සැකකරු දැරියගේ නිවසේ කුලියට හිටපු අයෙක්ලු..
වෙනත් තැනක් සොයාගන්නා ලෙස නිවැසියන් දැනුම් දීලා..
දැරියගේ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූ දේ මෙන්න..
16 හැවිරිදි බාලවයස්කාර දැරියක දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් සති දෙකක පමණ කාලයක් ඇය නිවසක රඳවාගෙන දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයෙක් මෙම මස 28 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා පසුගිය 15 දා නියෝග කළා.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පොලොන්නරුව ඩිපෝවේ සේවය කරන (36) හැවිරිදි විවාහක දෙදරු පියෙක්.
මෙහි වින්දිත දැරිය ජයන්තිපුර ප්‍රදේශයට ආසන්න ගමක පදිංචිකාරියක වන අතර සැකකරු ඇයගේ නිවසේ කුලියට පදිංචිව සිටි අයකු බව පැවසෙනවා.
නිවැසියන් විසින් සැකකරුට නිවසින් පිටත්ව වෙනත් නවාතැනක් සොයා ගන්නා ලෙසට දැනුම් දුන් පසු ඔහු දැරිය රවටාගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවයි පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.
එසේ ගිය ඔවුන් දෙදෙනා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නිවසක සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බවත් එහිදී සැකකරු විසින් දින ගණනාවක්ම දැරියට අතවර කොට තිබෙන බවටත් තොරතුරු හෙළිවී ඇති බව අධිකරණයට කරුණු දැක්වූ මින්නේරිය පොලිසිය සඳහන් කළා. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් වින්දිත දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කළා.
මින්නේරිය පොලිසිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ඒ. ඒ. නාලක බණ්ඩාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියා.