Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
"දුම්රිය පෙට්ටියකට රහසේ නැග ගැනීම, ජර්මානු හමුදා භටයෙකුට ආමාරු නැහැ" - හතලිස් වසරකට පසු, බිරිඳගේ ඉල්ලීමට සිය සැඟවුණ ජීවිත කතාව ලොවට හෙළි කළ හිට්ලර්ගේ අවසන් සෙබළා - Photos

- "දුම්රිය පෙට්ටියකට රහසේ නැග ගැනීම, ජර්මානු හමුදා භටයෙකුට ආමාරු නැහැ" - හතලිස් වසරකට පසු, බිරිඳගේ ඉල්ලීමට සිය සැඟවුණ ජීවිත කතාව ලොවට හෙළි කළ හිට්ලර්ගේ අවසන් සෙබළා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,041 Views
ආරක්‍ෂිත වැට යටින් පිටතට රිංගායාම අසීරු නොවන බව ගාට්නර්ගේ අදහස වුණා.......

ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව නිසා ජර්මානු සම්භවය සඟව ගන්න අපහසු වුණේ නැහැ......

අතීතය හෙළි නොකරන්නේ නම් දික්කසාද වන බවට තර්ජනය කිරීමද සිදුවිය.......

ලෝකය තම අණසකට යටත් කර ගැනීමේ අභිලාෂයෙන් දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ කළ හිට්ලර් සිය බිරිඳ ඊවා බ්‍රෝන් සමගින් 1945 අප්‍රේල් 30 වන දින ජර්මනියේ බර්ලින් නගරයේ ෆියුරබන්කර් නම් සිය භූගත මූලස්ථානයේ සිට සටනේ අවසන් තීරණාත්මක තීන්දුව ගැනීමට සූදානම් වෙමින් සිටියේය. මේ මොහොත වන විට නැගෙනහිරින් සෝවියට් රතු හමුදාවත් බටහිරින් ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවත් බර්ලිනය වටකර සිටියෝය. පස්වරු 3.30 ට ආසන්න වේලාවකදී හිට්ලර් සහ ඊවා බ්‍රෝන් සියදිවි නසාගත් අතර හිට්ලර් අනුව යමින් තවත් නායකයන් පිරිසක්ද සියදිවි නසා ගන්නා ලදිි.

1945 මැයි 02 වන දින සෝවියට් රතු හමුදා බර්ලීනයට තීරණාත්මක අවසන් ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ජර්මන් හමුදා සෝවියට් හමුදාවන්ට යටත් වූ නමුත් තම පරම සතුරු කොමියුනිස්ට්වාදීන්ට යටත්වනවාට වඩා බටහිර සගයන් වෙත යාම යෙහෙකැයි සැලකූ විශාල පිරිසක් බටහිරට පසුබැස ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ට යටත් විය.

මේ වන විටත් ජර්මන් යුද සිරකරුවන් 450000 පමණ එක්සත් ජනපදය පුරා විසිරුණ සිර කඳවුරු 700 ගාල්කර සිටියහ. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම යුද සිරකරුවන්ගෙන් 7 දෙනෙකු හැර අන් සියල්ලෝම නැවත ජර්මනිය වෙත ගෙන යන ලද නමුත් ඇමෙරිකාවේ රැඳීමට කැමැත්තක් දැක්වූ සිරකරුවන් 7 දෙනෙක් කඳවුරුවලින් පැන ගොස් විශාල ඇමෙරිකානු භූමියේ අතුරුදන් වූහ. පසුව මෙම පිරිසෙන් 6 දෙනෙකු සොයා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ආරක්‍ෂක අංශ සමත් වූ නමුත් එක් පුද්ගලයෙක් පමණක් තවදුරටත් සොයාගත නොහැකි විය.

1985 වසර වන තෙක් වසර 40 ක් ඇමෙරිකානු ආරක්‍ෂක, අංශ ඔත්තුකරුවන් සහ ආගමන විගමන නිලධාරීන් මගහරිමින් ඇමෙරිකාව තුළ සැඟවුන ජීවිතයක් ගත කරන ලද මෙම සොල්දාදුවා ජෝර්ජ් එම්. ගාට්නර් නම් විය. 1985 සිය බිරිඳගේ බලකිරීම මත ඇමෙරිකානු බලධාරීන්ට යටත් වන විට ඔහු සාර්ථක ලෙස වසර 40ක් සිය සැඟවුන ජීවිතය ගතකර තිබිණි.

ජර්මානු හමුදාවට බැඳීම සහ අප්‍රිකා කෝප්ස් වෙත අනුයුක්ත වීම

1920 දෙසැම්බර් 18 වන දින ප්‍රසියාවේ (ජර්මානු අධිරාජ්‍යයට අයත් ස්වාධීන රාජ්‍යයක් වූ ප්‍රසියාව 1918 දී ඔටෝ වොන් බිස්මාක් විසින් ජර්මනිය එක්සත් කිරීමේදී ජර්මනියට ඈඳාගන්නා ලද රාජ්‍යයකි.) ප්‍රාන්ත රාජ්‍යයක් වන පහළ සිලෙසියාවේ ෂ්වෙඩ්නිට්ස් ප්‍රදේශයේ (1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු සිලෙසියාව පෝලන්තයේ කොටසක් විය.) උපත ලද ජෝර්ජ් ගාර්ට්නර් පාසල් සමයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. දක්‍ෂ ක්‍රීඩකයෙක් සහ වර්ණ ලාභියෙක් වූ ගාට්නර් උසස් අධ්‍යාපනයෙන් සමාජයේ ඉහළට යාමට අධිෂ්ඨාන කරගෙන සිටි නමුත් වයස අවුරුදු 15 දී අවාසනාවන්ත ලෙස ඩිප්තෙරියා රෝගයට ගොදුරු වීම හේතුවෙන් සිය සිහිනය බොඳ කර ගත්තේය.

ජීවිතය පවත්වාගෙන යාම සඳහා රැකියාවක අවශ්‍යතාවය බලවත් ලෙස දැනුන බැවින් සහ ජර්මනිය දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහීව ඉදිරියට යන කාලයේ ඇති කළ රණකාමී හැඟීම විසින් පොළොඹවන ලද ගාට්නර් විසිවන වියේදී ජර්මන් හමුදාවට බැඳෙන ලදි. වඩා අන්තරායකාර නැගෙනහිර යුද පෙරමුණට යාමෙන් වැළකීම පිණිස 1942 වසරේදී ගාට්නර්නාසි සෙන්පති ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල් යටතේ වන අප්‍රිකා කෝර්ප්ස් වෙත ස්වේච්ඡාවෙන් එකතු විය. කාලතුවක්කු ඒකකයේ සැරයන්වරයෙකු ලෙස කටයුතු කළ ගාට්නර් ලිබියානු සටන් පෙරමුණේ සටන් කරන ලද අතර ඔහුගේ ඒකකයද ඇතුළත් ජර්මානු සටන් පෙරමුණ බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදා විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් අඩපණ කරනු ලදුව දිනකට සැතපුම් 50 ක් පමණ වේගයෙන් පසුබසින ලද බව පසුකලෙක සඳහන් කර තිබේ.

ඇමෙරිකානු හමුදා අත්අඩංගුවට පත්වීම

1943 මැයි මාසයේදී ගාට්නර් ඇතුළු ඉතාලි සහ ජර්මානු සොල්දාදුවන් 220000 ක පිරිසක් මිත්‍ර හමුදා විසින් ටියුනීසියාවේදී යටත් කරගන්නා ලද අතර, ගාට්නර් තවත් පිරිසක්ද සමග නිව් මෙක්සිකෝවේ ඩේමින් හී පිහිටි ඇමෙරිකානු රැඳවුම් කඳවුරක් වෙත යවන ලදී.

ඇමෙරිකානු රැඳවුම් කඳවුරු ජීවිතය පහසු නොවු නමුත් නැගෙනහිර පෙරමුණේ සෝවියට් රැඳවුම් කඳවුරුවලට වඩා සැප පහසු බව ගාට්නර් දැඩි ලෙස විශ්වාස කළේය. කොමියුනිස්ට් වාදී හමුදාවන්ගෙන් ජර්මන් සිරකරුවන්ට කුරිරු සැලකුම් ලැබෙනු ඇතැයි ඔහු සෑම විටම බිය පළ කළේය. 1945 දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසුව ඇමෙරිකානු භූමියේ රඳවා සිටි යුද සිරකරුවන් නැවත ජර්මනිය වෙත ගෙන යාම ආරම්භ වූ අතර සිලෙසියාව ඒ වන විට සෝවියට් බලය සහිත පෝලන්තයේ කොටසක්ව තිබුණ බැවින් තමන් සිලෙසියාවේ රැඳවුම් කඳවුරකට යවනු ඇතැයිද එහිදී රතු හමුදා භටයන්ගේ ද්වේශ සහගත වධබන්ධනයන්ට සහ නින්දාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු භීතියට පත්විය. මේ භීතිය හේතුවෙන් ජර්මනියට යවනු ලැබීමෙන් බේරී සිටීම සඳහා රැඳවුම් කඳවුරෙන් පැනයාම එකම විසඳුම බව ඔහු කල්පනා කළේය. ඒ අනුව පැනයාම පිණිස සැලසුමක් සකස් කිරීම ඔහු තනිවම ආරම්භ කළේය.

ඇමෙරිකානු රැඳවුම් කඳවුරෙන් පැන යාම

රැඳවුම් කඳවුරේ එක් මායිමකින් දුම්රිය මාර්ගයක් වැටී තිබූ අතර එය කැලිෆෝර්නියාව දක්වා ගන් කරන බව ගාට්නර් දැන සිටියේය. කඳවුරෙන් පැන ගැනීමෙන් අනතුරුව දුම්රිය මගින් ඇමෙරිකාවේ අභ්‍යන්තරයට ගමන් කිරිම ආරක්‍ෂාකාරි වන බව බව අවබෝධ කරගත් ගාට්නර් දුම්රිය ගමන් වාර නිරික්‍ෂණය කරන්නත් වේලාව පිළිබඳ සටහන් තබාගන්නත් කටයුතු කලේය.

කඳවුරේ ආරක්‍ෂිත වැට යටින් පිටතට රිංගායාම අසීරු නොවන බව ගාට්නර්ගේ අදහස වූ නමුත් කාල පරතරයක් සහිතව අඛණ්ඩව සිදුකෙරෙන පිරික්සුම් පහන්වල ආලෝක ධාරා වලින් බේරී පිටතට යාම පැනයාමේ කාර්යයේ වැදගත්ම කොටස බව ඔහු වටහා ගත්තේය.

ඒ අනුව දින ගණනාවක් පිරික්සුම් ආලෝකධාරා එල්ල කෙරෙන රටාව පිළිබඳ අවධානයෙන් සිටි ඔහු ආලෝක ධාරා වාර දෙකක් අතර කාල පරතරයත් ආරක්‍ෂිත වැටෙන් පිටතට බඩගා යාමට ගතවන කාලයත් ගණනය කර වේගයෙන් ක්‍රියාත්මක වුවහොත් ආලෝකධාරාවක් එල්ලවීමෙන් පසු ඊලඟ ආලෝකධාරාව එල්ලවීමට පෙර ආරක්‍ෂිත වැටෙන් රිංගා ගොස් රේල් පාරට ගොඩවීමට හැකි බව නිගමනය කළේය.

කඳවුරට ආසන්න රේල් පාරේ නිතර ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කඳවුර ආසන්නයේදී සෙමෙන් ගමන් කරන බවත් එවැනි දුම්රිය පෙට්ටියකට රහසේ නැග ගැනීම පුහුණුව ලත් ජර්මානු හමුදා භටයෙකු වන තමාට අසීරු කාර්යයක් නොවනු ඇති බවත් ඔහුගේ නිගමනය විය. ඒ අනුව ජෝර්ජ් ගාට්නර් තම මනස තුළ පමණක් වූ පැනයාමේ සැලසුම සම්පූර්ණ කරන ලද අතර ඔහු එය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවදානම් සහිත තීරණය ස්ථීර කර ගත්තේය.

1945 සැප්තැම්බර් 24 වන දින රාත්‍රියේ කඳවුරේ අනෙක් සගයන් චිත්‍රපටයක් බැලීම සඳහා රොක් වී සිටියත් ගාට්නර් එයට එක් වූයේ නැත. බොහෝ අවස්ථාවලදී ඔහු තනිවම කාලය ගත කිරීමට කැමැත්තක් දක්වන බව සගයන් දැන සිටි බැවින් ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේද නැත.

පැනයාමට තෝරාගත් බඩු දුම්රියේ වේලාව ළංවන තෙක් ඔහු අඳුරේම හොරගල් අහුලමින් වැට අසල සිටියේය. දුම්රිය ඈතින් එන හඬ ඇසුන වහාම ක්‍රියාත්මක වූ සිරකරුවා පිරික්සුම් ආලෝකධාරාවක් එල්ල වීමෙන් පසු අනෙක් ආලෝකධාරාව එල්ල වීමට පෙර මීයෙකු සේ ආරක්‍ෂිත වැට යටින් බඩගා ගොස් අඳුරේ ගිලී අතුරුදන් විය. මද වේලාවකින් කැලිෆෝර්නියාව දක්වා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ තට්ටුවක් මත ගාට්නර් දිගාවී සිටි නමුත් දුම්රියේ රියදුරු හෝ ආරක්‍ෂක නිලධාරින් ඒ බවට හාංකවිසියක්වත් දැන සිටියේ නැත.

ගාට්නර්ගේ අතුරුදන්වීම කඳවුරු බලධාරීන්ට මෙන්ම සිරකරුවන්ටද බලවත් ගැටලූවක් විය. ඔහු සමග එකට රඳවා සිටි සිරකරුවන්ගෙන් ප්‍රශ්න කෙරුණ නමුත් ගාට්නර් තම සිතැඟි කිසිවිටෙක ඔවුන් හා පවසා නොතිබුණ බැවින් ඔහු පැන ගිය බව කිසිවෙකු දැන සිටියේ නැත. අනතුරුව පැන ගිය සිරකරුවා අල්ලා දෙන මෙන් ඉල්ලා ගාට්නර්ගේ ඡායාරූපය යොදන ලද "WANTED '' යනුවෙන් සඳහන් පෝස්ටර් ඇමෙරිකාව පුරා ප්‍රදර්ශනය කිරීමට එෆ්.බී.අයි. නිලධාරින් පියවර ගත්හ.

කැලිෆෝර්නියාවේ සැඟවුන ජීවිතය

පැය 20 කට ආසන්න දුම්රිය ගමනකින් පසු ගාට්නර් කැලිෆෝර්නියාවෙන් බැසගන්නා අතර මිලියන ගණනක් වන කැලිෆෝර්නියානු වැසියන් අතරට එකතු වේ. කැලිෆෝර්නියාවේ එවකටත් තිබූ බහු සංස්කෘතික වාතාවරණය තුළ ගාට්නර්ගේ ජාතිකත්වය විශේෂ අවධානයක් ලැබෙන කාරණයක් නොවූ අතර චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තිබූ බැවින් ඔහුගේ ජර්මානු සම්භවය සඟවා ජීවත්වීමට ඔහුට වැඩි අපහසුවක් නොවීය.

ඔහු මුලින්ම ”පීටර් පීටර්සන්” යන නමින් නෝර්වීජියානු සංක්‍රමණිකයෙකු ලෙස අඟවමින් ගොවිපළවල කම්කරුවෙකු ලෙස රැකියාව කරමින් ජීවත් වූ නමුත් ටික කාලයකට පසු ”ඩෙනිස් වයිල්ස්” යන නම භාවිතා කරන්නට පටන් ගත්තේය. එම නමින් කැලිෆෝර්නියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගන්නටද ගාට්නර් සමත් විය.

දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ ගාට්නර් තම රැකියාවට අමතරව හිම ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය. 1952 ජනවාරි මාසයේ එක් දිනක් ගාට්නර් සියෙරා නෙවාඩා හි හිම ක්‍රීඩා පුහුණු කරමින් සිටින අතරතුරදී ඒ අසලින් ගමන් කළ සැන් ෆ්‍රැන්සිස්කෝ බලා ගමන් කරන මගී දුම්රිය හිම කුණාටුවකට හසුවී අනතුරට පත් විය. මගීන් බේරා ගැනීම සඳහා එම ස්ථානයට වේගයෙන් පැමිණි හිම ක්‍රීඩාකරුවන් අතර ගාට්නර්ද ඉදිරියෙන්ම සිටියේය. ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් අදාළ කථාවද සමග ලයිෆ් සඟරාවේ පළවී ප්‍රසිද්ධියට පත් විය. එෆ්.බී.අයි. ආයතනයට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් ලෙස ඇමෙරිකාව පුරා ගාට්නර්ගේ ඡායාරූපය ප්‍රසිද්ධ කර තිබුණ නමුත් ලයිෆ් සඟරාවේ පැහැදිලිව මුහුණ හඳුනාගත හැකි ලෙස ඔහුගේ ඡායාරූපය පළවී තිබියතදීත් ගාට්නර් හඳුනා ගැනීමට කිසිවකු සමත් නොවීම පුදුමයට කරුණක් විය.

විවාහ දිවියට ඇතුල්වීම

ඩෙනිස් වයිල්ස් වේශයෙන් සිටිමින් ජින් ක්ලාර්ක් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක හා පෙමින් බැඳුන ගාට්නර් 1964 වර්ෂයේදී ඇය හා විවාහ දිවියට ඇතුළත් විය. 1984 වන තෙක් වසර 20 ඇය හා සාමකාමී විවාහ ජීවිතයක් ගතකළ නමුත් ඩෙනිස් වයිල්ස් කිසිවිටෙක ජීන් මුණගැසීමට පෙර කාලය පිළිබඳව කථා නොකිරීම ඇයට මහත් ප්‍රහේලිකාවක් විය. ලොව කොතැන වුවත් ස්වාමියා පිළිබඳ බිරිඳකගේ හැසිරීම එක හා සමාන වන බව කියාපාමින් ඇයගේ ප්‍රශ්න කිරීම් 1984 වන විට වඩාත් තීරණාත්මක වූ අතර අතීතය හෙළි නොකරන්නේ නම් දික්කසාද වන බවට තර්ජනය කිරීමද සිදුවිය. අවසානයේ ඩෙනිස්ට තෝරාගැනීම් දෙකක් තිබිණි. එනම් සිය අනන්‍යතාවය සදාකාලිකව සඟවාගෙන බිරිඳගේ දික්කසාදයට ඉඩදීම හෝ ඇයට දිනුම දී සත්‍ය හෙළිදරව් කිරීමයි. ඩෙනිස් දෙවැන්න තෝරාගත් අතර ජීන්ට තම අතීතය හෙළිදරව් කරන ලදි.

හෙළිදරව් කිරීම

ජීන් ගේ ඉල්ලීම වූයේ තවදුරටත් සැඟවී සිටිමින් මානසික පීඩාවන් විඳිනු වෙනුවට තම අනන්‍යතාවය හෙළිිදරව් කර සිත සැහැල්ලූ කර ගනිමින් ජීවිතයේ අවසාන කාලය නිදහසේ ගත කිරීම සිදුකරන ලෙසයි. තම බිරිඳගේ බලවත් පෙරුත්තය පිට සැබෑ ජීවිතයට නැවත පිවිසීමට තීරණය කළ ගාට්නර් ”ද ටුඩේ ෂෝ” ලෙස හැඳින්වෙන ඇමෙරිකානු රූපවාහිනී උදා විකාශන වැඩසටහනක නිවේදකයෙකු වන ”බ්‍රයන් ගැම්බෙල්” සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මගින් සිය සැඟවුණ ජීවිතය ලොවට දිග හැරීමට කටයුතු කළේය. මෙම හෙළිදරව්ව සිදුකරන විට ගාට්නර් 64 වන වියේ පසු විය.

රූපවාහිනී වැඩසටහන විකාශනයෙන් පසු තම පැරණි යුද සිරකරුවා පිළිබඳ ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනයේ අවධානය යොමුවූ අතර පසුව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගාට්නර් පිළිබඳ නීතිය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. එයට හේතු වශයෙන් ගාට්නර් කිසිදු අපරාධයකට සම්බන්ධ බවට හෙළිදරව් වී නොතිබීමත් ඔහුගේ කැමැත්ත නොසලකා ඇමෙරිකානු හමුදාව විසින් ඔහු එරටට රැගෙන විත් තිබීම හේතුවෙන් ඔහු නීති විරෝධී සංක්‍රමණිකයෙකු ලෙස සැලකිය නොහැකි වීමත් ඔවුන් ඉදිරිපත් කළේය. ඇමෙරිකානු බලධාරින් ගාට්නර් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කටයුතු නොකළ හෙයින් ඔහුට තවදුරටත් ඇමෙරිකාවේ ජීවත්වීමට අවස්ථාව ලැබිණි.

ජීවිත කථාව පොතක් ලෙස පළ කිරීම

1985 දී පමණ ගාට්නර් තම අපූරු ජීවිත කථාව පොතක් ලෙස පළ කිරීමට අදහස් කළේය. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ ටෙක්සාස් ”ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයේ”ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු "ආර්නොල්ඩ් ක්‍රාමර්" මහතාය. ඒ අනුව මහාචාර්ය ආර්නොල්ඩ් ක්‍රාමර් මහතාගේ සහ ජෝර්ජ් ගාට්නර්ගේ සම කතෘත්වයෙන් යුක්තව ”හිට්ලර්ස්” ලාස්ට් සෝල්ජර් ඉන් ඇමෙරිකා නම් පොත 1985 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදි. ”ස්ටයින් ඇන්ඩ් ඩේ” ප්‍රකාශනයක් වූ මෙම පොත ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ අතර පසුව ලොව පුරා භාෂා කිහිපයකට පරිවර්තනය වී තිබේ.

අවසානය

තම ජීවිත කථාව පොතක් වශයෙන් පළ කිරීමෙන් ලද ආදායමත් ප්‍රසිද්ධියත් හේතුවෙන් ගාට්නර්ට ජීවිතයේ සැඳෑ සමය කරදර වලින් තොරව සැනසීමෙන් ගත කිරීමට ඉඩ සැලසුණි. ඔහුට 2009 වසරේදී ඇමෙරිකානු නිල පුරවැසිභාවය ලැබුණ අතර වසර 92 ගත කිරීමෙන් පසු 2013 වසරේ ජනවාරි 30 වන දින ජෝර්ජ් ගාට්නර් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ලව්ලන්ඩ් හිදී අවසන් හුස්ම හෙළනු ලැබීය.

"දිවයින"
නන්දජීව සූරියබණ්ඩාර




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,312 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,543 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,501 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,412 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top