Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
කඩවත පොලිස් කොස්තාපල්ගේ ඝාතනය ගැන සැකකරුවෙකු සිදුකළ පාපොච්චරණය මෙන්න - අනියම් බිරිඳත් ඝාතනයට හවුල් බවට සැකයක් - Video

- කඩවත පොලිස් කොස්තාපල්ගේ ඝාතනය ගැන සැකකරුවෙකු සිදුකළ පාපොච්චරණය මෙන්න - අනියම් බිරිඳත් ඝාතනයට හවුල් බවට සැකයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,601 Views
මේක කළේ ලොකු අම්මාගේ කීම මතයි..
ඝාතනය කරන්න කලින් ලොකු අම්මා එතනට ආවා..
පැහැරගෙන ගිය අයුරු දැක්වෙන CCTVත් එළියට..
 
දින හතරකට පෙර පැහැර ගැනුණු කඩවත පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොස්තාපල්වරයාගේ සිරුර අද පන්නල, වේරහැර, බුළුගොඩ ප්‍රදේශයේ තිබියදී සොයාගත්තා.
 
පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාව ද මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ ප්‍රත්‍රයෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක අතර එම කාන්තාවගේ සහෝදරියගේ පුත්‍රයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පැහැර ගැනීමට ලක්වූ කඩවත පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැනුණේ කැලණිය කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමක් අතරතුරයි.
 
ඒ, යක්විල ප්‍රදේශයේ අතහැර දැමූ පෞද්ගලික ඉඩමක ළඳු කැළැවක් තුළ තිබියදි.
 
පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ අදාළ කොස්තාපල්වරයා දැඩි ලෙස පහරදීමෙන් ඝාතනය කර ඇති බවයි.
 
සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කැලුම් හෙට්ටිගමගේ මහතා විසින් පස්වරුවේ සිදුකළා.
 
අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැගෙන ගියේ කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙතයි.
 
ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, 37 හැවිරිදි වියේ පසුවන ඔහු දෙදරු පියෙක්.
 
මේ අතර, පොලිස් කොස්තාපල්වරයා පැහැර ගැනීමට භාවිත කළේ යැයි සැක කෙරෙන ත්‍රිරෝද රථය ද පන්නල ප්‍රදේශයේ සොයා ගත්තා.
 
අදාළ ත්‍රීරෝද රථය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බව පොලිසිය සොයාගෙන තිබෙනවා.
 
ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා පසුගිය 17 වැනිදා අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා.
 
අදාළ පැහැරගැනීම CCTV කැමරාවක සටහන්ව තිබුණා.
 
අදාළ කොස්තාපල්වරයා මෙලෙස පැහැර ගැනීමට ලක්වුණේ මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඩී. මංජු නැමැත්තාගේ ඥාති කාන්තාවක් සමඟ වත්තල - හුණුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිට පිටතට පැමිණි අවස්ථාවේදී.
 
පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම පැහැර ගැනීම සිදුකළ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
 
එම පිරිස අතර පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවගේ ප්‍රත්‍රයෙකු වන බන්ටි නමැත්තා ද සිටි බව පොලිසිය අනාවරණ කරගත්තා.
 
තවදුරටත් අනාවරණ වුණේ පැහැර ගැනුණු කොස්තාපල්වරයාව රැගෙන ගොස් ඇත්තේ ඔහු අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවගේ නැගනිය පදිංචි පන්නල ප්‍රදේශයට බවයි.
 
එම අවස්ථාවේදී බන්ටි නැමැත්තා විසින් මත්කුඩු ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින තම පියාට ජංගම දුරකථනයෙන් වීඩියෝ ඇමතුමක්ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
 
අදාළ දුරකථන සංඥා ඔස්සේ සිදු කළ විමර්ශන අනුව පොලිසිය පන්නල, කංකානියාමුල්ල රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කළ අතර එහිදි රුධිර පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කිරීමට හැකිවුණා.
 
නමුත් දින කිහිපයක් විමර්ශන සිදුකළද පැහැර ගැනුණු කොස්තාපල්වරයා සොයාගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ.
 
කෙසේ වෙතත් පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාව පැවැත්වූ කාන්තාවගේ නැගණියගේ පුත්‍රයා වන සුද්දා අදාළ පැහැර ගැනීමේ සිද්ධිය වූ පසුගිය 17 වැනිදා අලුයම ඔහුගේ ඥාතියෙකුට ලබාදුන් දුරකථන ඇමතුමක් ඔස්සේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළ අතර, අදාළ ඥාති පුද්ගලයා කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඔහු පොලිස් ස්ථානයේ සිටියදී සුද්දා යළි දුරකථන ඇමතුමක් ගෙන බැංකු ගිණුමක අංකයක් ප්‍රකාශ කර සඳහන් කර ඇත්තේ මත්කුඩු මිලදී ගැනීම සඳහා රුපියල් දසදහසක මුදලක් අදාළ ගිණුමට බැර කරන ලෙසයි.
 
එම ගිණුමේ දත්ත පරීක්ෂා කළ පොලිසිය පසුව පන්නල යක්විල ප්‍රදේශයේ නිවසක් වැටලූ අතර එහිදී මත්කුඩු පානය කරමින් සිටි සුද්දා නැමැත්තා අත්අඩංගුවට ගත්තා.
 
එම අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ඝාතනය කෙරුණු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සැඟවීමට සහය දුන් පුද්ගලයෙකු බවට සැකකෙරෙනවා.
 
පොලිස් අත්අඩංගුවේ පසුවන සුද්දා හෙට දිනයේ පන්නල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර ඔහුගේ මව ද අදහස් පළ කළා.
 
මේ අතර, පොලිස් අත්අඩංගුවේ පසුවන සුද්දා නමැත්තා පාපොච්චාරණයක් සිදු කරමින් පවසා ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතාව පැවැත්වු තම ලොකුඅම්මාගේ ඉල්ලීම මත මෙම ඝාතනය සිදුකළ බවයි.
 
එසේම, කොස්තාපල්වරයා ඝාතනය කිරීමට ප්‍රථම සිය ලොකුඅම්මා එම ස්ථානයට පැමිණි බව ද ඔහු සඳහන් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
 
ඔහු පවසා ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා සිය ලොකුඅම්මාගෙන් මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් කළ බලපෑම් මෙම ඝාතනයට හේතු වූ බවයි.
 
කෙසේ වෙතත් පොලිස් කොස්තාපතල්වරයා පැහැර ගැනීමට සම්බන්ධ 20 හැවිරිදි බන්ටි නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
 
ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතාව පැවැත්වූ කාන්තාවගෙන් පොලීසිය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,347 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,706 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,376 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,790 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  792 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top