දකුණු අප්‍රිකාව සමඟ පැවති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරු තරඟයේදී පන්දුවක් හිසේ වැදී තුවාල ලැබූ අචිනි කුලසූරියගේ තත්ත්වය යහපත් වන අතර ඇයට දරුණු ආබාධයක් නොමැති බව ඕස්ට්‍රේලියානු වාර්තා සඳහන් කළා.
එම තරඟයේදී හතරේ සීමාවේ සිට උඩ පන්දුවක් රැක ගැනීමට යාමෙන් ඇගේ හිසේ පන්දුව පතිත වී ක්‍රීඩාංගණයේ ඇද වැටුණු අතර පසුව රෝහල් ගත කෙරුණා.
කෙසේ වෙතත් රාජකීය ඇඩිලේඩ් රෝහලෙන් ඇය නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන නිළ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය ලබන 22 වන දා පැවැත්වෙන්නේ නවසීලන්තය සමඟයි.