දිවයිනේ පළාත් 3 ක අද සිට ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම සබරගමුව පළාතේ මෙන්ම කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මීට අමතරව බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.