Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් හෙළිදරව්වක් - Video

- හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,002 Views
පසුගිය රජය විසින් ජිනීවාහිදී එකඟ වූ කරුණුවලට අනුව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ දෙවන වරටයි.
මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, යහපාලන රජයේ රණවිරු දඩයම අනුව තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සඳහා තමා ඈඳාගැනීමට උත්සාහ ගන්නා බවට පෙර දිනයේ ප්‍රකාශ කළේ ඇයිද යන්න පිළිබඳවයි.

ජිනීවා හිදී ශ්‍රී ලංකා රජය යම් ආකාරයකින් යුද අපරාධ සිදුකළ බවට එකඟවීම හේතුවෙන් කණිෂ්ඨ නිලධාරීන් නොව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව, සාක්ෂිකාර හිටපු නාවික හමුදාපතිවරයා පැවසුවා.
 

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සමන්තා පවර් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බව පැවසූ වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේ ඇයට පෙන්වීම සඳහා තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බවයි.

අප වැනි කුඩා රාජ්‍යයක අමාත්‍යවරයෙකුගේ උත්සවයක් සඳහා මෙවැනි ඉහළ නියෝජිතවරියක් පැමිණිය හැකිදැයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ, ඊට අමතරව 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා මෙරටට පැමිණි දිනට පසුදින හිටපු නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවයි.

එය බෙන් එමර්සන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්වූ බව පෙන්වා දුන්නේ හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව යුද අපරධ චෝදනා එල්ල කිරීමේ උත්සාහයක් පැවති බවද ප්‍රකාශ කළා.

වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දුන්නේ, වත්මන් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව පැනවූ වීසා තහනමද එවැනි සිද්ධිවල ප්‍රතිඵලයක් බවයි.

මේ අතර, තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාව වෙනුවෙන් පරීක්ෂණ සිදුකළ එවක කපිතාන් ගුරුගේ, කපිතාන් හංවැල්ල, කපිතාන් ජේ.ජේ. රණසිංහ, කොමදෝරු බණ්ඩාර සහ එවක අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන අය සාක්ෂිකරුවන් ලෙස කැඳවීමටද කොමිසම නියෝග කළා.

ඊට අමතරව තරුණයින් පැහැර ගැනීමේ නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියලු ලිපිගොනු හෙට දිනයේ කොමිසම හමුවට යොමුකරන ලෙසටද නොතිසී නිකුත් කෙරුණා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තා ද දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ අනුදැනුම මත එම ඝාතනය සිදුවූ බවට පිළිගන්න්නැයි බල කෙරුණු බවයි.

එම නඩුවේ රජයේ සාක්ෂිකරු වශයෙන් පෙනී සිටි පොලිස් කොස්තාපල් සම්පත් ප්‍රීතිවිරාජ් නමැත්තා ප්‍රථමයෙන් සම්පත් මුණසිංහ නමැත්තා මීට සම්බන්ධ බවට ප්‍රකාශ කළද, සම්පත් මුණසිංහ එම අවස්ථාවේ යාපනයේ සිටි බවට තහවුරු වීමෙන් අනතුරුව එම චෝදනාව තමාට එල්ල කළ බවද සාක්ෂිකරු පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,873 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,677 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top