Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
"ඔහු මගේ බෙල්ල මිරිකාගෙන සිටියා. අවසානයේ 'අනේ මාව මරන්න එපා' කියලා මං පිංසේණ්ඩු වුණා.." - තම මවගේ ඝාතකයා සොයා ගිය පුත්‍රයෙක් ගැන ලොවක් සංවේදී කළ කතාව - Photos

- "ඔහු මගේ බෙල්ල මිරිකාගෙන සිටියා. අවසානයේ 'අනේ මාව මරන්න එපා' කියලා මං පිංසේණ්ඩු වුණා.." - තම මවගේ ඝාතකයා සොයා ගිය පුත්‍රයෙක් ගැන ලොවක් සංවේදී කළ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,512 Views
"ඔහු මගේ මව ඝාතනය කරද්දි මට අවුරුදු 13යි.."
සැන්ඩ්‍රා ලේ විලක් මැද වැටිලා ඉන්නවා මම දැක්කේ...
"එයා මිනීමරුවෙක්. මගේ අම්මව අමු අමුවේ මරා දැම්මා.."
 
රිචඩ් ජෝන් නොහොත් ලූකන් එංගලන්තයේ ජනප්‍රිය සාමිවරයෙක්. ඉකුත් දිනෙක ඔහු හිටිහැටියේ අතුරුදහන් වුණා. ලූකන් සමිවරයාගේ අතුරුදහන් වීම සමඟ එංගලන්තය පුරා නොයෙකුත් කටකතා පැතිර ගියා.
 
සමහරු කීවේ ලූකන් මිනීමරුවෙකු බවයි. ඒ නිසා කිසිවකු විසින් ඔහුව ඝාතනය කරන්නට ඇති බව ඔවුන් පැවසුවා. එහෙත් තවත් අය කීවේ ඔහු කොහෝ හෝ රටක සැඟව සිටින බවයි.
 
ලූකන් සාමිවරයාගේ රුවට සමාන රුවක් ඇති ඇයෙකු සැන්ෆ්‍රැන්සිස්කෝ හා මැඩගස්කර් දූපත් වලදී දකින්න ලැබුණු බවත් තව පිරිසක් සඳහන් කළා.

මේ නිසා ලූකන් සාමිවරයාගේ අතුරුදහන් වීම එංගලන්තයේ බොහෝ අයට ගෙන දුන්නේ ප්‍රශ්නයක්.
 
ඇත්තෙන්ම සාමිවරයා මිනීමරුවෙක්ද ඒ නිසා ඔහු දිවි නසාගෙන ඇති ද නැතහොත් කවුරු හෝ ඔහු මරා දැමුවේද එසේත් නැත්තම් ජීවතුන් අතරද? සාමිවරයා කුමන හෝ තැනක ජීවත් වනවා නම් ඔහු සැඟව සිටින්නේ ඇයි? ඔහු අතින් ඝාතනයක් සිදු වූ නිසාද?
 
පොලිසිය මේ ගැන විමර්ශන අරඹා සිටියදී ඔහුගේ බිරිය වන වෙරෝනිකා ඩන්කන් පොලිසියට කීවේ වෙනම කතාවක්. ඇය පළමු ලෝක යුද්ධයේදී සම්මාන ලැබූ හමුදා නිලධාරියෙකුගේ දියණියක්.
 
වෙරෝනිකාට ලූකන් හමුවන්නේ අහම්බයෙන්. ඒ ඇය සිය සොයුරිය වූ ක්‍රිස්ටිනාගේ නිවසට පැමිණි විටයි. එදින ඇති වූ කතාබහ කෙළවර ලූකන් හා වෙරෝනිකාගේ විවාහය සිදුවුණා.
 
ඔවුන්ගේ විවාහය සාර්ථක එකක් වූයේ නැහැ. එහෙත් දරුවන් දෙදෙනෙකු ලැබීමෙන් අනතුරුව සියල්ල ඉවසා දරාගෙන ලූකන් සමඟ ජීවත් වීමට ඇය තීරණය කළා.
 
ඉතාම අපහසුවෙන් හා නොයෙකුත් තාඩන පීඩන මැද වසර එකොළහක් ජීවත් වූ ඇය ඉන් අනතුරුව ලූකන්ගෙන් නීත්‍යානූකූලව වෙන් වුණා. ඒ ලූකන් දරුණු ලෙස මත්පැනට හා සූදුවට ඇබ්බැහි වී සිටි නිසයි.
 
බිරියගෙන් වෙන් වූ ලූකන් ඔහුගේ මහගෙදර අසළ කුඩා නිවසක ජීවත් වුණා. ඒ තදින් මත්පැන් පානය කරමිනුයි. දිනක් ලූකන් තමා මරා දැමීමේ අදහසින් නිවසට පැමිණි බවත් එහෙත් වැරදීමක් ඔහු අතින් මැරුම් කෑවේ දරුවන් බලා ගැනීමට සිටි 29 හැවිරිදි මෙහෙකාරිය බත් ඇය පොලිසිය හමුවේ සඳහන් කළා. මේ මෙහෙකාරිය නමින් සැන්ඩ්‍රා.
 
තම ස්වාමි දියණිය සමඟ රූපවාහිනිය නරඹමින් සියි සැන්ඩ්‍රා පහත මාලයට ගියේ ස්වාමි දියණියට තේ කෝප්පයක් පිළියෙල කිරීම සඳහා යි.
 
අතරමඟදී ලූකන් ට සැන්ඩ්‍රා මුණ ගැසුණා. ඒ දික්කසාද වූ බිරිය වෙරෝනිකා බව සිතූ ලූකන් ඇගේ හිසට යකඩ පොල්ලකින් පහර දී තිබුණා.
 
"ඒ වෙනකොට මගේ දරුවෝ කාමරවල නිදාගෙනයි හිටියේ. සැන්ඩ්‍රා ලේ විලක් මැද වැටිලා ඉන්නවා මම දැක්කේ. එයා ඒ වෙනකොටත් මැරිලා.."
 
සැන්ඩ්‍රාගේ මරණය ගැන විමර්ශනවලින් පසු පොලිසිය අනාවරණය කරගත්තේ ලූකන් වාහනයකට නැගී පලාගොස් ඇති බවයි. ඔහු පළා ගිය මෝටෝරිය සසෙක්ස් ප්‍රාන්තයේ නිව්සවුත් නගරයේ අත්හැර දමා ගොස් තිබියදී සොයා ගත් අතර රිය පරීක්ෂා කිරීමේදී ලේ තැවරුණු යකඩ පොල්ලක්ද පොලිසියට හමුවුණා. එතැන් පටන් ඔහු අතුරුදහන් වුණා.
 
පොලිසිය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් වෙරෝනිකා මෙසේ පැවසුවා.
 
"පහත මාලයේ ශබ්දයක් ඇහිලා මම පහළට යනකොට කවුදෝ කෙනෙක් මගේ පසුපසින් ඇවිත් මොකද්දෝ ආයුධයකින් මට පහර දුන්නා. මම කෑ ගැහුවා. එතකොට මගේ පිටිපස්සේ සිටිය තැනැත්තා 'කට වහපන්' කියලා මට කිව්වා. මම ඒ හඬ සැමියාගේ බවට හඳුනගත්තා. අත්මේස් පැළඳ සිටි ඔහු මගේ බෙල්ල මිරිකාගෙන සිටියා. මමත් ඒ වෙලාවේ එයා සමඟ සටන් කළා. අවසානයේ 'අනේ ජෝන් මාව මරන්න එපා' කියලා පිංසේණ්ඩු වුණා. පස්සෙ ඔහු මාව අත්හැරියා. මා ලවාම වතුර වීදුරුවක් නේන ගෙන එක උගුරට දෙකට බිව්වා. වැරදීමකින් එයා අතින් සිදුවුණු අපරාධය ගැන එයා මට කිව්වා. 'මම මෙතනින් පැනලා යනවා. මං ගැන හොයන්න එපා' කියලා.."
 
එතැන් පටන් වසර ගණනක් යනතුරු ලූකන් සාමිවරයා ගැන තොරතුරක් ලැබුණේ නැහැ.
 
එහෙත් ලූකන් සාමිවරයා සිය දිවි හානි කරගත්තේද නැතහොත් ඔහු කොහේ හෝ රටක සැඟවී සිටි ද යන්න මුළු එංගලන්තයටම අබිරහසක් වූ අතර කාලයත් සමඟ ඒ මතකය කාගේත් සිත් තුළ වියැකෙමින් පැවතුණා.
 
එහෙත් එක් අයකුට පමණක් එය අමතක කළ නොහැකි වුණා. ඒ මිය ගිය සැන්ඩ්‍රාගේ එකම පුතු නීල් බෙරිමන්ටයි.
 
52 හැවිරිදි වියේ පසු වූ නීල්ගේ ජීවිතයේ එකම අරමුණ වූයේ තම මවගේ මිනීමරුවා සොයා ගැනීමයි. ලූකන් සාමිවරයා මරණයට පත් ව ඇතැයි කියන පුවත විශ්වාස නොකළ ඔහු ලූකන්ගේ රුවට සමාන අය ගැනත් සොයන්නට වුණා.
 
මතකයෙන් ඈත්වුණූ ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු පවතින ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහයද ලබාගත් නීල් මාධ්‍ය හමුවක් කැඳව්වා.
 
"මම හොඳටම දන්නවා ලූකන් කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා..."
 
"ලූකන් කියන්නේ මහා වංචාකාරයෙක්. එයා මිනීමරුවෙක්. මගේ අම්මව අමු අමුවේ මරා දැම්මා.."
 
නීල්ගේ මවගේ ඝාතනය සිදු වන විට නීල් ඉතාම කුඩා අවදියේ පසු වූ අතර වයස 13ක් වූ පසු තමාගේ මව සැන්ඩ්‍රා බවත්, ඇය ලූකන් සාමිවරයා අතින් ඝාතනය වූ බවත් ඔහු දැනගත්තා. එදා පටන් නීල්ගේ අරමුණ වුණේ ලූකන් සොයා ගැනීමයි. ඒ සඳහා ඔහු පවුම් 30, 000 ක මුදලක් වැය කොට පුද්ගලික රහස් පරීක්ෂකයන්ගේ සහය ද ලබා ගත්තා.
 
ලූකන් සාමිවරයා මියගිය බවට පවතින පුවත මෙන්ම ඔහු රට සැඟවී සිටින බවට කියන පුවත් වාර්තා සියල්ලද විමර්ශනය කළ නීල් අවසානයේදී ලූකන් ඕස්ට්‍රේලියාවේ සැඟව සිටින බව සොයාගත්තා.
 
නීල් පවසන අන්දමට පර්ත් නගරයේ රැඳ සිටින ලූකන් මේ වන විට 85 වන වියේ පසුවන බවත් ඔහු දැන් බෞද්ධ භික්ෂුවක් ලෙස භාවනා කටයුතුවල යෙදෙමින් රෝගාතුර තත්ත්වයෙන් පසු වනවා.
 
මෙසේ ජීවත් වන ඔහු අන් කවරෙකු නොව තම මවගේ ඝාතකයා බවම නීල් සනාථ කරනවා. ඔහුව අධිකරණයට ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු පවසනවා.
 
මේ අතර 80 වන වියේ පසුවූ ලූකන්ගේ බිරිය වෙරෝනිකා පසුගියදා සිය නිවසේදී මරණයට පත්ව තිබුණා.
 
ඇය මරණයට පත් වීමට සතියකට පෙර බ්‍රිතාන්‍යයෙ ඩේලිමේල් පුවත්පත ඇගේ ජීවන තොරතුරු සියල්ල හෙළි කර තිබුණා.
 
රෝහණ ආර්යරත්න
රිචඩ් ජෝන් නොහොත් ලූකන්ගේ ඡායාරූපයක් පහතින් බලන්න..

Lord Lucan (pictured) is alive! Or so claims a building contractor called Neil Berriman. And why should we listen to Mr Berriman?
 
ලූකන්ගේ බිරිඳ වූ වෙරෝනිකා 80 හැවිරිදි වියේදී ජීවිතයෙන් සමුගත් අතර ඇය තරුණ අවදියේ හා අවසන් අවදියේ ඡායාරූප කිහිපයක් පහතින්..


 
ලූකන්ගේ ගොදුර බවට පත්ව අන්තිම ගමන ගිය සැන්ඩ්‍රාගේ ඡායාරූපයක් පහතින් බලන්න..


 
මව ඝාතනය වෙද්දි 13 වන වියේ පසුවූ සැන්ඩ්‍රාගේ පුතා නීල්.. (පහත ඡායාරූප.) (මොහු සිය මව වෙනුවෙන් පවුම් 30, 000කට එහා අහිමි කරගෙන තිබුණා.)


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,306 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top