කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය ගැනත් හෙළිදරව්වක්..
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.
ජිනිවා නුවර දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන්ගෙන් නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ සියයට 14කට අඩු ප්‍රතිශතයකට බවයි.
එයින් ද සියයට 5ක් අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකි අතර එවැනි පුද්ගලයන් අතර මරණ සිදුවිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සඳහන් කළා.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය සාපේක්ෂ ලෙස ළමයින්ට ආසාදනය වන්නේ සුළු වශයෙන් වන අතර, ඊට හේතුව අනාවරණ කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු වනවා.
කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය සියයට 2ක් වන අතර, එය කොරෝනා වෛරස් කාණ්ඩයේ අනෙකුත් වෛරස් වර්ග වන සාස් හෝ මර්ස් තරම් මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ අදහසයි.