අභිරහස් ලෙස මිය ගිය ගුරුවරියකගේ මළ සිරුරක් ඊයේ (17) පස්වරුවේ ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම, පලාගල මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇය පදිංචිව සිටි පලාගල, කරවිලගල ප්‍රදේශයෙ පිහිටි නිවසේ ගෙවත්තේ තිබූ ළිඳක තිබී සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.
47 හැවිරිදි එක් දරු මවක් වන මැයගේ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.