විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 11 ට පැවැත්වෙන බව කථානායක කරූ ජයසූරිය සභාවට දැනුම් දුන්නා.
ඒ, කථානායකවරයාගේ නිවේදන යටතේයි. එහිදී නැගී සිටි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායකවරයා වෙත අවධාරණය කළේ සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා පැමිණි එකඟතාවන්වල වෙනසක් සිදුවන බව තමන්ට දැනගන්නට ඇති බවයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ එවැනි ගැටළුකාරී තත්ත්වයක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳාගත හැකි බවයි.
මේ අතර වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් අද එහි සභාපති කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.