පරකඩුව පොහොරබාව ප්‍රදේශයේ හිඳගල නැමති පතලකින් අලුත් අවුරුදු සමයේ වටිනා නිල් මැණිකක් හමුවී තිබෙනවා.
එය රුපියල් කෝටි 200ක් පමණ වටිනා බව වාර්තා වෙයි.
අවුරුදු හේතුවෙන් ඇති කලබලකාරී වාතාවරණය හමුවේ මේ නිල් මැණික කුරුවිට ප්‍රදේශයේ අන්තර්ජාතික මැණික් ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 18ක් වැනි අඩු මුදලකට මිලදී ගෙන තිබෙනවා.
එය විකිණූ බව කියන පිරිස මෙන්ම මැණික් ගල මිලදී ගත් ව්‍යාපාරිකයාත් මේවන විට ප්‍රදේශයෙන් අතුරුදන්ව බවයි වාර්තා වන්නේ.
මේ නිල් මැණික හමුව තිබෙන්නේ බලපත්‍ර රහිතව හොරට කැපූ පතලකින් නිසා එය නීති විරෝධී බැවින් පිරිස සැඟවෙන්නට ඇති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.