Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
"මට පුළුවන් කමක් තියෙනවා නම් තනි අතින් හරි තරඟයක් දිනවන්න මම කටයුතු කරනවා" - ලසිත් මාලිංග සිය නායකත්වය ගැන කියන කතාව

- "මට පුළුවන් කමක් තියෙනවා නම් තනි අතින් හරි තරඟයක් දිනවන්න මම කටයුතු කරනවා" - ලසිත් මාලිංග සිය නායකත්වය ගැන කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,706 Views
මම කණ්ඩායම භාර ගන්නා අවස්ථාවේදීත් අපි ශ්‍රේණිගත කිරීම්වල සිටියේ අංක 9 ස්ථානයේ......

මම උත්සාහ කළා නවකයන්ට උපරිම අත්දැකීම් ලබාදෙමින් තරගාවලි ජයගන්න......

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 22 වැනිදා කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි - 20 නායක ලසිත් මාලිංග කියා සිටියේ, තමන් නායකත්වයෙන් ඉවත් කළද කණ්ඩායම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දීමට සූදානම් බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මාලිංග “මම කණ්ඩායම භාර ගන්නා අවස්ථාවේදීත් අපි ශ්‍රේණිගත කිරීම්වල සිටියේ අංක 9 ස්ථානයේ. කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලානයේදී සුදුසුකම් ලබා ගැනීමේ වටයක් ක්‍රීඩා කරන්න අපට සිදුවෙනවා. සෑම විමට තරගාවලියෙන් තරගාවලිය මම උත්සාහ කළා නවකයන්ට උපරිම අත්දැකීම් ලබාදෙමින් තරගාවලි ජයගන්නට. ඒ සඳහා අපගේ සැලසුම්වලට අනුව සෑම ක්‍රීඩකයකුම හොඳින් ක්‍රීඩා කරන්නටත් තම උපරිම දක්ෂතා ලබාගන්නටත් උත්සාහ කළ යුතුයි. නමුත් පසුගිය කාලයේදී අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා උපරිම තත්ත්වයට ගන්න නොහැකි වුණා. අප තවමත් ඊට උත්සාහ කරනවා. කෙසේ වෙතත් මගේ නායකත්වය මට ප්‍රශ්නයක් නොවෙයි ඉදිරි තරඟ ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරන්න. මගෙන් කණ්ඩායමට යමක් අවශ්‍යනම් ඒ දෙය ලබා ගන්න කියා මම ක්‍රිකට් ආයතනයටත් දන්වා සිටියා. ඒ වගේම මට පුළුවන් කමක් තියෙනවා නම් තනි අතින් හරි තරඟයක් දිනවන්නට මම කටයුතු කරනවා” යනුවෙන් පැවැසීය.

තවද මෙහිදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ, විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරගෙන යොවුන් ක්‍රීඩකයන්ට ස්ථාවරයක් ලබා දීම මේ අවස්ථාවේදී අනිවාර්යයයෙන් සිදු කළ යුතු කරුණක් බවට පත්ව ඇති බවයි.
 
මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ, මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කරමින් තරගාවලිය ජය ගැනීම තම අරමුණ බවයි. තවද මාධ්‍ය හමුවට එක්වූ බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාර්ඩ් කියා සිටියේ, ශ්‍රී ලංකාවත් කොදෙව් කණ්ඩායමත් සමාන තත්වයේ පසුවීම නිසා මෙය ඉතා තියුණු තරගාවලියක් බවට පත්වනු ඇති බව තම විශ්වාසය බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ද සහභාගි වූහ.

මේ අතර මෙම තරගාවලියට සහභාගි 15 දෙනෙකුගෙන් සමන්විත වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (19) ප්‍රකාශයට පත් කළ අතර එම කණ්ඩායමේ නායත්වයේ වගකීම සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව ඇත. මෙම සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම පසුගිය පාකිස්තාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල නියෝජනය කළ

ළහිරු තිරිමාන්න, මිනෝද් භාණුක, සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ පෙරේරාට ඔවුන්ගේ ස්ථාන අහිමිවී ඇති අතර තිසර පෙරේරාට ජාතික සංචිතයක ස්ථානය හිමිව ඇත්තේ 2019 වසරේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි.

තවද ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් ශෙහාන් ජයසූරිය මෙම සංචිතයට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා - කොදෙව් විස්සයි-20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය දෙවැනි එක්දින තරගයෙන් පසුව නම් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා සංචිතය 

දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්,ළහිරු කුමාර.

"මව්බිම"
ගමිත දෙහිපිටිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top