Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
"එක මොහොතකදී මගේ හුස්ම හිර වුණා, අකිල බය වෙලා යාඥා කරන වේගයත් වැඩි කළා.." - අකිල ධනුද්දරගේ බිරිඳ එමී කියයි - Photos

- "එක මොහොතකදී මගේ හුස්ම හිර වුණා, අකිල බය වෙලා යාඥා කරන වේගයත් වැඩි කළා.." - අකිල ධනුද්දරගේ බිරිඳ එමී කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

87 Views
"බබා නම් තාත්තා වගේම දිගයි කියලා ඩොක්ටර් කලින්ම කිව්වා.."

"වයිෆ්ගේ බඩ කපලා ඇරලා තියෙද්දී මම කොහොමද මෙයාව දාලා යන්නේ කියලා ඇහුවා.."

අකිල ධනුද්දර කියන නම මුලින්ම කවුරුත් හදුනා ගත්තේ ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියටයි. නමුත් මේ වෙද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තිබෙනවා. විවිධ චරිත එක්ක ජනතාවට සමීප වෙන අකිල දැන් ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය බිරිද තමයි එමී. දැන් බොහෝ දෙනෙක් එමීවත් හදුනනවා. අකිල හා අලුත උපන් දියණිය ගැන එමී කියන්නේ මෙහෙමයි.

එමී කොහොමද ජිවිතේ..?
හොදයි. හොදින් සතුටින් ජිවත් වෙනවා. තනිකඩ ජිවිතේට වඩා මේ ජිවිතේ ලොකු වෙනසක් දැනෙනවා කියන්න පුළුවන්.

මේ දවස්වල මවගේ රාජකාරියත් එක්ක කාර්යබහුල වෙලා නේද..?
අපේ පුංචි පවුල සම්පුර්ණ වෙලා අදට මාසයක් වෙනවා. මගේ චූටි දුව මාව අම්මා කෙනෙක් කළේ අකිලව ආදරණිය තාත්තා කෙනෙක් කළේ හරියටම ගිය මාසේ 18 වැනිදා. විවාහ ජීවිතය වගේම අම්මා කෙනෙක් කියන්නේ අලුත්ම අත්දැකීමක්. මගේ ජිවිතේ තනිකරම දැන් වෙනස් වෙලා. හරිම කාර්යබහුලයි. ඉස්සර හිතුණු වෙලාවට කැමති කැමති දේවල් කළා. නිදාගන්න, කන්න බොන්න, විවේකයෙන් ඉන්න ඉස්සර කාලය තිබ්බා. ඒත් අම්මා කෙනෙක් වුණාට පස්සේ මට මගේ දුවගේ රූටීන් එකට හැමදේම කරන්න වෙලා. දුවක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ වගකීමක්. ඒ නිසා කාලයක් නොතකා විඩාබරකම ගැන නොහිතා හරිම සතුටින් මගේ පුංචි සුරංගනාවී එක්ක මම ජිවත් වෙනවා. මේ ජිවිතේ හරිම ලස්සනයි. ඒ හැගීම ඇත්තටම මට වචනවලින් විස්තර කරලා කියන්න තේරෙන්නේ නැහැ.

එමී, දුව ගැන මතක් වෙලා නින්දෙනුත් අවධි වෙලා ඇය ගැන විපරම් කරනවා කියලා ආරංචියි..?
ඔව්. මුල් දවස්වල බබා නිදාගෙන ඉන්නකොටත් මම වගේම අකිල ගැස්සිලා ඇහැරෙනවා. ඇහැරිලා බබා ඉන්නවද බලනවා. එයා හුස්මගන්නවද කියලා අපි දෙන්නා බාලගෙන ඉන්නවා. මුල් දවස්වල හුරු නැති නිසා මම හරිම බයෙන් හිටියේ.

ඔබේ සැමියා අකිල කාර්යබහුල ජිවිතයක් ගත කරන රංගන ශිල්පියෙක්. අලුත උපන් දියණියක් නිවසේ ඉන්නකොට ඔහුගේ කාර්යබහුලකම ඔබ තේරුම් ගන්නේ කොහොමද..?
එයා ගෙදර ඉන්නකොට මට ලොකු හයියක්. කිසිම බයක් නැහැ. මම නිදහසේ ඉන්නවා. මොකද බබාව එයා බලා ගන්නවා. සමහර දවස්වලට දුව නිදාගන්නේ නැහැ අඩනවා. නලවගන්න හරිම අමාරුයි. ඒත් අකිලගේ අතට ගියාම අකිල සින්දු කියලා දුවව නළවන නිසා ඉක්මණට නිදා ගන්නවා. එයා නැති වුණාම මට පිස්සු වගේ. තනියම හැමදේම කරගන්න ඕන කියලා හිතුවට මමත් එයාගේ උදව් බලාපොරොත්තු වෙනවා. එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මමත් එයාව තේරුම් අරගෙන ඉන්නේ. එයාගේ තත්ත්වය. මට වඩා අකිල මම ගැන තේරුම් අරගෙන මේ දවස්වල ජිවත් වෙන එක මටත් සහනයක්.

දියණිය ඉපදිලා දැන් මාසයක් ගත වෙනවා. ඇය කවුරු වගේ කියලද ප්‍රතිචාර ලැබෙන්නේ..?
හැමෝම කියන්නේ බබා අකිල වගේ කියලා. එයා ඉපදෙන්න ඉන්නකොට මාව පරික්ෂා කළ ඩොක්ටර් පවා කිව්වේ "ඉපදෙන්න ඉන්න බබා නම් තාත්තා වගේම දිගයි කියලා.." හම්බුණාට පස්සේ රූපයත් හැඩයත් එයා වගේම තමයි.

ඔබේ පළමු දරු ප්‍රසුතිය.මීට පෙර මෙවැනි අත්දැකීමක් නොලැබූ කෙනෙක් හැටියට ඔබව ප්‍රසුතාගාරයට ගත් මොහොතේ හිතට ගැස්මක් එන්න ඇති..ඒ ගැනත් මතක් කරමු..?
ස්භාවික දරු ප්‍රසූතියකට මම ලෑස්ති වෙලා හිටියේ. නමුත් ඒ මොහොතේ වෛද්‍යවරු තීරණය කළා මගේ තත්ත්වය අනූව සැත්කමකින් දරුවාව ගන්න. ඒ මොහොතේ ඇත්තටම මම හොදටම බය වුණා. මම විතරක් නෙමෙයි අකිලත් හොදටම බය වෙලා හිටියේ. එයා මගේ අතක් අල්ලාගෙන යාඥා කරනවා. අකිල සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් යාඥා කළේ දෙවියන්ට තේරුනේ නැත්තම් කියලා විහිළු කරන ගමන්. මොකද එයාට ඒ මොහොතේ අවශ්‍ය වුණා මගේ හිතේ බය නැති කරන්න. ඒවා දැන් මතක් වෙද්දී හිනා යනවා. හරිම සුන්දර මතක.

එක මොහොතකදී මගේ හුස්ම හිර වුණා වගේ වුණා අකිල යාඥා කරන වේගයත් වැඩි කළා. සැත්කම කරලා බබා එළියට අරගෙන සුදුම සුදු බබෙක් මටගේ අතටත් අකිලගේ අතටත් දුන්නා. ඊට පස්සේ බබාව ක්ලින් කරලා ඩොක්ටර් කිව්වා තියටර් එකෙන් එළියේ හිටපු අම්මා, අප්පච්චි ඇතුළු කට්ටියට බබාව පෙන්නලා එන්න කියලා අකිලට. ඒ මොහොතේත් මගේ සැත්කම සිදුවෙමින් තිබුණේ. අකිල කිව්වා අනේ ඩොක්ටර් මගේ වයිෆ්ගේ බඩ කපලා ඇරලා තියෙද්දී මම කොහොමද මෙයාව දාලා යන්නේ. මම වයිෆ් ලග ඉන්නම් කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් බබාව පවුලේ අය ලගට අරගෙන ගියා. මාව තියටර් එකට ගත් මොහොතේ ඉදලා අවසන් වෙනකල්ම අකිල සියල්ල බලාගෙන හරිම වේදනාවෙන් එතැන හිටියා. ඔහු ලග හිටපු එක මට ශක්තියක් වුනා.

අකිල වගේ සැමියෙක් ලැබීම ගැන මොකද හිතන්නේ..?
මම හරිම වාසනාවන්ත කෙනෙක්. එයා වගේ හුගක් හොද සැමියෙක් හා ඒ වගේ පවුලක් මට ලැබුණු එක ගැන. ඒ වගේ ආදරයක් ආරක්ෂාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ. අකිල වගේම අම්මා අප්පච්චි, අක්කා, මිලාන් අයියා,මල්ලි, බුවී, මේ හැමෝම හරිම කාර්යබහුල අය. නමුත් පවුල වෙනුවෙන් මේ හැමෝම කාලය වෙන් කරගන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මට මේ පවුල දෙවියන් දුන් පවුලක් කියලා. අප්පච්චිගේ ආදරේ හරිම විශේෂයි. මගේ ජිවිතේ හීරෝ මගේ තාත්තා. මගේ අම්මා තාත්තා වගේම දේ දෙමාපියෝ මාව බලාගන්නවා.

මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. මල්ලිගේ වයිෆ්ගේ අම්මා තාත්තා ගැන. මගේ තාත්තා ලංකාවේ හිටියේ නැහැ. එයාලගේ ගෙදර එක්කගෙන ගිහින් මම කන්න කැමති කෑමබීම හදලා දීලා මාව බලාගත්තා. මට රෑට නින්ද යනකල් පිරිත් කිව්වා.

ඒ වගේම මාව හොස්පිටල් නතර කරන දවසේ බුවීගේ තාත්තාට වැදගත් වැඩක් තිබිලා තියෙනවා. මාව හොස්පිටල් ගෙනියන්න ඕන නිසා ඒ වැඩේ කැන්සල් කරලා මාව හොස්පිටල් එකට එක්කගෙන ගියා.දරුවා ලැබෙනකල් අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම වත්සලා අක්කගේ සැමියාගේ අම්මත් මට උදව් කළා. මාව බලාගත්තා. මගේ අම්මා තාත්තා වගේම ඒ සියළු දෙනා මම වෙනුවෙන් හිටියා. අකිලගේ අම්මා අප්පච්චිගේ පවුලේ නෑදෑයෝ පවා මට උදව් කළා. ඒ නිසයි මම කියන්නේ මම හරිම වාසනාවන්ත ගැහැණියක් කියලා.

අකිල වගේම කවදා හරි දවසක දියණියත් කලාවට සම්බන්ධ වෙනවට එමී කැමතිද..?
දුව රගපාන්නේ නැතුව හිටියොත් තමයි පුදුමේ. මගේ කිසිම අකමැත්තක් නැහැ. මොකද මගේ දුවගේ අප්පච්චි ඉන්නකල් මට බයක් නැහැ. එයා දුවට හරි මග පෙන්නලා එයාගේ ගමන යන්න උදව් කරනවා කියලා මට විශ්වාසයි. මමත් මගේ දුව ලගින්ම ඉන්නවා. අපේ දුවට වරදක් වෙන්න අපි දෙන්නා ඉඩ තියන්නේ නැහැ.

දුවක් ඉන්න නිසා පවුලට පුතෙක් එකතු කරගන්නත් කැමැත්තක් ඇති..?
අපොයි ඔව්. අපි දෙන්නම පුතෙකුත් හදන්න කැමැත්තෙන් ඉන්නේ. මොකද ඇන්තනි පවුල ඉදිරියට ගෙනියන්න පුතාලා ඉන්න ඕනනේ.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top