ආයුධ සන්නද්ධව සිදු කළ මංකොල්ලයකට මැදි වූ ඇමරිකානු රැප් ගායන ශිල්පී “පොප් ස්මෝක්” වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සදහන් කර සිටිනවා.
සිය නිවසේ සිටි පුද්ගලයෙක්ට වෙඩි වැදී ඇති බවත් පසුව ඔහු මියගිය බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය ප්‍රකාශ කළ නමුත් එම පුද්ගලයාගේ අනන්‍යතාවය ප්‍රකාශයට පත් කර නැහැ.
අනපේක්ෂිත සහ ඛේදජනක ලෙස සිදු වූ පොප් ස්මෝක්ගේ වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව පොප් ස්මෝක්ගේ සංගීත ලේබලය වන “රිපබ්ලික් රෙකෝඩ්” නිවේදනය කර තිබෙනවා.
බටහිර හොලිවුඩයේ පිහිටි නිවසක මෙම මංකොල්ලය සිදු වී ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වූ බව යි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
බෂර් බරකා ජැක්සන් නමින් 1999 උපන් පොප් ස්මෝක් සිය පළමු ගීත ඇල්බමය වන “Meet The Woo” නිකුත් කළේ පසුගිය වසරේ දීයි.