Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
ලෝකෙම පුදුම කරමින්, මඟීන් 5ක් අරන් විදුලි වේගයෙන් පියාඹන ටැක්සියක් ගැන තොරතුරු මෙන්න - Photos

- ලෝකෙම පුදුම කරමින්, මඟීන් 5ක් අරන් විදුලි වේගයෙන් පියාඹන ටැක්සියක් ගැන තොරතුරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,799 Views
සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි...
"මෙම යානය මඟීන්ට විශාල පහසුකම් ප්‍රමාණයක් සලසාවී..."
නව මාදිලියේ වාහන ගැන හිරුගොසිප් ගෙනෙන විශේෂාංගය..
 
කොයි තරම් කාර්යබහුල වටපිටාවක වුණත් නිදහසේ ගමන් බිමන් යන හැමෝම "තමන්ගෙම" වුණු වාහනයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි... ඒක අවම මිල සටහනකින් යුක්ත "සයිකල් කෑල්ලක්" වුණත් ඒ කෙනාට අවුලක් නැහැ.
 
දවසින් දවස නව මාදිලියේ වාහන, ලෝකය ආක්‍රමණය කරද්දි නවමු එක්කිරීම් සිදු කිරීමත් අද තරඟාකාරීත්වයත් එක්ක දැකබලා ගන්න පුළුවන්.
 
මේ අන්දමින්, විවිධ මාදිලියේ වාහන ගැන තොරතුරු හොයන්න බලන්න පෙළඹෙන ඔබ වෙනුවෙන් "හිරු ගොසිප්" අපි විශේෂාංගයක් ආරම්භ කරන්න තිරණය කළා.

විවිධ හැඩතලවලින් සහ නවමු තාක්ෂණය පෙරදැරි කරගෙන වාහන ලෝකය ආක්‍රමණය කළ තවත් සුපිරිම වාහනයක් ගැනයි මේ තොරතුරු..........
 
අපි සාමාන්‍යයෙන් ගමනක් යන්න ඕනි වුණාම "ටැක්සියකට" අඬ ගහනවා. ඒක ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකය පුරා දකින්න ලැබෙන සේවාවක්. ඒ සඳහාම වුණු ආයතන බොහෝමයක් වගේම ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් "ඇප්" පවා තියනවා. ලංකාවට අසල්වැසි ඉන්දියාවත් මේ ටැක්සි සේවාවන්හි පෙරමුණේ ඉන්නවා.
 
ගමන් බිමන් යන ඈයෝ තමන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මේ විදිහට "පොඩි කාර් එකක්", නැත්තම් "ත්‍රීවිල් එකක්" "හයර්" කරනවා.
 
හැබැයි මේ කියන්න හදන්නේ නම් වෙනස් විදිහේ "ටැක්සි" එකක් ගැන. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අත්තටු යුගළයකින් සමන්විත "පියාඹන ටැක්සිකාරයෙක්" ගැන.
 
මේ ගුවන් ටැක්සියට සැතපුම් 150ක වේගයෙන් සැතපුම් 60ක් දුර යන්න පුළුවන්. ඉදිරි අවුරුදු 5 ඇතුළත මේ ටැක්සි එක ගුවන්ගත කරන බවයි දැනගන්න ලැබෙන්නෙ.
 
"බෙල් නෙක්සස්" සමාගම විසින් නිමවූ මේ විශිෂ්ඨ නිර්මාණය "4 EX" ලෙස හඳුනා ගැනෙනවා.
 
වඩා වැදගත් වෙන්නේ, ලෝකෙම දන්න ටැක්සි සේවාවක් සමඟ හවුලේ ඔවුන් මේ දේ කරන්න යන එකයි. ඔන්න එතකොට මේ අයගේ ඉදිරි සැලසුම මහපාරේ දුවන "ටැක්සියක්" වෙනුවට ගුවනේ ගමන් කරන "ගුවන්ටැක්සියක්" මඟින් ජනතාවට පහසුකම් සැලස්වීමයි.
 
මේ නිර්මාණය නුදුරු අනාගතයේ විශාල පෙරළියක් සිදු කරාවී කියලා දැනට අනුමාන කෙරෙනවා. එමෙන්ම, මේ අරුම පුදුම යානය මිනිසුන්ගේ ගමනාගමනයට මහා උපකාර වනු ඇති බවත්, විවිධ මාදිලියේ ප්‍රවාහන පද්ධති එළිදැක්වීම තුළින් ජනතා ආකර්ශනය දිනා ගත හැකි බවත්, මෙය නිමවූ ආයතනයේ ප්‍රධානීන් සඳහන් කරනවා.
 
යානයේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය, ධාවන තත්ත්වය, යානයට බඩු පැටවීමේ හා ඉන් බඩු බෑමේ වේගය යනාදිය පිළිබඳ සියලු කරුණු දක්වන "බෙල් එයරෝ ඕ එස්" (Bell Aero OS) යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් කාර්ය පද්ධතියකටද මෙම "ගුවන් ටැක්සි" යානය හිමිකම් කියනවා.
 
සෘජුවම තිරස් අතට ගුවනට නැංවීමටත් එසේම සෘජුව බිමට බැස්සවීමටත් හැකි මේ යානයේ මඟීන් හතර දෙනෙකුට යා හැකියි. මෙය නිහඬ සහ ආරක්ෂාකාරී වන අතර පාවිච්චියට ඔරොත්තු දීමේ ශක්තියකින්ද යුක්තයි.
 
කවුරුන් හෝ මේ මඟින් "ටැක්සි සේවාව" ඇණවුම් කරනවා නම් අදාළ ලෝක ප්‍රකට සමාගම හරහා ඇණවුම් කළ හැකි අතර යානය ආසන්නම ගුවන් තොටුපළට පැමිණෙනවා.
 
බිමින් ධාවනය වන වාහනයකින් යෑමට පැය එකහමාරක් ගත වන ස්ථාන දෙකක් අතර දුර ප්‍රමාණය පියාසර කිරීමට මෙම යානයට ගත වෙන්නේ මිනිත්තු 30ක කාලයක් පමණක් වීම විශේෂත්වයක්.
 
නැවත හමුවෙමු...

Image result for full scale design of bell nexus air taxi 4EX concept at CES uberImage result for full scale design of bell nexus air taxi 4EX concept at CES uberImage result for full scale design of bell nexus air taxi 4EX concept at CES uber
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,311 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,540 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top