යම් උත්තේජකයක් ලබාගත් බවට තොරතුරු හෙළි වෙයි..
පශ්චාත් මරණ පරීක්ෂණයේදී එළියට ආපු සැකය..
පුද්ගලයා ඇඳ මතදීම අවසන් ගමන් ගිහින්..
වත්තේගම පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළදී හදිසියේ පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වෙත ලද දුරකථන ඇමතුමකට අනුව ස්ථානාධිපතිතුමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෝටලයට ගොස් විමර්ශන සිදුකරනු ලැබුවා.
ඒ අනුව කලක සිට පවත්වා ගෙන එන ලද ප්‍රේම සම්බන්ධතාවක් මත අනියම් ඇසුරක් පවත්වන ලද කාන්තාව සමඟ ඉකුත් 11 වැනි දින දහවල් කාලයේදී හෝටල් කාමරය වෙත පැමිණ ඇති අනියම් පුරුෂයා එහිදී ඇතිවු හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුකොට ගෙන කාමරයේ ඇඳ මතදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී මෙම පුරුෂයා තම අනියම් කාන්තාව සමඟ හෝටල් කාමරයේ සිටියදී යම් උත්තේජකයක් ලබා ගැනීමක් සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත පොලිස් නිලධාරින් විසින් මරණය සම්බන්ධයෙන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත්තුමා වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කිරීමෙන් පසු තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් සුදත් ගුණසේකර මහතා විසින් මරණය සිදුවූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මහනුවර අධිකරණ වෛද්‍යනිලධාරි තුමා වෙත ඉදිරිපත් කර මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.
පශ්චාත් මරණ පරික්ෂණ තීන්දුව අනුව මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් අතර, ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට වාර්තා ලබාගෙන මරණයට හේතුව සම්බන්ධව තීන්දුවක් ලබාදීමට නියමිතව තිබෙනවා.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.