Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
ගනේගොඩ යක්ෂ‍යා ටිකිරි කුමරු ලෙසින් මිනිස් ආත්මයක් ලබා පරංගි බලකොටුවලට පහර දුන් හැටි

- ගනේගොඩ යක්ෂ‍යා ටිකිරි කුමරු ලෙසින් මිනිස් ආත්මයක් ලබා පරංගි බලකොටුවලට පහර දුන් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,625 Views
අවුරුදු 15 දී සේනාංකයක් භාර දුන්නා......

කුමරු උපන් දිනයේ කොළඹ පරංගි කොටුව දෙදරා ගියා......

සීතාවක යුගයේ යක්ෂයන් පිළිබඳ ඇදහිලි ඉතා ප්‍රචලිතව පැවතුණි. සීතාවක හා ඒ අවට ප්‍රදේශයේ ජනතාව බියට පත් කළ යක්ෂයෙක් අටළුගම වෙලේ නුග රුකක ජීවත් වූ බවට ජනප්‍රවාදයේ එයි. මේ අටළුගම පිහිටා ඇත්තේ අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ලට ආසන්නවය. මෙය රාජධානියේ ආරක්‍ෂක ගම්මානයකි. පෘතුගීසීන් විසින් මෙම මුර කුටි ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේය. අට්ටාල තිබූගම අටළුගම වූයේ මේ ආකාරයටය.

මේ අටළුගම නුගරුකේ සිටි යක්ෂයා කෝට්ටේ බුවනෙකබාහු රජතුමාගේ බිසවට ආරූඪ විය. එක්තරා බෞද්ධ භික්ෂුවක් විසින් ඒ යකා එලවා දැමූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ඉන් අනතුරුව යක්ෂයා බිසවගේ කුස පිළිසිඳ ගත් බවයි කියැවෙන්නේ. ටිකිරි කුමරු ලෙස උපන්නේ මෙම ගනේගොඩ යක්ෂයාය. කුමරු උපන් දිනම කොළඹ පරංගි කොටුව දෙදරා ගිය බවට ජනතාව අතර මතයක් පවතී. ටිකිරි කුමරු අති දක්ෂ සටන්කරුවකු වූයේ පෙර භවයේ යක්ෂ ආත්මය නිසාය.

ටිකිරි කුමරු දොළොස් හැවිරිදි වියේදී රණ බිමට අවතීර්ණ විය.

මායාදුන්නේ රජුට සිටි පුතුන් තිදෙනාගෙන් බාලම දරුවා වූයේ මේ ටිකිරි කුමරුය. ඔහු ජනතාව අතර ප්‍රචලිත වීමට මූලික හේතුව වූයේ අති දක්‍ෂ සටන්කරුවකු වීමය. ජනප්‍රවාදයට අනුව ඔහු මායාදුන්නේට දාව නාටිකාංගනාවියකගේ කුසින් බිහිවූ දරුවෙකි. මහියංගම විහාරයේ ඇති පුස්කොළ පොතකට අනුව ටිකිරි කුමරු පෙතියාගොඩ පිස්තාමෙස්ත්‍රි සිංහල කීර්ති රාජපක්‍ෂ බාතිරාජ වන්නියාරට දාව මායාදුන්නේ බිසව ලත් දරුවෙකි.

අවුරුදු 12 දී රණබිමේ අත්දැකීම් ලද ටිකිරි කුමරු කඩුව, පලිහ, දුන්න, තුවක්කුව, ඇතුන් හා අශ්වයන් මෙහෙයවීම ආදී අංශයන්හිද අති දක්‍ෂයකු විය. වයස අවුරුදු 15 දී සේනාංකයක් භාර දුන්නේය. ටිකිරි කුමරු රේස් පිටිය වටා අශ්වයා පදින විට කුමරු සිටින ස්ථානය සොයා ගැනීම අසීරුය. සමස්ත වළල්ලම එකම අශ්ව වළල්ලක් සේ දිස්වෙන නිසාය. ඔහු අශ්වයා පැදවූ වේගය ඒ තරම්ම අධිකය.
 
ටිකිරි කුමරු කුඩා කල සීතාවකදී ඇතෙක් කුලප්පු වී ඇත. ඇත්ගොව්වෝ මෙන්ම ජනතාවද හිස් ලූ ලූ අත දිවූහ. මේ කුමාරයා මාර්ගය අසල පිහිටි පුවක් ගසක් මතට නැග ඇතා ඒ යටින් දුවන විට උගේ පිට මතට පැනගති. ඇතුන් මෙල්ල කිරීමේ නිල කලාව දැනගෙන සිටි කුමරු ඇතාගේ හිසේ නිලවලට එල්ල කරන ලද පහරවල් වලින් ඇතා මෙල්ල කරගති.
මෙවැනි දක්ෂතා නිසා ටිකිරි කුමරු කෙරේ ජනතා ආකර්ෂණය වැඩි විය.

මේ සියලූ දස්කම් පෙර භවයේ යක්ෂයකුව සිටි නිසා ඇති වූවක් බවයි ජනතාව විශ්වාස කරන්නේ.

මෙකී ජනප්‍රවාදයට අනුව ගනේගොඩ යක්ෂයා ටිකිරි කුමරු ලෙසින් ඉපදී රට ජාතිය රැකදී ගනේගොඩ දෙවියන් නමින් දේව ආත්මයක් ද ලබා ඇති බවයි කියැවෙන්නේ.

"දිවයින"
ඩබ්. එම්. විජේරත්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,690 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  690 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,294 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,825 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,595 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,621 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,324 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,040 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top