Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
නුගේගොඩ අනුලා විද්‍යාලයේ, විදුහල්පතිනිය සිදුකළ අක්‍රමිකතා ගැන හෙළිදරව්වෙන් පසු, ආදි ශිෂ්‍ය සංගමය, විගණන නිලධාරින්ට බලපෑම් කළ හැටි එළියට එයි - Video

- නුගේගොඩ අනුලා විද්‍යාලයේ, විදුහල්පතිනිය සිදුකළ අක්‍රමිකතා ගැන හෙළිදරව්වෙන් පසු, ආදි ශිෂ්‍ය සංගමය, විගණන නිලධාරින්ට බලපෑම් කළ හැටි එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,339 Views
ජනමාධ්‍ය, ඉගෙනගත්ත මිනිස්සු මේ වෙනුවෙන් කතා කරන්න ඕනි..
අදාළ නිලධාරින්ට විරුද්ධව කල්ලි ගැහිලා පිකටින් කරන්න අරන්..
මේ ගැන මම දැඩිව ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වනවා..
 
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන වාර්තාවක් සකස්කල විගණන නිලධාරින් හට බලපෑම් කරමින් විරෝධතාවයේ නිරත පිරිස්වලට එරෙහිව නීතිපතිවරයා සමග සාකච්ඡා කර නුදුරේදීම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විගණකාධිපතිවරයා පවසනවා.
 
මේ අතර විරෝධතා පවත්වමින් විගණන නිලධාරීන්ට සිදුකළ බලපෑම පිළිබදව ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය ලිපියක් මගින් කතානායක කරූ ජයසූරිය මහතාද දැනුවත් කර තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රිශංගිකා මහත්මිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේම වාර්තා කළා.
 
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසලට සිසුන් ඇතුලත් කර ගැනීම, අවිධිමත් ආකාරයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, නවක සිසුවියන්ගෙන් මුදල් හා ද්‍රව්‍යමය ආධාර ලබාගැනීම, ව්‍යාජ මිල කැඳවුම් ඉදිරිපත් කිරීම, වාහන අවභාවිතාව, ව්‍යාජ යතුරක් කපා විගණනයට අදාල ලිපිගොනු පාසලේ අල්මාරියකින් ඉවතට ගැනීම ඇතුළු චෝදනා රැසක් ඇයට එරෙහිව ඉදිරිපත් වී තිබෙනවා.
 
අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් යැයි පැවසෙන පිරිසක් Anula PPA නමින් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර අදාල විමර්ශනය සිදුකල නිලධාරීන්ගේ නම්, ගම්, ඡායාරූප යොදා ගනිමින් ඔවුන් සිදුකල විමර්ශනය හා විමර්ශන වාර්තාව දැඩිලෙස විවේචනයට ලක්කෙරෙනු දක්නට ලැබුණා.
 
මේ ආකාරයට විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ස්වාධීනත්වයට බාධා කරමින් අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය සිදුකරන බලපෑම පිළිබදව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ලිපියක් මගින් කතානායක කරූ ජයසූරිය මහතා දැනුවත් කර තිබෙනවා.
 
ලිපිය මගින් ඔවුන් කථානායකවරයා හට පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව විසින් පනවන ලද ව්‍යවස්ථාපිත කාර්ය භාර්යක් ඉටු කරන රාජ්‍ය විගණනයට බාධා කිරීම පාර්ලිමේන්තුවට සිදුකරන අපහාසයක් බවයි.
 
මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 62 වන සංවත්සර රැස්වීමේදීද අදහස් පළ වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,334 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,998 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,574 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top