ස්‌ත්‍රී දූෂණයක් සිදු නොවූ බව දැරිය පවසලා......
පාරේ පාළු තැනක දැරිය හා සැකකරු සිටියදී අත්අඩංගුවට පත්වෙලා......
රාත්‍රි තමා ළඟ නිදා ගත් වයස අවුරුදු 15 යි මාස 03 ක් වන දියණිය රාත්‍රි 10.30 ට පමණ තමන් අවදි වී බලන විට නොසිටි බව කියමින් ආරච්චිකට්‌ටුව පදිංචි මවක් ආරච්චිකට්‌ටුව පොලිසියට පැමිණිලි කරමින් කියා තිබෙනවා.
9 වසරේ ඉගෙනුම ලබන මෙම දියණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව දැනගන්නට ලැබී එදින රාත්‍රි ඇයට අවවාද කළ බවට පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් කාන්තා උප පොලිස් පරීක්‌ෂක රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් විමර්ශන කරමින් සිටියදී පාරේ පාළු තැනක දැරිය හා සැකකරු සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය පොලිසියේදී ප්‍රකාශයක් ලබා දෙමින් ස්‌ත්‍රී දූෂණයක් සිදු නොවූ බව කියා ඇති බව පැවසෙනවා.
වින්දිත දැරිය ඇයගේ මව භාරයේ හලාවත මහ රෝහලට වෛද්‍ය පරීක්‌ෂණයක් ලබා ගැනීම සඳහා ඇතුළු කර තිබෙන අතර සැකකරු හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
"දිවයින"
ඒ. යූ. ගුණපාල