හාලිඇල, ඌව විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 68 දෙනෙකු හා ගුරුවරුන් 07 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගී වී තිබෙනවා.
ඔවුන් පොලොන්නරුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව රාත්‍රී නවාතැන් ගැනීමට පැමිණ තිබුණේ ගෝමරන්කඩවල - මැදවච්චිය, සුරුළු මහමුනියාව රජමහා විහාරස්ථානයටයි.
විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සිසුන් පිරිස දියනෑම සඳහා මැදවච්චිය වැව වෙත ගොස් තිබෙනවා.
සිසුන් පිරිසක් වැව් ඉස්මත්ත මත සිටියදී දියනෑම සඳහා වැවට බැස සිටි සිසුන් 7 දෙනෙක් දියේ ගීලී අනතුරට ලක්වුණා.
ඉන් සිසුන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුද හමුදාව, පොලිසිය හා ගම්වාසීන් එක්ව සිසුන් 3 දෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළා.
තවත් ගම්වාසියෙකු පැවසුවේ දියනෑම සදහා ආරක්ෂිත ස්ථානයක් පෙන්වා සිටියදී ඔවුන් අනාරක්ෂිතව දියනෑම සඳහා වැව වෙත ගමන් කළ බවයි.
චාරිකාවට එක් වු නියෝජ්‍ය විදුහල්පතිවරයා සිද්ධිය පිළිබද මෙලෙස අදහස් පළ කළා.
දියේ ගිලීමෙන් මියගිය සිසුන්ගේ මෘත ශරීර යුද හමුදාව හා පොලිසියේ මැදිහත්වීමෙන් ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ රාත්‍රියේ ගෙන එනු ලැබුවා.
දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ 15 හැවිරිදි අනුහස් සමාධි, උමේෂ් ශිහාර, නෙතික සන්ජිත්, අනුෂ අන්ජන යන සිසුන් සිව්දෙනායි.
මෙම අනතුර පිළිබඳ සැලවීමත් සමඟ සිසුන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඊයේ රාත්‍රියේ ඌව විද්‍යා විද්‍යාලය වෙත පැමිණ සිටියා.
අද පෙරවරුවේ රෝහල වෙත පැමිණි දෙමාපියන් හා ඥතීන් මියගිය දරුවන්ගේ සිරුරු හඳුනා ගත්තා.
මියගිය සිසුන් බදුල්ල ඇටම්පිටිය, හාලි ඇළ, නුවරගමුව, ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
පොලිසිය අද පෙරවරුවේ ඌව විද්‍යා විද්‍යාලය වෙත පැමිණ සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කළ අතර එහිදී පාසලේ ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන්ට බාධා කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්. රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. VIDEO