CPL ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායමක් වන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම මිලදී ගැනීමට IPL හී ප්‍රබල කණ්ඩායමක් වන Kings XI Punjab කණ්ඩායමේ හිමිකාරීත්වය තීරණය කර තිබෙනවා.
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා ද සාමාජිකත්වය දරන KPH Dream Cricket Private Limited ආයතනය විසිනුයි මෙම මිලට ගැනීම සිදු කර ඇත්තේ.
ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කොදෙව් හිටපු නායක ඩැරන් සැමී.
බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන Red Chillies Entertainment සමාගම විසින් ද CPL ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායමක් වන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද හිමිකාරීත්වය දරනු ලබනවා.
අයි.පී.එල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරු වන විජයි මල්යා විසින් ද මීට පෙර CPL තරගාවලියේ කණ්ඩායමක් වන බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරා තිබුණා.