Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
22
ආදරණීය පියාගේ දෑත් මතම අවසන් හුස්‌ම හෙළා නොඑන ගමන් ගිය විහඟ - දඹුල්ල මාරක අනතුරින් දිවි අහිමි වූ දරුවාගේ සංවේදී කතාව - Video & Photos

- ආදරණීය පියාගේ දෑත් මතම අවසන් හුස්‌ම හෙළා නොඑන ගමන් ගිය විහඟ - දඹුල්ල මාරක අනතුරින් දිවි අහිමි වූ දරුවාගේ සංවේදී කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,716 Views
අනතුර සිදුවන මොහොතේ ඔහු සිටියේ රියදුරු ළඟ..
කිත්සිරි දරුවා දෑතට ගෙන උදව් ඉල්ලලා කෑ ගැහුවා..
ආකාලයේ සමුගත් විහඟ, පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක්..
 
දඹුල්ල, යාපාගම ජය මාවතේ පදිංචි කිත්සිරි අරියරතන හා ක්‍රිෂානි ඉමේෂා යන දෙපළට දරුවන් දෙදෙනෙකි. විහඟ ගිම්හාන් වැඩිමල් දරුවාය. දෙවැනි දරුවා නීතික සංදේශ ය.
 
ඔවුන් සිව්දෙනා තම ගම්මානයේ හා සුමංගලපුර ගම්මානයේ තවත් පිරිස්‌ සමග ශ්‍රී පාද වන්දනාවේ යැමට දඹුල්ලෙන් පිටත් වූයේ උදෑසන 6.00 ට පමණය. මේ වන්දනා ගමනට යැමට පෙර ආසන්නයේම පිහිටි දඹුලු විහාරයට මෙන්ම ශ්‍රී විෂ්ණු දේවාලයට ද ගොස්‌ ඔවුහු ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නොකළහ.

බස්‌ රථය ගමන් ආරම්භ කරන මොහොත වන විට ප්‍රදේශය පුරා මඳ වැසි බර කාලගුණයක්‌ පැවැතිය ද කතිකා කරගත් පරිදි ගමන යැමට සියලුම දෙනා ලක ලෑස්‌ති වී සිටියහ. යාපාගම ප්‍රදේශයේම චාරිකා සඳහාම කා අතරත් ජනප්‍රිය වජිරගේ බස්‌ රථයෙන් ගමන යැමට කවුරුත් පාහේ කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ ඔහු පළපුරුදු රියෑරෙක්‌ නිසාවෙනි.
 
මුහුණට මුහුණලා ගැටීමට ගිය බස්‌ රථය පාලනය කර ගන්නා විට බස්‌ රථ දෙකේම රියෑදුරු අසුන් පිහිටි ආසන්නයෙන්ම වාගේ ගෑවී නොගෑවී බස්‌ රථය ධාවනය කරවීමට උත්සහා දරුවත් වජිර ධාවනය කරමින් තිබූ බස්‌ රථයේ පිටුපස තමන් මොහොතකට ඉස්‌සර කළ පිටි තොගය රැගත් කන්ටේනටරය ගැටුණි.
 
ඒ මහා හඬක්‌ නංවමිනි. ඇසිල්ලකින් ඉදිරියෙන් පැමිණි මඩකලපුව බස්‌ රථයේ ද ගැටී මහා හඬක්‌ නඟමින් බස්‌ රථ දෙක නතරවිණි.
 
තුවාලකරුවන් මර ලතෝනි දෙමින් කෑ ගසන විට කිත්සිරි වහාම අවධානය යොමු කළේ තමා සමග බස්‌ රථයේ අසුනේ වාඩිවී සිටි විහඟ පුතා ගැනය. බස්‌ රථය අනතුර සිදුවීමට මොහොතකට පෙර මවගෙන් හා පියාගෙන් අවසර ගෙන විහඟ තමා හොඳින් දන්නා හඳුනන බස්‌ රථයේ රියෑරු වජිර මාමා අසලටම ගියේය.
 
අනතුරත් සමග සුළු තුවාල ලබා කිත්සිරි තම පුතා සොයා බැලූ නමුත් විහඟ පුතා දක්‌නට හිටියේ නැත. බස්‌ රථයෙන් එළියට පැන සොයා බලන විට විහඟ පුතා සිටියේ බස්‌ රථයෙන් ඉවතට විසිවී බරපතළ තුවාල ලබා ය. කිත්සිරි වහාම තම දරුවා දෑතට ගෙන උදව් ඉල්ලා කෑ ගසා සිටියේය.
 
ඒත් සමගම යතුරුපැදියක්‌ ගෙන පැමිණි අයකු ඔහුට පිහිට විය. ඔහුගේ යතුරුපැදියේ පිටුපස අසුනේ නැඟී තම දරුවාද රැගෙන නාලන්ද රෝහලට යනවිට තම දෑත් මත විහඟ අවසන් ගමන් ගොසිනි.
 
මව ක්‍රිෂානි බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබේ.
 
විහඟගේ මල්ලී සංදේශ ද තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. දඹුල්ල ප්‍රාථමික විදුහලේ දීප්තිමත් දරුවකු ලෙස ඉගෙනුම් කටයුතු කළ විහඟ එම පාසලේ ශිෂ්‍ය නායකයකු විය.
 
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලට ගොස්‌ සති කීපයකි.

දිවයින





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,528 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,528 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top