ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික කාරක සභාව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.
අදාළ කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වී ඇති අතර, එම වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය විෂය පාසල්වල හර විෂයක් ලෙස නම් කොට විධිමත්ව ඉගැන්වීමේ ක්‍රමවේදයක් පිළිබදව ද සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ඊට අදාළ ගුරුවරුන්ට ද විශේෂ පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් ද අවධානයට ලක්ව ඇති බව සඳහන්.
මේ අතර, ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් සිටින්නේ ලංකාව තුළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළා.