Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
"එයා මට කිව්වා ඔයා ශ්‍රී පාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා.." - උසස් පෙළ පෙනි පෙනී සාරි පොටක එල්ලුණු ගීතිකා, ගමක් හඬවමින් අවසන් ගමන් ගිය හැටි

- "එයා මට කිව්වා ඔයා ශ්‍රී පාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා.." - උසස් පෙළ පෙනි පෙනී සාරි පොටක එල්ලුණු ගීතිකා, ගමක් හඬවමින් අවසන් ගමන් ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
14 රෝස මලකුයි චොකලට් එකකුයි අරන් ආවා එයාට දෙන්න..
ගීතිකා එක්ක යාළුවුණේ 9 වසරේදී..
ශ්‍රීපාදයේ යන ගමන නවත්වලා ගීතිකාගේ ගෙදර ආවා..
 
"මම සති දෙක තුනකට උඩදී ගීතිකාට කීවා ගමේ කොල්ලෝ ශ්‍රීපාදයේ යනවා උන් එක්ක මමත් යනවා කියලා. පස්සේ ගීතිකා කිව්වා මමත් ශ්‍රීපාදයේ ගහින් නෑ එක්ක යන්න කියලා. මම කිව්වා කොල්ලෝ විතරයි යන්නේ වෙන කවුරුවත් යන්නේ නෑ ඔයා වෙන දවසක එක්කරගෙන යන්නම් කියලා මම කිව්වා. පස්සේ ගීතිකා මට කිව්වා ඔයා ශ්‍රී පාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා. මම ඉතිං මෙච්චර දෙයක් කර ගනියි කියලා කොහොමත් හිතුවේ නෑ."

"මම කොල්ලෝ එක්ක වෑන් රථයකින් අඹේපුස්සේන් යන්න ලෑස්ති වෙනකොට දැන ගන්න ලැබුණා ගීතිකා එල්ලිලා කියලා. මම ඒත් ගණන් ගත්තේ නෑ. පස්සේ මම ශ්‍රීපාදයේ යන්නේ නැතිව ගීතිකාගේ ගෙදර ගියා. ගිහිල්ලා බලනකොට කාමරයේ සාරියකින් ගෙලවැලලාගෙන සිටියා" යැයි ගෙලවැලලාගෙන මිය ගිය පාසල් ශිෂ්‍යාවගේ හදිසි මරණ පරීක්ෂණයෙදී පෙම්වතා වන කරුණා පේඩිගේ විමුක්ති රන්ජන් ඒකනායක (අවු 25) නැමති තරුණයා පැවසීය.
 
මෙලෙස ගෙලවැලලාගෙන මිය ගොස් සිටියේ වරකාපොළ පොලිස් වසමේ මාහේන කොරසහේන ග්‍රාමයේ පදිංචිව සිටි ඩබ්ලිව් ගීතිකා ධම්මි සුදසිංහ නැමති 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
 
මෙම ශිෂ්‍යාව කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ ඉගනුම ලබන අතර මෙවර අගොස්තු මස පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතව සිටියේය.
 
මෙම පාසල් ශිෂ්‍යාව ඉකුත් 15 දා දහවල් සිය නිවසේ කාමරයක සාරියකින් ගෙලවැලලාගෙන මිය ගොස් තිබුණි. පසුව මිය ගිය ශිෂ්‍යාවගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා 16 දා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී වරකාපොළ අල්ගම බෙලිගල් කෝරළයේ කීරවැලි බටහිර හදිසි මරණ පරීක්ෂක ජයතිස්ස වීරසිංහ මහතා ඉදිරියේදී පැවැත්විණ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු කරුණා පේඩිගේ විමුක්ති රන්ජන් ඒකනායක තරුණයා මෙසේද පැවසීය.
 
"ගීතිකා 9 පංතියේ අධ්‍යාපනය ලබන කොට මම එයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගත්තා. අපි දෙන්නාගේ සම්බන්ධය දෙපැත්තෙන්ම දැනගෙන හිටියා. අපේ ආදරයට කවුරුවත් බලපෑම් කලේ නෑ. එයාගේ තාත්තා මේසන් බාස් කෙනෙක්. අම්මා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස හංදියේ කැද විකුනමින් සිටිනවා. ලොකු අයියයි ලොකු අක්කයි විවාහ වෙලා වෙනම පදිංචිව සිටිනවා. ගීතිකා පවුලේ තුන් වැනියා. ඊට බාල තව සහොදරයෙක් ඉන්නවා. ඉහත ලිපිනයේ පදිංචිව සිටින්නේ ගීතිකයි දෙමව්පියන් දෙන්නයි, බාල සහොදරියයි විතරයි කියලා මම දන්නවා.මම ප්ලේටන් බාස් කෙනෙක් ළග දැනට වැඩ කරනවා..."
 
"පසුගිය 14 දා වැලන්ටයින් දවසේ ගීතිකාගේ පාසලේ ක්‍රීඩා උත්සවයත් තිබුණා. මට කීවා ඒක බලන්න එන්න කියලා. මම 14 දා උදේ රෝස මලකුයි චොකලට් එකකුයි අරගෙන අඹේපුස්ස හංදිය ආවා ගීතිකාට දෙන්න කියලා. පස්සේ ගීතිකාත් පාසල් ඇදුමින් ලෑස්ති වෙලා ඇවිල්ලා හිටියා. රෝස මලයි චොකලට් ඒකයි ගන්න බෑ කිව්වා මොකද අරගෙන බෑග්ගයට දාගෙන පාසට අරගෙන යන්න බෑ කිව්වා. කොහොම හරි ඒකත් මට දී ගන්න බැරි වුණා. ඊට පස්සේ මට කීවා මම පාසලේ ක්‍රීඩා නායිකාව අද ක්‍රීඩා උත්සවයේ මම තමයි කණ්ඩායමේ ඉස්සර වෙලා යන්නේ ඔයා ක්‍රීඩා උත්සවය බලන්න එන්න කියලා කිව්වා..."
 
"මට වැඩ හින්දා ක්‍රීඩා උත්සවය බලන්න යන්න බැරි වුණා. පස්සේ එකට මට එක එක දෙවල් කිව්වා. 15 දා ගමේ කොල්ලෝ වෑන් එකකින් ශ්‍රීපාදයේ යන නිසා මමත් යන්න සුදානම් වුණා. ඒ නිසා එදා වැඩට ගියේ නෑ. එදා දහවල් එයාලාගේ ගෙදර අසල නිවසක දී අපි දෙන්නා හම්බ වුණා. මමත් ශ්‍රීපාදයේ එක්ක යන්න කියලා ගීතිකා මට කිව්වා. ⁣මම කිව්වා කොල්ලෝ විතරයි යන්නේ වෙන දවසක ශ්‍රීපාදයේ එක්ක යන්නම් කියලා මම කිව්වා. ඊට පස්සේ ගීතිකා කිව්වා ඔයා ශ්‍රීපාදයේ ගිහින් මගේ මළ ගෙදරට එන්න කියලා. මම ඉතිං ඒක ගණන් ගත්තේ නෑ. ඒ වෙනකොට මගේ යාළුවෝ අඹේපුස්ස හංදියට ඇවිල්ලා හිටියා වෑන් එකෙන් යන්න. එතනින් යන්න පිටත් වෙනකොට මගේ දුරකථනයට කෝල් එකක් ආවා ගීතිකා නිවස තුළ එල්ලා කියලා. මට හිතා ගන්න බැරිව ගියා. පස්සේ මම ශ්‍රීපාදයේ යන ගමන නවත්වලා ගීතිකාගේ ගෙදර ආවා. එතනදී මම දැක්කා ගීතිකා කාමරයේ සාරියකින් එල්ලිලා ඉන්නවා. සිද්ධිය වු අවස්ථාවේදී ගීතිකාගේ තාත්තා වැඩට ගිහින් ඉදලා තියෙන්නේ. අම්මා කඩේ වැඩට ගිහින් ඉදලා තියෙන්නේ. මල්ලි ගෙදර ඉදලා නෑ. පස්සේ සාරියකින් කාමරයේ බිත්ති උඩ තිබු ලීයකට දමලා එල්ලිලා කියලා පෙනුනා. ගීතිකා ටිකක් කියන දේ අහනවා අඩුයි. මම හිතුවේ නෑ මෙහෙම දෙයක් කර ගනියි කියලා. නැත්තම් මම ශ්‍රීපාදයේ යන්නේ නෑ. ගීතිකාට කියන දෙයක් තේරුම් ගන්නේ නැති එකයි මරණයට මුලික හෙතුව.." යැයි තරුණයා පැවසීය.
 
මිය ගිය පාසල් ශිෂ්‍යාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෛද්‍ය ධම්මික මදරසිංහ මහතා විසින් සිදු කළ අතර ගෙලවැලලාගෙන සිදු කර ගත් හදිසි මරණයක් බවට වරකාපොළ අල්ගම බෙලිගල් කෝරළයේ කීරවැලි බටහිර හදිසි මරණ පරීක්ෂක ජයතිස්ස වීරසිංහ මහතා ඥාතීන්ට දැන්විය.
 
වරකාපොළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක අමරසේකර මහතා මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරිණ.
 
එහිදී මරණ පරීක්ෂකවරයා ඥාතීන්ට දන්වා සිටියේ වැඩිවියට පත් ගැහැණු දරුවෙකු නිවසක සිටී නම් ඒ ගැහැණු දරුවා පිළිබද විශේෂයෙන්ම මවගේ අවධානය යොමු කළ යුතු බවත් මිය ගිය දැරියගේ මව ඒ සම්බන්ධයෙන් සොයා කටයුතු කර නොමැති බවත් මව දියණිය පිළිබද සොයා බලා කටයුතු කර සිටියා නම් මෙවැනි හදිසි මරණයක් සිදු නොවන බව ද දැන්විය.
 
චමින්ද ජයලත්
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top