නුවරඑළිය - නේස්බි වත්ත පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 ප්‍රදේශයේ තිබී හමුවූ දිනක් පමණ වයසැති නිවුන් බිළිඳියන්ගේ සිරුරු දමා ගියේ කවුරුන්ද යන්න සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එක් බිළිඳියකගේ සිරුර සොයා ගත් බවයි.
පසුව පොලීසිය සිදුකළ විමර්ශණවලදී එම ස්ථානයේම පාර්සලයක තිබී අනෙත් බිළිඳියගේ සිරුර සොයා ගනු ලැබුවා.
මෙම බිළිඳියන්ගේ මව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
UPDATE: උපන් විගස කැලෑවට විසි කළ බිළිඳියන් දෙදෙනා
නුවරඑළිය - නේස්බි තේ වත්තේ තිබී හමුවූ බිළිඳු මළ සිරුරු ගෙනවිත් දැමූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බව පොලිසිය පවසනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ඊයේ ලද තොරතුරට අනුවයි දිනක් පමණ වයසැති එම බිළිදියන් දෙදෙනාගේ සිරුරක් සොයාගනු ලැබුවේ.
මෙම බිළිඳු සිරුරු දෙක සම්බන්ධයෙන් දින 14කින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමටයි නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.