Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
20
"සඳමාලි ඇඳේ නිදි. මට මේකිගෙන් පළිගන්න හිතුණා..." - යමුනා සමඟ අනියම් පෙමක පැටලී, ඇගේ දියණියවත් අඹුකමට ගන්න ගිය ලැම්බට් සිදුකළ අහස පොළව නුහුලන අපරාධය - Video

- "සඳමාලි ඇඳේ නිදි. මට මේකිගෙන් පළිගන්න හිතුණා..." - යමුනා සමඟ අනියම් පෙමක පැටලී, ඇගේ දියණියවත් අඹුකමට ගන්න ගිය ලැම්බට් සිදුකළ අහස පොළව නුහුලන අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
කෑ ගහන්න එපා.. කෑ ගැහුවොත් මරනවා..
මම උඹට කිව්වා, මේක නවත්තන්න කියලා..
ඔයාගෙයි මගෙයි සම්බන්ධේ මහත්තයට ආරංචි වෙලා..
 
සමාජ සම්බන්ධතා තුළ බැඳුණු මිනිසුන් හා ගැහැණුන් සමාජය තුළ විවිධ භූමිකා රඟ දක්වනවා. විටෙක තමාගේ අරමුණු වෙනුවෙන් සමාජ ගණුදෙනුවේදී අනිකාව අසීමාන්තිකව රවටනු ලබනවා. තවත් විටෙක පාවිච්චි කරනු ලබනවා.
 
මෙවන් සමාජ වටපිටාවක් තුළ සිය පහත් ආශාවන් වෙනුවෙන් මවකට හා දියණියකට ජීවිත අහිමි කළ, පාපතරයෙකුගේ ජීවිතයට ඉව අල්ලන, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ යන හෝරාවයි මේ....
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

පොලිස් ස්ථානයක දුරකථනය නාද වීම සහ කාර්යබුහල වීම පුදුමයකට කරුණක් නොවේ. දුරකථනයට ලැබෙන ඔත්තු, පැමිණිලි, අපරාධ අතරේ එදා නම් පැමිණියේ ගමක් කම්පනය කළ පුවතක්. ඒ මවක් හා දියණියක් අමානුෂික ලෙස ඝාතනය කළ පුවතයි.
 
මවක් සහ දියණියක් සූරියවැව නිවසක් තුළ පිහියකින් ඇන ඝාතනය කළ පුවත පොලිසියටත් සැලවීමත් සමඟ පොලිස් අපරාධ විමර්ශන අංශය වහා ක්‍රියාත්මක වුණා.
 
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පැමිණ සිටි පිරිසගෙන් කට උත්තර ලබාගත්තා.

මේ එතැන් සිට පොලිස් පොතේ ලියවුණු එම අනුවේදනීය කතා පුවතයි.....
 
සූරියගම විසූ "වීරසේකර" මහතා රජයේ නිලධාරියෙකු වූ අතර ඔහුගේ බිරිඳ යමුනා නම් වුණා. ඔවුන්ගේ දියණිය වූයේ සඳමාලියි. සඳමාලි පවුලේ එකම දරුවා වූ හෙයින් වීරසේකරත් යමුනාත් ඇයට බෙහෙවින් ආදරය කළා. ඔවුන් ඉතා සාමකාමී ජීවිතයක් ගත කළ අතර ගම්වාසීන්ද ඔවුන් සමඟ සුහදව සිටියා.
 
ඉතා ප්‍රසන්න තරුණියක් වුණු සඳමාලිට තරුණයින්ගේ ඇල්ම බැල්ම නිරන්තර හිමි වුණත් සඳමාලිගේ හිත ගත්තේ නම් උපුල් පමණයි.
 
වීරසේකරත් යමුනාත් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළත් පවුල තුළ කාටත් වසං කළ රහසක් පිළිකාවක් මෙන් වැඩෙමින් තිබුණා.
 
වීරසේකර සිය වගකීම් බිරිඳ වෙනුවෙන් ඉටු කරනු ලැබුවත් යමුනා එයින් තෘප්තිමත් නොවුණු අතර ඇගේ අනෙකුත් අවශ්‍යතාවන් ඉටු කරගැනීමට ඇය අනියම් සම්බන්ධයකට යොමු වී සිටියා. ඔහු නමින් "ලැම්බට්" වුණා.
 
යමුනාගේ අනියම් සම්බන්ධය රහසක් ලෙස වැඩුණත් ඒ වනවිටත් බොහෝ දෙනෙක් ඒ ගැන දැන සිටියා. සඳමාලිගේ පෙම්වතා වූ උපුල් මේ ගැන සඳමාලිගෙන් විමසද්දි ඇය ඒ කතාව වෙනතකට යොමු කරන්නේ ඉතාමත් අසරණ මුහුණකින්. තමාගේ මව ගැන කෝපයකුත් පියා ගැන දුකකුත් ඇයට ඇති වුණු බව රහසක් නෙවෙයි.
 
සමහරක් අවස්ථාවල සඳමාලි මව සමඟ රණ්ඩු කරගත්තෙත් මේ සම්බන්ධය ගැන කියමිනුයි.
 
මේ සියල්ල අතරේ උපුල් සහ සඳමාලිගේ ආදර කතාව දැනගන්නා යමුනා එයට එකහෙළා විරුද්ධ වෙනවා. නමුත් වීරසේකර මෙම සම්බන්ධය දිහා බැලුවේ උපේක්ෂාවෙන්.
 
බිරිඳගේ අනියම් සම්බන්ධය ගැන වීරසේකටද ආරංචි වුණා. ඒ සෑම මොහොතකම ඉතා ඉවසීමෙන් යමුනා හා කතා කිරීමට උත්සහ කළත් එයින් ලැබුණු ප්‍රථිපලයක් නෑ.
 
මේ අතරතුර, යමුනා ලැම්බට් සමඟ රහසින් මේ සම්බන්ධය පවත්වාගෙන ගියත් කාලයාගේ ඇවෑමෙන් එය ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා.
 
පවුලේ ගෞරවය රැකගන්න පියා දරන උත්සහය දැක සඳමාලි ද මහත් වෙහෙසට මෙන්ම මව ගැන කළකිරීමකට ද පත්ව සිටියා.
 
වීරසේකර දැඩි මානසික පීඩනයෙන් කාලය ගත කළ අතර එක් දිනක හෘදයාබාධයක් වැළඳුණූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වුණා.
 
වීරසේකරගේ වියෝවෙන් පසු සඳමාලි පමණක් නොව යමුනාද නිවසේ තනිවූ අතර එය වැඩියෙන්ම දැණුනේ සඳමාලිටයි.
 
වීරසේකර මහතාගේ මරණය සිදුවී ටික කාලයක් ගතවෙද්දි යමුනාගේ හැසීරිමත් වෙනස් වුණා. රහසේ පැවති ඇගේ අනියම් සම්බන්ධය තවදුරටත් රහසක් නොවුණා සේම මවත් දියණියත් සිටින නිවසට පැමිණිමට ද ලැම්බට් පුරුදු වුණා.
 
ලැම්බට්ගේ හා මවගේ අශෝබන හැසිරීම නිසා සඳමාලි හිටියේ දුකකින් සහ තරහකින්. ඇය මවට කොපමණක් ආයාචනා කළත් ඵලක් වුණේ නැහැ.
 
තම සැමියාගේ වියෝවෙන් පසු දැණුනු අඩුව පුරවාගන්නට යමුනා ලද අවසරයෙන් ලැම්බට් හා දුකසැප බෙදාගැනීමට උනන්දු වුණා.
 
ලැම්බට්, යමුනා පමණක් නොව දුව සඳමාලිවද ග්‍රහණයට ගන්නට කුරුමාණම් අල්ලමින් සිටියා. නිතර නිතර ගෙදරට එන ලැම්බට් තමන් දෙස ගිජු දෑසින් බැලීමත්, සඳමාලිව තනි කරගන්නට දැරූ උත්සහයත් නිසා සඳමාලි මහත් අප්‍රසන්න හැඟීමකින් කාලය ගත කළා.
 
වේදනාවට පත් සඳමාලි තමන්ගේ ප්‍රේමය රැකගැනීමට උපරිම උත්සහ කළා.
 
සඳමාලිගේ ප්‍රේමයට විරුද්ධ වුණු යමුනා සඳමාලිව නිවාස අඩස්සියේ තබද්දි ලැම්බට් උපුල් හමුවී බහින්බස් වුණා. එසේ සිදු වුවත් උපුල් තම ප්‍රේමය නතර කළේ නැහැ.
 
සඳමාලි නිවසේ තනිවන මොහොතක් අල්ලන්න කුරුමාණම් අල්ලද්දි ලැම්බට්ගේ ඒ මොහොත උදාවූයේ ඔහුද නොසිතූ වෙලාවකයි.
 
යමුනාගේ නිවාස අඩස්සියේ කොටුවුණු සඳමාලි ළඟට කිට්ටු කළ පාපතර ලැම්බට්, තම පහත් ආශාවන් ඉෂ්ඨ කරගන්න උත්සහ ගනිද්දි සඳමාලි ඔහුට එරෙහි වෙමින් කෑ ගසන්නට වුණා.
 
කෑ ගැසීම ඇසුණු යමුනාද එම ස්ථානයට දිව එන අතර ඇය ලැම්බට්ගේ පිහි ඇනුමට මැදි වෙන්නෙ ඉන් අනතුරුවයි. උමතු ලෙස ලැම්බට් ඊළඟ පිහි පහරවල් කිහිපය එල්ල කළේ සඳමාලිටයි.
 
පොලිසිය සියුම්ව අපරාධ ස්ථානය නිරික්ෂණය කරද්දි "විකි" නම් වූ පොලිස් සුනඛයාද මේ පරීක්ෂණ සඳහා සහය වුණා. විකීගේ ඉව ඔස්සේ කැලෑවේ සැඟව සිටි ලැම්බට් සොයාගැනීමට පොලිසිය සමත් වුණා.
 
පොලිස් අත්අඩංගුවට පත්වුණු ලැම්බට් සියල්ල පාපොච්චාරණය කළා.
 
"අපි දෙන්නගේ කලක පටන් සම්බන්ධයක් තිබුණා. යමුනාගේ මහත්තයා හදිසියේ මැරුණා. මම නිතර එහේ ආවා ගියා. යමුනා නිතර කරදර කළා සඳමාලිගේ සම්බන්ධය නවත්තලා දෙන්න කියලා. කෙල්ල මාව හෑල්ලුවට ගත්තා. එදා මම බීලා හිටියේ. සඳමාලි ඇඳේ නිදි. මට මේකිගෙන් පළිගන්න හිතුණා..."
 
අපරාධකරුවන් ලුහුබැඳ යන හෝරාව, 'ඉව' - මෙම සම්පූර්ණ ක්‍රියාන්විතය පහතින් බලන්න....


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top