් සිටි එස්.එස්. ඉන්ඩස් නැව හමුවී තිබේ. නැවේ අනන්‍යතාව ඒ ආකාරයෙන් විසඳාගත හැකිවිය.

මෙම නැව පිළිබඳ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවසීය.

“අපි දැනට මේ ස්ථානයේ පරීක්ෂණ කැණීම් තුනක් සිදුකර තිබෙනවා. නැවේ වාෂ්ප එන්ජිමට අයත් බොයිලේරු අසළ නැව් බඳට සම්බන්ධව පැවැති විශාල ලී කොටයක් දක්නට ලැබෙනවා ඒ ආසන්නයේ නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වෘත්තාකාර යමක් ඉහළට එසවී තිබුණා එය ගල් හෝ යකඩ විය හැකියැයි සිතා අපි කැණීම් කළා.

මෙතැන පැහැදිලිව දර්ශනය නොවන නිසා කැණීමෙන් පස්සේ තමයි එය ලෝහමය කොටස් බව හඳුනාගත්තේ නැවේ බඳ එක් ඉවුරක් ලෙස යොදා ගැනිමින් නැගෙනහිර දිශාවෙන් කැණීම් කරන විට තද අළු මෘධු පස් ස්ථරයක් දක්නට ලැබුණා. නැවේ තේ කොළ සහ තිරිඟු‍ පිටි ගෙන ගියායැයි වාර්තාවන නිසා මෙහි සාම්පල අරගෙන පරීක්ෂා කළත් නිශ්චිතව හඳුනාගත නොහැකි වුණා.”‍
 
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ නෞකාව වැලි වලින් වැසී පවතින බැවින් කැණීම් කටයුතු ඉතා අපහසු බවයි. වරින් වර කැණීම් වලේ ඉවුරු කඩා වැටෙන බැවින් වැලි ඉවත් කිරීම ද අපහසු වී ඇත. එමෙන්ම නැවේ කොටස්වල සවි වී මැරී ගොස් සිටින බෙල්ලන් ඉවත් කිරීම ද පහසු කටයුත්තක් නොවේ.

එස්.එස්. ඉන්ඩස් නෞකාව 1871 වර්ෂයේ දී නිෂ්පාදනය කරන ලද මගී ප්‍රවාහන නෞකාවකි. එය 1885 අනතුරට පත්වන අවස්ථාවේ එහි සිටි සියලු‍ දෙනාගේම ජීවිත බේරාගෙන ඇති බව ද වාර්තාවල දැක්වේ. එම වාර්තාවට අනුව නැව නොගැඹුරු මුහුදු පත්ලේ ගැටී ඇති බවත් ඉන් පසු නැව ඉදිරියට සහ පසුපසට ගනිමින් නැව යළි ගැඹුරු මුහුදට යොමු කිරීමට ගත් උත්සාහයේ දී නැව සිදුරුවී අනතුරට පත්වූ බවත් මේ වාර්තා අනුව පැහැදිලිය.

නැව අනතුරට ලක්වූ දිනවලදීම ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වී මුහුද රළු වීම හේතුවෙන් එහි තිබූ වටිනා භාණ්ඩ බේරාගත නොහැකි වූ බව ද දැක්වේ. මේ වනවිට මීටර 11ක් ගැඹුරු මුහුදේ රැඳී තිබෙන මේ නෞකාව වැලිවලින් වැසී තිබීම හේතුවෙන් එහි තිබූ භාණ්ඩ තවමත් සුරක්ෂිතව ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

රුක්ෂාන් ප්‍රියනන්දන මහතා මෙසේ පැවසීය.

“මේ නැව තිබෙන ගැඹුර අනුව එයට බැහැලා වටිනා භාණ්ඩ ගැනීමට 1980 ට පෙර කාලයේ කිමිදුම් පහසුකම් නොමැති කාලයේ හැකියාවක් තිබෙන්නට නැහැ. ඉන් පසු යුදමය වාතාවරණය නිසා මේ නැවට කවුරුවත් බහින්න ගිහින් නැහැ. ආතර් සී. ක්ලාක් ඇතුළු කණ්ඩායම නැව ගැන සොයා බැලු‍වත් නැව ගිලී ගිය ස්ථානය ගැන තිබූ වැරදි තොරතුරු නිසා ඔවුන්ටත් එය සොයාගත නොහැකි වුණා. ඒ නිසා මේ නැවේ ද්‍රව්‍ය තවමත් මුහුදේ වැලිවලින් වැසී ඇතැයි අපි සිතනවා.”‍

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු මේ නැවේ ගවේෂණ කටයුතු තවදුරටත් සිදුකරති. ඔවුන් පවසන්නේ මේ සොයාගැනීම ලෝකයේම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය සළකුණක් වන බවයි.

"ලංකාදීප"
සටහන සජීව විජේවීර
ඡායාරූප රසික මුතුකුමාරණ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,306 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top