මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමර්ශනයකදී අනාවරණ වුණේ අදාළ සුනඛයා බරපතල තුවාල සහිතව පළමුව කුලියාපිටිය - දණ්ඩගමුව පශූ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති බවයි.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම සුනඛයා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.
එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම සුනඛයාට පැය 4 පමණ සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ මන්න පිහිය ඉවත් කළ බවයි.
අඟල් 3 ක් පමණ සුනඛයාගේ හිස සහ මුඛය අතර ප්‍රදේශය තුළ මෙම මන්නා පිහිය කිදා බැස තිබූ බවද ඔහු සඳහන් කළා.
සුනඛයාගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි එම වෛද්‍යවරයා සඳහන් කළේ.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සුනඛයාගේ හිමිකරු කියා සිටියේ තමන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බවයි.
එහෙත් අදාළ සත්ව සංවිධානයේ ප්‍රකාශිකාවක් පැවසුවේ මන්නයෙන් කෙටූ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහුට එරෙහිව නිතිය මගින් ක්‍රියාත්මක වන බවයි.