බාල වයස්කාර පිරිමි පාසල් දරුවන් හතර දෙනකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොළොන්නරුව පාසලක විදුහල්පතිවරයකු ලබන 03දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මනම්පිටිය මහේස්ත්රාත් සුරංග අසේල ද සිල්වා නියෝග කර තිබෙනවා.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමෙන් පසු පොලිසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්.
පොළොන්නරුව ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි පුලස්තිපුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.පී. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි.