Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
කොරෝනා වෛරසය විතරක් නෙමෙයි ඕනෑම වෛරසයක් බෝ වෙන්නේ පුද්ගලයා තුළ පවතින ප්‍රතිශක්තිය අනූවයි -ආයුර්වේද වෛද්‍ය සංජිවනි සිල්වා කියයි

- කොරෝනා වෛරසය විතරක් නෙමෙයි ඕනෑම වෛරසයක් බෝ වෙන්නේ පුද්ගලයා තුළ පවතින ප්‍රතිශක්තිය අනූවයි -ආයුර්වේද වෛද්‍ය සංජිවනි සිල්වා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75 Views
නව කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය කියන්නේ ලොවක් බිය ගැන්වූ වෛරසයක් බවට පත් වෙලා. මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවධානයත් ඒ දෙසට යොමු වෙලා තිබෙනවා. මෙවැනි වෛරසයක් ඇති වූ මොහොතක ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම පවතිනවාද යන්න දන ගැනීම සදහා අප කොලඹ දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජිවනි සිල්වා මහත්මියව සම්බන්ධ කරගත්තා. ඇය ඒ පිළිබදව පවසන්නේ මෙවැන්නක්.

මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනයි. බොහෝ රෝගී අවස්ථාවන්ට බටහිර ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මේ කොරෝනා වෛරස් තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පවතිනවාද..?
ආගන්තුක හේතුවක් මත ඇති වෙන රෝගී තත්වයක් හැටියටයි වෛරස් රෝග අප. හදුන්වන්නේ. කොරෝනා කියන්නෙත් එවැනි රෝගී තත්වයක්. නම විතරයි වෙනස් වෙන්නේ. නමුත් එයත් එක් වෛරස් ප්‍රභේදයක්. අපි සාමාන්‍යයෙන් උණ රෝගී තත්වයක රෝග ලක්ෂණමයි මෙවැනි වෛරස් රෝගී තත්ත්ව සදහා මතු වෙන්නේ. එතකොට සමස්ථ වෛරස් තත්ත්වයන්ට කොයි විදිහටද ප්‍රතිකාර කරන්නේ.ඒ වගේ මෙයටත් ප්‍රතිකාර කරනවා.ඒ වගේම කියන්න ඕන ආයුර්වේද වෙළෙදසල්වල තිබෙනවා ගුගුල්, අග්ලි, වදකහ කෑලි, දුම්මල, කොහොඹ කොළ, අබ ඇට මේවා සියල්ල ගෙන දුමායනය කළොත්, ඒ කියන්නේ දුම් ඇල්ලුවොත් බෝවන රෝගවලින් මිදී ඉන්න පුළුවන්.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙය හදුන්වන්නේ කොයි විදිහටද..?
පැතිරෙන රෝග තත්ත්ව හදුන්වනු ලබන්නේ ජනොපාදොද්වංශ රෝග යටතටයි. මම කලින් කිව්වා වගේ වෛරස් විවිධ නම් වලින් හැදින්වුවත් ඒවා වසංගත රෝග අංශයට තමයි ඇතුලත් වෙන්නේ.

චීනයේ පැතිර යන කොරෝනා වෛරසය මෙරටට බලපෑමක් නැහැ කියලද ඔබ කියන්නේ..?
බලපෑමක් නැහැ. නමුත් රෝගය රටතුලට ඇතුල් වීම හා බෝ වීම ගැන අවධානමක් තියෙනවා. අපි නිතරම ඕනෑම බෝවන රෝගයකට සුදානමක් තියෙන්න ඕන. අපේ රටේ සියලුම සෞඛ්‍ය අංශ ඕනෑම රෝග බෝවීමක්, පැතිරීමක් ගැන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ජනතාව දැනුවත් වෙමින් රෝග නිවාරණ කටයුතු සදහා යොමු වෙන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යංශය වගේම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගිනුත් ජනතාව දැනුවත් කරනවා.

ඒවගේම ජනතාව දැණුවත් කරන සෞඛ්‍ය පුරුදු තියෙනවා. ඒ සෞඛ්‍ය පුරුදු ජනතාව ක්‍රියාත්මක කරන්න ඕන.

වෛරස් රෝගයක් බෝ වීම සිදු වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින ප්‍රතිශක්තිය අනුව කිව්වොත්..?
ඔව් එය ඇත්ත.ඕනෑම වෛරස් රෝගයක් බෝවීම වෙන්නේ පුද්ගලයකුගේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිය අනුවයි. රෝගවලට ඔරොත්තු දීමේ සිරුර බලවත් ප්‍රතිශක්තියක් තිබෙන කෙනෙකුට කිසිම වෛරස් රෝගයක් ආසාධනය වන්නේ නැහැ. ඒ නිසා කොරෝනා, සාස්, ඩෙංගු වැනි වෛරස් වගේම වෙනත් වෛරසයක් වේවා ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත තමයි රෝගියකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ හෝ බෝ වූ පසු එය සුව වීමේ ප්‍රවණතාවය අඩුවැඩි වන්නේ.

ඒ නිසා අපේ ජනතාව ඕනෑම රෝගයකට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ඒ කියන්නේ ශරීර ශක්තිය වැඩි කරන දේශීය ආහාර පාන ලබා ගන්න ඕන. මෝරූ පානය, තැම්බුම් හොදි, කොල්ලුවානම, මෙනේරි, තනහාල් කැද වගේ දේවල් ශරීර ශක්තිය වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම කියන්න ඕන ප්‍රතිශක්තිය වැඩි කරගන්න කියලා රෝගය බෝ වුනාට පස්සේ කටයුතු කරලා වැඩක් නැහැ. ඊට පෙර සුදානමක් තියෙන්න ඕන. ඒ නිසා නිතරම ශක්තිජනක ආහාර පාන ලබා ගැනීම වැදගත් වෙනවා.

බොහෝ බටහිර ඖෂධ වැඩිවශයෙන් හෝ දිනපතා භාවිතා කිරීම මගින් අතුරු ආබාධ එහෙමත් නැති නම් වකුගඩු වැනි රෝග වැළදීමේ අවධානම ඇති බවට මතයක් පවතිනවා. ආයුර්වේද ඖෂධ ලාබා ගැනීමේදී මෙවැනි අතුරු ආබාධ එන්නේ නැද්ද..?
ඕනෑම දෙයකට ලබා දෙන ඖෂධ අධි මාත්‍රාව අනුව ලබා ගත්තොත් කාලයක් යනකොට විවිධ අතුරු ආබාධ හෝ වෙනත් රෝග වැළදීමේ අවධානමක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් තිබෙනවා. දියවැඩියාවට කියලා ඇතැම් අය කොතල හිබුටු වැනි ඖෂධිය දේවල් ලබා ගන්නවා දිනපතා. එහෙම දිනපතා භාවිතා කිරීම සිදු කරන්න හොද නැහැ. අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීම කරන්න ඕන.

හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top