Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
17
"නදීකාව බලෙන් දූෂණය කළේ නැහැ. දෙන්නගෙම කැමැත්තෙන් ලිංගිකව එකතු වුණේ" - නදීකාගේ නිහඬතාවය නිසා දමින්ද ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් බේරුණ හැටි

- "නදීකාව බලෙන් දූෂණය කළේ නැහැ. දෙන්නගෙම කැමැත්තෙන් ලිංගිකව එකතු වුණේ" - නදීකාගේ නිහඬතාවය නිසා දමින්ද ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් බේරුණ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

106 Views
නදීකා බිත්තර ඇහිඳින බොහෝ දිනවල දමින්දත් කුකුළු ගොවිපළේ ඉන්නවා......

දමින්දයි දරුවයි එක වගේ නැහැ......

දූෂණ නඩුවක දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටි ඩී.එන්.ඒ. පරීක්ෂණය ගැන පැමිණිලිකාරිය උනන්දුවක් නොදැක්වීම නිසා මීටර් 100ක් දුරක සිටියදී පැමිණිලිකාරිය දූෂණය කිරීමක් සිදු නොවිය හැකිය යන කරුණ මත චුදිතුයකු ස්ත්‍රී දූෂණ නඩුවකින් නිදොස්කොට නිදහස්වීමේ සිද්ධියක් අභියාචානාධිකරණයෙන් වාර්තා විය.

සිද්ධියේ සැකකාරු දමින්ද කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කුකුළු ගොවිපළක හිමිකරුවෙකි. කිකිළියන් රඳවා තබා ගැනීමට ගඩොළින් බඳින ලද ශාලා වැනි විශාල කාමර සකසා තිබිණි. එම කාමරවල උඩ කොටස කම්බි දැල්වලින් ආවරණය කර තිබුණේ, කිකිළියන්ගේ ආරක්ෂාව සඳහාය. එම ශාලාවලට ඇතුළුවීම සඳහා ලී දොරවල් යොදා තිබිණි. ගොවිපළ පිහිටා තිබුණේ අක්කර බාගයක පමණ වපසරියකින් යුත්, පොල් ඉඩමකය. දමින්දගේ නි‍වස පිහිටා තිබුණේ ද ‍ගොවිපළට යාබදව වෙනමය.

දමින්ද 30 වියේ පසුවූ තරුණයෙකු වූ අතර ආ‍රෝහ පරිණාහ දේහයකින් යුක්ත වූයේය. දමින්දගේ පියා ද ගොවිපළ හිමියකු වූ අතර හෘදයාබාධයකින් ඔහු මිය ගිය නිසා ගොවිපළ බලාගැනීම දමින්දට පැවරිණි. දමින්ද විවාහ වී සිටියේ ඉමාෂි සමඟය. ඒ වසර දෙකක ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. දමින්දත් ඉමාෂිත් කුඩා දරු දෙදෙ‍නකුගේ මවුපියෝ වෙති.

ඉමාෂි ගෘහිණියක වන අතර දරු දෙදෙනාගේ හා ගෙදරදොරේ වැඩපළ බලාගෙන සිටින්නියකි. දමින්දට ගොවිපළ තනිවම හසුරුවා ගැනීමට හැකියාවක් තිබිණි. දමින්දගේ ගොවිපළේ බිත්තර ඇහිඳ එකතු කර දීමට හා සහාය වීමට දිනපතා පැමිණෙන නදීකා අවුරුදු 16ක යුවතියකි. නදීකාගේ නි‍වස පිහිටා තිබෙන්නේ දමින්දගේ ‍ගොවිපළට සැතපුම් බාගයක් තරම් දුරිනි. ගොවිපළේ වැඩපළට උදව්වීම වෙනුවෙන් නදීකාට මාසිකව ගෙවීමක් ද කෙ‍ළේය.

නදීකා අ.පො.ස. සා.පෙළ දක්වා පමණක් ඉගෙනගත්, අතර දිළිඳු පවුලක යුවතියකි. ඇගේ පියා ඇය බාලවියේදී මියගොස් ඇති අතර නිවසේ සිටින්නේ ඇගේ මව, බාප්පා හා මලණුවන් සමඟිනි. ඇහැට කනට පෙනෙන රූප සොබාවකට හිමිකම් කියූ නදීකා, දැඟලිලිකාරියකි.

ගොවිපළේ වැඩට එන නදීකාට පැවරෙන ප්‍රධාන රාජකාරිය කිකිළියන් විසින් ශාලාවේ කොන් කිහිපයක දමන බිත්තර එකතු කර කූඩවලට ඇහිරීමය. නදීකා මුළු දවස පුරා ගොවිපළේ නොරැඳෙන නමුත්, උදේ හවස දිනකට දෙවරක් පමණ බිත්තර ඇහිඳ බිත්තර කූඩවලට ඇහිරීමට පැමිණෙයි.

රූමත් නදීකා දිනපතා නෙතගැටීම දමින්දගේ නෙතට රසඳුනක් විය. දමින්දගේ නි‍වසේ මුළුතැන්ගේ පිහිටා තියෙන්නේ ගොවිපළට මීටර් 100ක් පමණ ඔබ්බට වෙන්නටය. දමින්දගේ බිරිය දිනකට දෙතුන් වරක් මුළුතැන්ගෙයට පැමිණියත්, වැඩිපුරම සිටින්නේ නිවසේ දරුවන් සමඟිනි. කුකුළු ගොවිපළට ඇය පැමිණෙන්නේ දින දෙක තුනකට වරකි. නදීකා බිත්තර ඇහිඳින බොහෝ දිනවල දමින්ද ද කුකුළු ගොවිපළේ සිටී.

නදීකා වසර එකහමාරක පමණ දමින්දගේ ගොවිපළේ වැඩකටයුතු කළ අතර ටික දිනක සිට අසනීප ගතියකින් පෙළෙන්නට වූවාය. හිසරදය, ඔළුව කැරකීමේ රෝග ලක්ෂණ සමඟ උදෑසන වමනය කළ හෙයින් නදීකාගේ මව ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගියාය. නදීකාව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඒ වනවිටත් ඇය දෙමස් ගැබිනියක බව තහවුරු කළේය. සිද්ධියෙන් මහත් සේ කලබල වූ මව නදීකාගෙන් විමසීමේදී ඇය කීවේ ගොවිපළේදී දමින්ද තමාව දූෂණය කළ බවයි.

කුලියාපිටිය පොලිසියට ඒ ගැන පැමිණිල්ලක් කළ අතර ඒ අනුව දමින්ද අත්අඩංගුවට ගැනිණි. කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.

දමින්ද අධිකරණය හමුවේ කියා සිටියේ තමන් නදීකාව බලෙන් දූෂණය නොකළ අතර ඇගේ කැමැත්ත ඇතිව ඇය හා ලිංගික සබඳතාවක් පැවැත්වූ බවයි. එහෙත් දරුවකු පිළිසිඳ ගැනීමක් කිසිසේත්ම විය නොහැකි අයුරින් එම ක්‍රියා සිදුවූ අතර, දරුවාගේ පියා තමා ‍නොවන බව සනාථ කිරීමට, තමන් ඩීඑන්ඒ පරීක්ෂණයකට වුවද සූදානම් බව කියා සිටියේය. එහෙත් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ගැන නදීකාට උනන්දුවක් ද නොතිබිණි.

කාලය ගෙවී ගිය අතර, දමින්දට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේ ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කරන ලදි. නඩුවෙන් දමින්ද වරදකරු විය.

මාස කිහිපයකට පසු දමින්ද විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී. දෙපාර්ශ්වයේ සාක්ෂි විභාග කෙරිණි. විත්තිකාර දමින්ද වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමුකළේ සිද්ධිය වූවායැයි කියන දවසේ, දමින්ද හා නදීකා කුකුළු ගොවිපළේ සිටින අතරේ ඊට මීටර් 100 එහා මුළුතැන්ගෙයි දමින්දගේ බිරිය ඉමාෂි ආහාර පිළියෙල කරමින් සිටි බවයි. දමින්ද නදීකාව බලහත්කාරයෙන් දූෂණය කළා නම් ඇයට කෑගසන්න ‍හොඳටම ඉඩකඩ තිබූ බවත්, එවැන්නක් සිදුවූවා නම් සිද්ධියට පසුව වුවද ඒ ගැන අන් අයට දැන්වීමට නදීකාට හැකියාව තිබුණු බවද කියා සිටියේය.

අවුරුදු 16 වැඩි තරුණියක වන නදීකා බාලවයස්කාරික නොවන නිසා, තරුණියක හා කැමැත්තෙන් ලිංගිකව එක්වීම දූෂණයක් නොවන බවද අධිකරණයේ අවධානය යොමු කළේය. අනෙක් අතට සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඩීඑන්ඒ පරීක්ෂණයක් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා ද නදීකාගේ උනන්දුවක් නොතිබීම සැකසහිත කරුණක් බවද නීතිඥ දර්ශන කුරුප්පු මහතා කියා සිටියේය.

සිද්ධිය සිදුවූවා යැයි කියන්නේ දහවල් කාලයේ බවත් එකම නිවෙසක මීටර් 100 සීමාවේදි සිදුවූවා යැයි කියන මේ සිද්ධිය බලහත්කාරයෙන් සිදුවූ ස්ත්‍රී දූෂණයක් නොව කැමැත්තෙන් සිදුවූවක් නිසා චුදිත වරදකරුවකු නොවන බව අභියාචනාධිකරණය හමුවේ ඔප්පු කිරීමට හැකි විය. නඩුව පවතින කාලයේදී දරුවාද ඉපදී තිබුණු අතර දරුවා හා දමින්ද අතර ස්වරූපයෙන් පීතෘත්වය ඔප්පු කිරීමට ද නොහැකි විය. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත් අභියාචන විනිසුරු මඬුල්ල දමින්ද ස්ත්‍රී දූෂණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කෙළේය.

මෙහි එන නම් ගම් මනඃකල්පිතය.

"සිළුමිණ"
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top