දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (18) දිනය තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මාතර, හම්බන්තොට, මොණරාගල, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.