Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
22
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 433ක් දක්වා ඉහළට - Video

- දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 433ක් දක්වා ඉහළට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,147 Views
දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 433 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හැරුණු කොට චීනයෙන් පිටත වාර්තාවන ඉහළම ආසාදිත සංඛ්‍යාවයි.

ඒ සමඟම දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබදව සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සමීප අධීක්ෂණයේ නිරත වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දකුණු කොරියාවෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයන් එකසිය හතලිස් දෙදෙනෙකු වාර්තා වූ අතර, දෙවන මරණය ද වාර්තා වී තිබෙනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වෙසෙන ඩේගු නුවර තත්ත්වය පිළිබදව අවධානයෙන් සිටින බවයි.

දකුණු කොරියාවේ සිටින 20,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් දහසකට ආසන්න පිරිසක් රැදී සිටින්නේ ඩේගු නුවරයි.

සෝල් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර ඇති පරිදි මෙතෙක් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැහැ.

කෙසේ නමුත්, ශ්‍රී ලාංකික ප්‍රජාවට සහය ලබා ගැනීම සඳහා සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දුරකථන අංක 3ක් ද හඳුන්වා දී තිබෙනවා. 0082 - 2-735-2966, 0082-2-735-2967සහ 0082-2-794-2968 එම දුරකථන අංකයි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණයට ලක් වනවා.

ඉන් 4 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර, එක් අයෙක් ප්‍රතිකාර ලබන්නේ කුරුණෑගල මහ රෝහලේයි.

මේ අතර, කොරියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයත් සමග ගුවන්තොටුපලේ ආරක්ෂණ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,333 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,998 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,574 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top