ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවන බව ඉන්දීය හිටපු නායක කපිල් දෙව් සඳහන් කරනවා.
India Today සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබෙනවා.
නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ සහ ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පල කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
“කවුද කියන්නේ ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා. ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙවෙයි. හැබැයි ඒක මීට පෙර එහෙම වෙලා තිබුණා.”
යනුවෙන් 1983 වසරේ ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ නායක කපිල් දේව් සදහන් කකර තිබෙනවා.
අදාළ ගැටුම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ද කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පස් දෙනෙකුට එරෙහිව තරග තහනම් පැනවීමට ද පියවර ගත්තා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල් දේව් සදහන් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දීය ක්‍රිකට් ආයතනය ද දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.