Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
මූ හොඳ ශිල්පියා. අපේ පරම්පරාවේ අන්තිම පිරිමියා. ඒ නිසා මරන්නත් බැහැ - තේවාවට යන්නෙ නැහැ කියලා නැටුම් පරපුර ගෙනයන්න සිටි මුනුපුරාට මුත්තාගේ භූතාත්මය දඬුවම් කළ හැටි

- මූ හොඳ ශිල්පියා. අපේ පරම්පරාවේ අන්තිම පිරිමියා. ඒ නිසා මරන්නත් බැහැ - තේවාවට යන්නෙ නැහැ කියලා නැටුම් පරපුර ගෙනයන්න සිටි මුනුපුරාට මුත්තාගේ භූතාත්මය දඬුවම් කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,741 Views
"මම මුගේ මුත්තා. තාත්තාගේ තාත්තා"
"මාලිගාවේ කොටස දෙන්නෙත් නැහැ. මම දැන් මුගෙන් පළිගන්නවා"
 
යම්කිසි කෙනෙකු හෝ දෙයක් කෙරෙහි දැඩි සේ තණ්හාවෙන් සිතින් අල්ලාගැනීම, එසේ ඇලී සිටීම, උපාදාන නම් වේ. එය කැමැත්තෙන් ආසාවෙන් ඇලී සිටීමක් හෝ තරහෙන් වෛරයෙන් අකැමැත්තෙන් පළිගැනීමේ චේතනාවෙන් ඇලී සිටීමක් හෝ විය හැකිය. එවැනි සිතුවිල්ලක් නිතර සිතේ පහළ වෙමින් තිබී මරණාසන්න මොහොතේ අවසාන චුති සිත වශයෙන් පහළ වුවහොත් එහි විපාකය වශයෙන් සතර අපායෙන් එකක උපත ලබයි.
 
මාතලේ සුදත් හතළිස් හැවිරිදි බැංකු නිලධාරියෙකි. ඔහුට විවාහයක් හරියන්නේ ද නැත. දැනට අවුරුදු පහක පමණ කාලයක සිට ඔහු කෑම අප්‍රියාවෙන් පෙළීම නිසා ශරීරය ද කෘශ වී ඇත. ශාරීරික දුර්වලතා නිසා දැන් රැකියාවට යන්නේ ද නැත. නි‍ෙවසේ රාත්‍රියට මහත් දුර්ගන්ධයක් පැතිරෙන්නට ද විය. ඔහු හීනෙන් බියවී කෑ ගසාගෙන අවදි වෙන්නට ද විය.

මේ ශාරීරික රෝගාබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් වූයේ ද නැත. අනෙකුත් අසාමාන්‍යතාවලට වත්පිළිවෙත් කළත් සහනයක් නැත. අන්තිමට සුදත්ගේ මව රාජනී ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැඳවා ගෙන ආවාය.
 
එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළාය. ගවේෂකවරයාගේ ප්‍රථම රෝග පරීක්ෂාවේදී ම සුදත්ගේ ශරීරය ගැහෙන්නට විය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්ස‍ෙල් දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උ‍පදෙස් දුන්නේය.
 
ඒ අනුව බෝධි පූජා පවත්වා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින සුදත්ගේ ශරීරයට ආවිෂ්ට වූ භූතාත්මයක් කතා කරන්නට විය. භූතාත්මය රෞද්‍ර විලාසයකින් කෑ ගසන්නට විය.
 
“කවුද මේ ශරීරයට රිංගාගෙන කෑගහන්නේ?” ගවේෂකවරයා ඇසීය.
“මම අමර ගුරා” කෑගසා කීවේය.
“සුදත්ගේ කවුද?”
“මම මුගේ මුත්තා. තාත්තාගේ තාත්තා”
“ඇයි මේ සුදත්ට හිරිහැර කරන්නේ?”
“මූට දඬුවම් කරන්න”
“ඇයි ඒ? මොන වරදක් කළාටද?”
“මහත්තයා: අපි පාරම්පරිකව ඈත කාලයේ පටන් දළදා මාලිගාවට සේවය කළ අය. නැටුම්, ගැයුම්, බෙර, දවුල, තේවාව බාරව හිටපු අය. ඒ වෙනුවට මාලිගා‍ෙව් නින්දගම්වල පදිංචි වෙන්න අපට අවසර ලැබුණා. අපේ පරම්පරාවම ජීවත් වෙන්නේ ඒ ඉඩම්වල. මූ හොඳ නැට්ටුවා. ඇස් වෙදකමත් දන්නවා. බෙර දවුල් ශිල්පයත් දන්නවා. මුගේ තාත්තත් හොඳට ශිල්පය දන්නවා. ඌ බීලම මැරුණා. දැන් අපේ පරම්පරාවෙ ඉන්න එකම පිරිමියා මූ විතරයි. මූ විභාග පාස් වෙලා බැංකු රස්සාවට ගියා.
දැන් තේවාවට යන්නෙ නැහැ. ඇස් වෙදකමේ පුස් කොළ පොත් ටිකත් කොළඹ කොම්පැණියකට විකුණලා. මගේ කාමරයේ පෙට්ටගමේ ආරක්ෂා කැර තිබූ බෙර, දවුල් තම්මැට්ටම් ටිකත් විකුණලා. මූ හොර සාස්තරකාරයෙක් ළඟට ගිහින් සාස්තර අහලා ගෙදරට වාස්තු දෝෂ තියෙනවා කියලා ගේ කඩලා එතැන අලුත් ගෙයක් හැදුවා. මාලිගාවෙ ඉඩම් අක්කර 15 ක ගම්මිරිස් වවලා. හොඳ ආදායම. එයින් මාලිගාවේ කොටස දෙන්නෙත් නැහැ. මම දැන් මුගෙන් පළිගන්නවා.”
“ඇයි මෙයාව මරනවද?”
“නැහැ. දඬුවම් කරනවා. තේවාවට යනකම් දඬුවම් කරනවා.”
 
සුදත් පියවි සිහියට පත් කළ ගවේෂකවරයා ඔහු මාලිගාවේ සේවයට නොයන්නේ ඇයි දැයි ඇසීය. තමන් මහන්සිවී ඉගෙන ගෙන බැංකු නිලධාරියෙකු වූ බවත් දැන් බෙර වාදනයට හා නටන්නට කැමති නැති බවත් කීවේය. නිවසේ සාංඝික දානයක් පිරිනමා පරම්පරාවේ සියලු ඥාතීන්ටත්, මේ මුත්තාටත් පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය. දානය පිරිනමා ඔවුහු නැවත පැමිණියහ. එදින ද සුදත්ගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා කතා කළේය.
 
“මුනුපුරාගේ දානයෙන් පින් අනුමෝදන් වුණාද?” ඇසීය.
 
“ඔව් ඒ වුණත් දඬුවම් කරනවා. මූ හොඳ ශිල්පියා. අපේ පරම්පරාවේ අන්තිම පිරිමියා. ඒ නිසා මරන්නත් බැහැ. තේවාවට යනකම් දඬුවම් කරනවා. අපි ජීවත් වෙන්නේ, ඉඩම්වල පදිංචි වෙලා ඉන්නේ මාලිගාව නිසා. මාලිගාවෙ ඒ ණය ගෙවන්න ඕනෑ. මුං ටිකක් ඉගෙන ගෙන ආණ්ඩුවෙ රස්සාවකට ගියාම ඒ යුතුකම් වගකීම් අමතක කරනවා. ඒක වැරදියි.”
 
“මේ සුදත් වර්තමාන සමාජයේ හැටියට හොඳ රස්සාවක් කරනවා. හොඳ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. ඉතින් එයා දැන් කැමති නැහැ නටන්න. ඉංග්‍රීසි ආණ්ඩු කාලේ සුද්දා මාලිගාවෙ පෙරහර තහනම් කළා. ඒ වෙලාවෙ ඔය පුද පූජා නැටිලි වැයිලි මොකුත්ම නැතුව ගිය බව දන්නවා නේද? ලෝකය වෙස් වෙන කොට මිනිස්සුත් වෙනස් වෙනවා. ඒවාට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. සුදත් අනුමෝදන් කළ පින් ගත්තා නේද?”
 
“ඔව් පින් අනුමෝදන් වුණා.”
 
“ඇයි සෑහෙන කාලයක් පූජා කරපු සේවය කරපු ඔබ දිව්‍ය ලෝකයේ ගියේ නැත්තේ? මේ ප්‍රේතයෙක් වෙලා මොකද? ඔබ දිව්‍ය ලෝකයක ඉන්න ඕනෑ කෙනෙක්. ඇයි මෙහෙම වුණේ?”
“ඒක තමයි. එහෙම වුණේ මොකද දන්නේ නැහැ.”
 
“ඇයි නොදන්නේ? ඇලීම නිසා. තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කළා නම් තවත් මොකටද ඕවා බදාගෙන ඉන්නේ? ඇලීම තණ්හාව කියන බර පටවා ගත්තාම කන්ද නගින්න බැහැ. ඔය බරෙන් නිදහස් වුණාම හංසයෙක් වගේ සැහැල්ලුවෙන් ඉහළට යන්න පුළුවන්. මාලිගාවට සේවය කරන්න අලුත් පරපුරේ අය ඕනෑ තරම් ඉන්නවා. මෙයා නොගියා කියා පෙරහර නතර වුණේ නැහැනේ. ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි. අපේ කැමැත්තට අනුව පවත්වාගෙන යන්න බැහැ. ඔබ අමරගුරා වශයෙන් මහලු වියට පත්වුණා. අකැමැතියි කියලා ඒක නතර කැර ගන්න පුළුවන් වුණාද? ඔබ මැරුණා. ඒ මරණය වළක්වා ගන්න පුළුවන් වුණා ද? ඒ නිස ඒ ජීවිතය අතහැර යන්න සිද්ධ වුණා. ඉතින් ජීවිතය අත්හැරියා නම් ඒ ජීවිතයට සම්බන්ධ බෙර දවුල් නැටුම් ගැයුම් ආදියත් අත් හැර යන්න සිද්ධ වුණා. ඉතින් මොකද තමන්ගේ හිතේ තිබුණ පරණ දේවල් අත්හරින්න බැරි. දැන් ඔබ අමරගුරා නොවෙයි. ගඳ ගහන ප්‍රේතයෙක්. මුනුපුරා නිවැරදි කරන්න කලින් තමන් නිවැරදි වෙන්න ඕනෑ. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕනෑ.” ගවේෂකවරයා කීවේය.
 
“ඉතින් මම මොනවද කරන්න ඕනෑ මහත්මයා?”
“මාලිගාවට තේවාව කළා නම් පෙරහර අලංකාර කළා නම් දැන් දිව්‍ය ලෝකයකට යන්න හිතන්න.”
“මම ප්‍රේතයෙක් කියලා මහත්තයා කීවාම මට දුක හිතුණා. ඉතින් මම කොහොමද දිව්‍ය ලෝකයට යන්නේ?”
“මම සුදත් ලවා පන්සලට හීල් දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා ගෙදර ගැනත් බෙර දවුල් ගැනත් ආසාව අතහැර ආයෙත් එන්නකො බලන්න.”
 
දානය පිරිනමා සුදත් නැවත පැමිණියේය. එදිනද භූතාත්මය ආවිෂ්ට විය.
“කොහොමද පින් ලැබුණද?” ගවේෂකවරයා ඇසීය.
“ඔව් මහත්මයා. මට සතුටුයි.”
“එහෙම නම් හැමදාටම තේවාව ඇහෙන තැනට යන්න. මිනිස්සු පින් දහම් කරනවා දැකලා සතුටු වෙන්න. එත‍කොට කාලයක් යන කොට දිව්‍ය ලෝකයට යන්න පුළුවන් වේවි.”
 
සුදත් ලවා සුදු මල් වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට ඔවුන් අතම වැල් බෝධියට යැවීය.
 
මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,721 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,797 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top