Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
"ජාත්‍යන්තර තලයේ පාපන්දු ක්‍රීඩා කරන්න තරම් හොඳ මට්ටමක මේ කණ්ඩායම නැහැ" - ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායටම අලුතින්ම පත් වූ පුහුණුකරු කියන කතාව

- "ජාත්‍යන්තර තලයේ පාපන්දු ක්‍රීඩා කරන්න තරම් හොඳ මට්ටමක මේ කණ්ඩායම නැහැ" - ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායටම අලුතින්ම පත් වූ පුහුණුකරු කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,665 Views
මේ වන විටත් මගේ රාජකාරිය ආරම්භ කරලා තියෙනවා......

ශ්‍රී ලංකාව ඉන්නෙ තවම ආධුනික මට්ටමක......

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ඔස්ට්‍රේලියානු ජාතික අමීර් ඇලාජි පත්කර තිබේ. ඔහු ජාතික කණ්ඩායම් කිහිපයක සහ ක්‍රීඩා සමාජ කිහිපයකම පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර අත්දැකීම් රාශියක් ඇති පුහුණුකරුවෙකි.

අවසන් වසර කිහිපයේදී ශ්‍රී ලංකා පාපන්දු පිල එක දිගට පරාජය වීම සහ දැඩි ගෝල පරතරයකින් පරාජය වීම හේතුවෙන් මෙසේ නව පුහුණුකරුවකු පත්කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

‘‘අපේ ජාතික කණ්ඩායමට වැඩියෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට පසුගිය වසර දෙක තුන නොහැකි වුණා. අපි බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඒ නිසා තමයි අපි නව විදේශීය පුහුණුකරුවකු බලාපොරොත්තු වුණේ. නව පුහුණුකරුවා අපේ ජාතික කණ්ඩායම අලූත් මාවතට ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.’’ යැයි පාපන්දු සභාපති අනුර ද සිල්වා පවසයි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කණ්ඩායම් 210 ක් අතරින් ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට ගෙන ඒමද නව පුහුණුකරුවාගේ ප්‍රධාන වගකීම වී තිබේ.

ප්‍රධාන පුහුණුකරු අමීර් ඇලාජි පවසන්නේ සිය කාර්ය භාරය දැනටමත් තමා ආරම්භ කර ඇති බවයි. ‘‘මම මේ වන විටත් මගේ රාජකාරිය ආරම්භ කර තියෙනවා. ශ්‍රී ලංකාවේ සිටින දක්ෂයන් සොයා ගෙන හොඳ කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර තලයේ පාපන්දු ක්‍රීඩා කරන්න තරම් හොඳ මට්ටමක මේ කණ්ඩායම නැති බව මම පුහුණු කළ සතියක කාලයේදී දැක්කා. ඔවුන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ශාරීරික යෝග්‍යතාවද අඩුයි. ශ්‍රී ලංකාවේ වෘත්තීමය පාපන්දු තරගාවලියක් නැතිවීමත් අඩුවක්. ශ්‍රී ලංකාව ඉන්නෙ තවම ආධුනික මට්ටමක.’’ යැයි නව පුහුණුකරුවා පවසයි.
 
1960 බොස්නියාවේදී උපත ලද අමීර් ලොව පාපන්දු පුහුණුකරුවකුට අවශ්‍ය උසස් සහතික ලබා ඇති පුහුණුකරුවෙකි. නව පුහුණුකරුවා යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය ලබන මාර්තු මස 26 වැනිදා කොරියාවේ ඩී.පී.ආර්. කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර අනතුරුව මාර්තු මස 31 වැනිදා තවත් තරගයකට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු පිල ජුනි මස 4 වැනිදා ලෙබනනයේදීත් තරග වැදීමට නියමිතය.

"දිවයින"
අසේල විතාන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,692 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  690 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,295 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,825 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,621 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,324 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,041 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top