කුවේටයේ හිටපු නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ෂෙයික් කාලිඩ් අල්-ජරා අල්-සබාට විදේශ ගමන් තහනම් කර ඇති බව වාර්තාවනවා.
හමුදා අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වීම හේතුවෙන් ෂෙයික් කාලිඩ් අල්-ජරා අල්-සබාට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගය නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු උප-ලේකම්, ජසාර් අල්-ජසාර්ට සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ටද විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.
"ලංකාදීප"
ජානක ප්‍රියදර්ශන ජයතිලක