Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
"ඔවුන් ඇත්තටම මේ බෝනික්කන්ට පුදුම තරම් ආදරෙයි.." - කාන්තාවන් වෙනුවට බෝනික්කන් කරකාර බැඳගත් මිනිසුන් ගැන, අරුම පුදුම කතාවක් මෙන්න - Photos

- "ඔවුන් ඇත්තටම මේ බෝනික්කන්ට පුදුම තරම් ආදරෙයි.." - කාන්තාවන් වෙනුවට බෝනික්කන් කරකාර බැඳගත් මිනිසුන් ගැන, අරුම පුදුම කතාවක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

69,908 Views
මොවුන්ගේ මිල පවුම් 3000ත් ඉක්මවා යනවා..
හදිසියේ ලෙඩ වුණොත් කාර්මිකයොත් වෙනම ඉන්නවා..
හිට්ලර්ගේ කාලෙත් හිටපු නිල් පාට ඇස් තියෙන බෝනික්කෝ..
 
මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්. මේ කතාවත්... ඒ විදිහේ අසාමන්‍ය පුද්ගලයින් ගැන ඇහෙන කතාවක්.
 
මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව්... ඒක විශ්වාස කරන එක ටිකක් අපහසුයි නම් තමයි. හැබැයි ඒ විදිහේ මිනිස්සු ඉන්නවා. මේ බෝනික්කන් ඔවුන් කරකාර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන්ම පමණක් නොවෙයි. ඔවුන් තමයි මේ අයගේ හැමදේම. තමන්ගේ ආදරය.. දුක සතුට... හැමදේම ඔවුන් කියන්නෙ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට. ඒ නිසාමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නෙ.
 
ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක ඕවා මහා පුදුමසහගත දේවලුත් නෙවෙයි ඉතින්. CSI කියන රූපවාහිනි කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික "සිලිකන්" බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම Prison Break කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි "ලිංගික බෝනික්කන්" නැව් පටවගෙන යන හාදයෙක්ව අපිට මුණ ගැහෙනවා. හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නෙ නැහැ.
 
ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙන් කසාඳ බැඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්. ඔවුන් මේ සහකාරිය සමඟ ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම්, කොණ්ඩා සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරෙකින් වගේම ආඩම්බරයකින්.
 
මේ විදිහට බැලූ අතට ජීවමාන පෙනුමකින් යුක්ත බෝනික්කන් නිපදවීම සඳහා ප්‍රසිද්ධම තැනක් තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බවයි දැනගන්න ලැබෙන්නේ. මේ එක බෝනික්කෙක් පවුම් 3000 ඉක්මනවා. ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා. ඒ මොකද... මේ අයගේ ස්වරූපය වෙනස් කරන්න අවශ්‍ය දේත් ඔවුන් විසින්ම ලබා දෙනවා. උදාහරණයක් විදිහට රාත්‍රීයට දෑස් වසා සිටින පෙනුම ලබාදෙන්න ඒ විදිහේ දෑස් යුගල, බොරු කොණ්ඩ, දැන් දැන් ශරීර උෂ්ණත්වය දැනෙන යන්ත්‍ර පවා ඔවුන් සවි කරනවා.
 
නිකමට හිතන්න තමන්ගේ මේ "බෝනික්කි සහකාරිය" හදිසියේ ලෙඩ වුණොත් එහෙම? ඒ කියන්නේ ඒක පැහැදිලිවම කාර්මික දෝශයක්. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ඒ වෙනුවෙන්ම වුණු දොස්තර මහත්වරු විදිහට "කාර්මිකයෝ" වෙනම ඉන්නවා. ඇත්තටම සමහර අය මේ බෝනික්කන්ව ලිංගික කටයුතු වලට පමණක් නොවේ. කලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහාත් යොදා ගන්නවාලු.
 
කාලයකට කලින් උකුලේ බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කථන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිතා කළාලූ. ඒ දේවල නව්‍යකරණය කරලා ඉදිරියේදී බොහෝ විට "පණ ඇති තැනැත්තියක්" විදිහට මේ බෝනිකි සහකරුවන් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් රොබෝ කෙනෙකුට සමාන සහකාරියක්.
 
අපි මේ කතාව ටිකක් වෙනස් තැනකට අරන් යමු. මේ බෝනික්කන් සහකාරියන් කරගැනීමේ කතාව දෙවැනි ලෝක යුද සමයේත් සිදු වුණු බවට ඉතිහාසය සාක්ෂී දරනවා. දරුණු පාලකයෙකු වුණු හිට්ලර් විසින් මේ ක්‍රමවේදය තමන්ගේ නාසි හමුදාව උදෙසා භාවිතා කරනවා. ඒ වෙනුවෙන් වෙනම කර්මාන්ත ශාලාවකුත් ඉදිවුණා කියලයි දැනගන්න ලැබෙන්නෙ.
 
ඇත්තටම මේ විදිහේ දෙයක් කරන්න හේතු වුණේ ඒ වෙනකොට පැතිරිලා තිබුණු සමාජ රෝගයකින් තමන්ගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ උවමනාවක් හිට්ලර්ට තිබුණු නිසයි. මේ බෝනික්කන් සඳහා ආදර්ශ සපයන්න හංගේරියාවේ ජනප්‍රිය නිළියකටත් ආරාධනා ලැබුණා කියලා කතාවක් තියනවා. අවසානයේ නිර්මාණය වුණු මේ බෝනික්කන් දීප්තිමත් කොණ්ඩයකින් සහ නිල් පැහැති ඇස්වලින් යුක්තලු.
 
කොහොම වුණත්, ප්‍රමාණයෙන් කුඩා පිටේ එල්ලගෙන යන්න පුළුවන් විදිහේ මේ බෝනික්කන්ව ගෙනියන්න නම් සෙබළු කැමති වෙලා නැහැ. ඒකට හේතුව සමාජ රෝගවලට ආස වීම නම් නෙවෙයි. හදිසියේ හරි සතුරු හමුදාවට මේවා අහුවුණොත් පත්වෙන ලැජ්ජාව නිසාවෙනුයි.
 
එදා ඒ විදිහට සිද්ධ වෙද්දි, අදටත් මේ විදිහේ බෝනික්කන් එක්ක පවුල් ජීවිත ගත කරන ඈයෝ ඉන්නවා. ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේම ඒක මහා පුදුමයට කාරණාවක් නෙවෙයි.
 
Credit: Sundara Lokaya (සුන්දර ලෝකය)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top