Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
20
"මට හොදට ෆිට්නස් තවම තියෙනවා..." - ඉන්දියාවෙන් ලැබුණු විශේෂ ආරාධනයට ලොවක් වසඟයට ගත් ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව වාස් යළි ක්‍රිකට් පිටියට

- "මට හොදට ෆිට්නස් තවම තියෙනවා..." - ඉන්දියාවෙන් ලැබුණු විශේෂ ආරාධනයට ලොවක් වසඟයට ගත් ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව වාස් යළි ක්‍රිකට් පිටියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
"දැන් ඉන්න ක්‍රීඩකයින්ගේ ෆිට්නස්වල අඩුපාඩුවක් තියෙනවා.."

"ක්‍රීඩකයින් හැම මොහොතකම හිතන්නේ තරග ජයග්‍රහණය කරනයි.."

Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධනය යොමුව තිබෙනවා. මේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක් එකතු වෙනවා. ඒ කණ්ඩායමට 96 වර්ෂයේ ලෝක කුසලානයට පන්දුවෙන් දස්කම් දැක්වූ වේගපන්දු යවන්නෙක් වූ චමින්ද වාස්ද එකතු වීම විශේෂත්වයක්. වර්ෂ 2008 අගෝස්තු 28 වැනිදා ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට සම්බන්ධ වූ චමින්ද වාස් පසුව ජාත්‍යන්තර මට්ටමින් දැකගන්න ලැබුණේ පුහුණුකරුවෙක් හැටියටයි. එක්දින පිටිය, පන්දුවාර විස්සයි විස්ස මෙන්ම ටෙස්ට් පිටියත් පන්දුවෙන් වර්ණවත් කළ ඔහු ගැනයි මේ තොරතුරු.

Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස 07 වනදා ඉන්දීය-කොදෙව් ගැටුමෙන් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා සංචිතය සදහා ඔබේ නමත් ඇතුළත්. කොහොමද එයට අවස්ථාව ලැබුණේ..?
මට මේ සදහා ආරාධනාව ලැබුණේ ඉන්දියාවෙන්. මේ සංචිතයේ මම වගේම මුරලි, ඩිල්ෂාන්, රංගන වගේ අත්දැකීමෙන් පුර්ණ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඉන්නවා. මේ හැමෝම දක්ෂ සුපිරි ක්‍රීඩකයින්. ඒ නිසා මමත් හරිම කැමැත්තෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා.

තරඟ 11කින් සමන්විත මෙම තරගාවලිය සදහා සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි ලෝක පූජිත පිතිකරුවන් වගේම බ්‍රෙට් ලී වැනි පන්දු යවන්නන් මේ සදහා ක්‍රීඩා කරනවා. එවැනි ප්‍රවීනයින් එක්ක යළිත් වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ..?
ඒක ඇත්තටම හොද අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. අනෙක් කණ්ඩායම් වල ක්‍රීඩා කරන්නෙත් ලෝක මට්ටමින් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයින්. ඔවුන් එක්ක නැවත බොහෝ කලකට පසුව ක්‍රීඩා කිරීමට ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන්. ඒක ජිවිතේට ලැබෙන හොද අත්දැකීමක් වේවි.

මාර්ග නීති රිතී පිළිපැඳීම පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත් කිරීම මෙම තරගාවලියේ අරමුණ වන්නේ...?
ඔව්. එවැනි අරමුණක් උදෙසා තමයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ වගේ හොද ව්‍යාපෘතියක් වෙනුවෙන් ප්‍රජාව දැණුවත් කිරීමට යොදා ගෙන තිබෙන්නේ ලෝකයේ ඉන්න සුපිරි ක්‍රීඩකයින් පිරිසක්. ඒ ඔස්සේ ජනතාවට ලබාදෙන පණිවිඩය ඉතා හොද දෙයක් හැටියටයි මම දකින්නේ. පළමු වතාවට තමයි මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ වුණේ. මිට පෙර මම මාස්ටර් තරග සදහා ආරාධනා ලබලා ක්‍රීඩා කළා. මෙයත් ඒ වගේ හොද කටයුත්තක් කියලා කියන්න පුළුවන්.

ඔබ පුහුණුකරුවෙක් ලෙස වර්ෂ ගණනාවක් පිටියේ හිටියත් ක්‍රීඩකයෙක් ලෙස පිටියට එන්නේ කලකට පසුව, සුපිරි ක්‍රීඩකයින් එක්ක හැප්පෙන්න සුදානම කොයි වගේද..?
දීර්ඝකාලීනව පන්දු යවන්නෙක් හැටියට තරග සදහා සම්බන්ධ නොවුණත් විවිධ ක්‍රිකට් තරග සදහා සම්බන්ධ වෙනවා. මම අවුරුද්දකට කලිනුත් තරගාවලියකට සම්බන්ධ වුණා. මේ තරගාවලිය සදහා සම්බන්ධ වෙන්නේ අවුරුද්දකට පස්සේ.සුපුරුදු දක්ෂතා නැති වුණත් ක්‍රීඩා කිරීම වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම හොද තරගයක් දෙන්න පුළුවන්. අපේ කණ්ඩායමේ ඉන්නේ සුපිරි දක්ෂ ක්‍රීඩකයින්. ඒ හැමෝම ඔවුන්ගේ දක්ෂතා දක්වයි. සුදානමත් හොදයි.

ඒ කියන්නේ එම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි කරගන්න පුළුවන් කියන එකයි. එහෙමද..?
ක්‍රීඩකයින් හැම මොහොතකම හිතන්නේ තරග ජයග්‍රහණය කරනයි. මේකත් ලෝක මට්ටමින් පවත්වන තරගාවලියක්. ක්‍රීඩකයෙක් හැටියට ශ්‍රීලංකාව නියෝජනය කරද්දී අපේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න අපි උපරිම උත්සාහය ගන්නවා. දිනන්නත් ඉඩකඩ තියෙනවා.

ක්‍රීඩකයෙක් වුවත් පුහුණුකරුවෙක් වුවත් ශාරීරික යෝග්‍යතා කියන එක වැදගත්. චමින්ද වාස් කියන්නේ ශාරීරික යෝග්‍යතාවලින් පිරිපුන් කෙනෙක්ද..?
අපිට ශාරීරික යෝග්‍යතා කියන එක හරිම වැදගත්. මම එදා වගේම අදටත් එය එක ලෙස පවත්වාගෙන යනවා. කිසිම වෙනසක් නැහැ. මට හොදට ෆිට්නස් කියන දේ තවම තියෙනවා.

96 වර්ෂයේ ලෝක කුසලාන ජයග්‍රහණය ගැන තවමත් බොහෝ දෙනා කතා කරනවා. නමුත් අද ක්‍රිකට් ක්‍රීඩාවේ ඇදවැටීම ගැන ක්‍රීඩා ලෝලීන් ඉන්නේ කනගාටුවෙන්. මෙවැනි තත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ මොනවගේ අඩුපාඩුවක් නිසා කියලද ඔබ දකින්නේ..?
මම හිතන්නේ ක්‍රීඩාවේදී එදා අද කියලා සංසන්දනය කරන්න අමාරුයි. දැන් ඉන්න ක්‍රීඩකයින් දක්ෂයි. ඔවුන් තරගයකදී උපරිමයෙන් ක්‍රීඩා කරන්න උත්සහ ගන්නවා. මහේල, සංගක්කාර වගේම ඩිල්ෂාන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ තමයි එවැනි පසුබිමක් දකින්න ලැබුනේ. ඒ වගේ දැන් ඉන්න ක්‍රීඩකයින්ගෙන් උපරිම හැකියාව ලබාගන්න ඕන කියලා මම හිතනවා. ඒ වගේම අපේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස්වල අඩුපාඩුවක් තියෙනවා. ක්‍රීඩකයින් ඔවුන්ගේ ෆිට්නස් එක දියුණු කරගත්තොත් මිට වඩා දක්ෂතා දක්වන්න පුළුවන්. ක්‍රීඩකයෙකුගේ වැදගත්ම දේ ෆිට්නස්.

ඔබ වර්ෂ ගණනාවක් පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරනවා. ඉස්සර වගේම අදටත් වැඩි කාලයක් ඉන්නේ ක්‍රීඩා පිටියේද..?
ඔව්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරන නිසා අදටත් වැඩිපුරම කාලය ගෙවෙන්නේ පිටිය මැද තමයි. ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් කියලා වෙනස් දැනෙන්නේ නැහැ ඒ නිසා. ක්‍රීඩකයින් එක්ක දවස ගෙවෙනවා. මගේ පළපුරුද්ද ඔවුන් එක්ක බෙදාගන්නවා.

කාලයක් විදෙස් රටවල පුහුණුකරුවෙක් හැටියට කටයුතු කළා. නැවතත් අවස්ථාවක් ලැබුණොත්..?
නවසීලන්තයේ, අයර්ලන්තයේ වගේ රටවල පුහුණුකරුවෙක් හැටියට කාලයක් මම වැඩ කළා. හොද අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලලා හොද නම් තීරණයක් ගන්නවා.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top