Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
17
"අපි අතර සම්බන්ධයක් ඇති වුණාට විවාහ වෙන්න ලැබුණේ නෑ, අන්තිමට එයාගේ දුවගේ වෙඩින් ෆොටෝස් ගත්තෙත් මම.." - දයාන් විතාරණ

- "අපි අතර සම්බන්ධයක් ඇති වුණාට විවාහ වෙන්න ලැබුණේ නෑ, අන්තිමට එයාගේ දුවගේ වෙඩින් ෆොටෝස් ගත්තෙත් මම.." - දයාන් විතාරණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"මගේ තාත්තා අපේ ජීවිතවලින් සමුගන්නකොට මගේ වයස අවුරුදු 13යි.."

"දැන් මගේ වයස අවුරුදු 58යි, එයාව මනාලියක් විදිහට දැක්කම සතුටු හිතුණා.."


අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස සුවිශේෂී නමක් දිනා සිටින ඔහු අද වනවිට රංගන ශිල්පියකු ලෙස ද පුංචි තිරයේ සැරිසරයි. ‘දයාන් විතාරණ’ ඔහුය. ඔහු සමඟ කළ කතාබහයි මේ.

දැන් ඔබේ වයස?
”අවුරුදු 58ක්.”

වයස පේන්නේ නැහැනේ?
”ඔව්. මාව දකින බොහෝ්දෙනෙක් ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. ඇත්තටම මම හිතන්නෙ මගේ තරුණ බව ආරක්‍ෂා වෙලා තියෙන්නේ ශරීරයට හිතකර ආහාරපාන, ආයුර්වේද ඖෂධවලට වැඩි නැඹුරු බව සහ සිත සතුටින් ඉන්න එක. ජීවත්වෙන සෑම මොහොතක්ම අතීතය ගැන පසුතැවිලි නොවී, අනාගතය ගැන බිය නොවී, වර්තමානයේ සතුටින්, නිදහසේ ජීවිතය විඳින්න ලැබෙන්නේ ඉතාම අතළොස්සකට. මම ජීවිතේ සතුටින් ගෙවන උතුම් භාග්‍යයක් හිමි වුණ කෙනෙක්.”

තනිකඩ ජීවිතයෙන් ඈත් වෙන්න දැන්වත් හිතන්නේ නැද්ද?
”නැහැ. බැඳීම් අඩු ජීවිතේ සරළයි. ලොකු බැඳීමක් නැති නිසා ජීවිතේ ඕනෑම වෙලාවක අතහැරිය හැකියි. නිවනට පවා යන්න පහසුවයි.

මම මගේ අම්මාට ආදරේ කරපු විදිහට අම්මා මට ආදරේ කරපු විදිහට මට හැම තිස්සේම හිතුණේ විවාහ වී දරුවන් සිටියා නම් මටත් කොච්චර ලොකු බැඳීමක් ඇති වෙයි ද කියලා. නමුත් මම අද නිදහස් කියලා දැනෙනවා.”

අම්මා ඔබේ ජීවිතය වුණා?
”ඔව්. ඇත්තටම මගේ තාත්තා අපේ ජීවිතවලින් සමුගන්නකොට මගේ වයස අවුරුදු 13යි. එදා සිට අම්මා මිය යනකම්ම මගේ ජීවිතයේ විශාලම පවුර වුණේ මගේ අම්මා. මගේ අම්මා කියන්නේ මහා යෝ්ධ ගැහැනියක්. ඒ දේ මට නිතර දැනුණා. ජීවිතේ කඩාවැටෙන හැම වෙලාවකම නැගිට්ටවන්න අත දුන්නේ අම්මා. මම තබන සෑම අඩියකදීම මට ශක්තිය වුණේ අම්මා. මම මංගල උත්සවවල ඡයාරූප ගන්න ගියාම සමහර වෙලාවට අම්මා ලැබ් එකට ඡායාරූප සුද්ද කරන්න එනවා. ගෙදර ඡයාරූපගත කිරීම් කරද්දි ෆ්ලෑෂ් ලයිට් එක පවා අල්ලන්නේ අම්මා. මම ප්‍රසංගවලට සහභාගී වීමේදී අවශ්‍ය හැඩගැන්වීම් කටයුතු, ඇඳුම් පැළඳුම් පවා සකසා දුන්නේ අම්මා.

මම ගීත ගායනා කරන්න ආසයි කිව්වාම ඇය නිතර කිව්වේ පුතාට ඒ වෙනුවෙන් කීයක් ගියත් මම වියදම් කරනවා කියලා. ඇත්තටම මගේ අම්මා මට ලෝකයක්. මේ බැඳීම ආත්මිය බැඳීමක් වෙන්න ඇති. නමුත් අම්මාගේ මරණයේදී මම කවදාවත් ප්‍රාර්ථනා කළේ නෑ මතු බවයේදීත් අම්මා මගේම වෙන්න කියලා. මම ප්‍රාර්ථනා කළේ ඇයට නිර්වානාබෝධය ලැබෙන්න කියලා විතරයි. ජීවිතේ කියන්නේ තාවකාලික නවාතැනක් විතරයි කියලා මට අම්මාගේ මරණයෙන් කියා දුන්න තව පාඩමක්.”

ඔබ ඇයි විරහ ගීතම කියන්නේ?
”ම්... නැහැ. මම සතුට, ආදරය, ගැනත් ගීත ගායනා කර තිබෙනවා. නමුත් මොකක්දෝ සංසාරගත පුරුද්දකට මගේ ගායනා හඬෙහි ගැබ් වී තිබෙන්නේ දුක. මගේ රසිකයන් ගොඩක් අය කියනවා මගේ හඬ රුක්මණී දේවියගේ පිරිමි හඬ වගේ කියලා.”

හිතට ඉස්සර වෙලාම ආදරයක් ඉපදුණේ?
”පාසල් වියේදී. මා ඉගෙන ගත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. එය මිශ්‍ර පාසලක් නොවේ. නමුත් පසු කාලයේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ගැහැනු ළමයි ආවා. එහෙම ආපු ලස්සන ගැහැනු ළමයෙක් හිටියා. ඇගේ ඇස් වසන්ති චතුරාණිගේ වගේමයි. ඇත්තටම මම ඇයට ආදරේ කළා. සම්බන්ධයක් ඇති වුණාට විවාහ වෙන්න ලැබුණේ නෑ. නමුත් අදටත් ඇය මගේ හොඳම මිතුරියක්. ඇගේ දරුවන්ගේ මංගල උත්සව පවා ඡයාරූපගත කළේ මම.”

ඔබ දැනට මංගල උත්සව කීයක් විතර ඡායාරූපගත කර තිබෙනවා ද?
”ඇත්තටම ගණන් බලලා නෑ. පළමුවන වරට මා විවාහ උත්සවයක් ඡයාරූපගත කළේ මම මුලින් සේවය කළ ආයතනයේ සභාපතිතුමාගේ දියණිය සොනාලි ද සිල්වාගේ සහ හිරාන් ද සිල්වාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය. ඒ 1985 වසරේ.”

ඔබ ඡයාරූප ශිල්පියෙක් වෙන්නේ?
”පාසල් යන කාලේ ඉඳලාම චිත්‍ර අඳින්න හරිම ආසයි. චිත්‍ර අඳින්න වෙලා මදි වෙනකොට මට හිතුනා ඡායාරූපකරණයට පිවිසෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මුලින් කරපු රස්සාවෙන් බෝනස් එකට ලැබුණු මුදලින් තමයි කැමරාවක් ගත්තේ. එදා කැමරාව ගනිද්දි මම හීනයකින්වත් හිතුවේ නෑ මගේ දෛවය ලියැවෙන වෘත්තියක් බවට ඡයාරූපකරණය එක්වෙයි කියලා. නමුත් අද වනවිට මා සෑම තරාතිරමකම අයව ඡයාරූපගත කිරීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා.”

කලාකරුවන් ඡායාරූපගත කිරීමට පිවිසෙන්නේ?
”1991 වසරේ සිට.”

ෆොටෝ ගන්න ගිහිල්ලා සිහින සැබෑ වෙච්ච වෙලාවලූත් තියෙනවා ද?
”ඔව්. තරුණ කාලේදි ගැහැනු ළමයි චිත්‍රපටිය බලනකොට වසන්ති චතුරාණි අක්කා උඩරට මනාලියකට සැරැසී ඉන්නවා දැක්කාම ඇත්තටම ඇය කෙරෙහි ප්‍රියමනාප බවක් දැනුණා. ඊට පසුව චිත්‍රපටි කිහිපයකදී උඩරට මනාලියක් ලෙසට සැරැසුණ වසන්ති අක්කාගේ සුන්දරත්වය දැක්කා.

පසු කාලයකදී මට අවස්ථාව ලැබෙනවා රූපලාවන්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ගෙන් හැඩගැන්වුණ වසන්ති අක්කාව ඡයාරූපගත කරන්න. ඇත්තටම මට එදා නම් හිතුණා මම මේ දකින්නේ හීනයක් ද කියලා.”

සිහින සැබෑවුණු තවත් අවස්ථා ඇති?
සිංහල සිනමාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා මහත්මිය සමඟ ‘මොණර විලක්’ කියන චිත්‍රපටියේ රඟපාන්න. දැනට රූගත කිරීම් කෙරෙනවා.”

”ඉස්සර පාසල් යන කාලේදී අපේ ගමේ කළ රූගත කිරීමකට සහභාගී වුණා. මාලනී අක්කාව අපි ගමේ ඔක්කොමලා බලන්න යනවා. මමත් ඇයව දැකලා තිබුණේ ලාවට. නමුත් ඇයගේ රඟපෑම් දක්‍ෂතා දකිනකොට ඇස් ඇරන් බලන් ඉන්නවා. කාලය ගෙවිලා ගිහිල්ලා දවසක් මාලනී අක්කා මගේ නිවසේ ස්ටුඩියෝ එකටම එනවා ෆොටෝ ගන්න. ඇත්තටම එදාත් මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. ඇයත් එක්ක රඟපාන්න ලැබෙනවා කියන්නේ තවත් භාග්‍යයක් නේද?

ලෝක රූ රැජින ලෙසින් අභිෂේක ලැබූ රෝසි සේනානායක මහත්මියගේ ඡයාරූපත් පසුකාලීනව ගන්න ලැබීමත් ජීවිතේ සුවිශේෂී මතකයන් අතර තිබෙනවා. ඒ වගේම නන්දා මාලනී මිස් එක්ක කොරස් එකක් කිය කිය හිටපු මට ඇය සමඟ ගීතයක් ගායනා කරන්න ලැබීමත්, ඇයගේ ඇල්බම් එකකට ඡයාරූප ගන්න ලැබීමත් කවදාවත් අමතක වෙන්නෑ.”

ඔබ ඔබේ ජීවිතයේදී දැක්ක සුන්දරතම මනාලිය?
”වසන්ති චතුරාණි අක්කා උඩරට මනාලියක් ලෙසින් හැඩ වී සිටින සුන්දර දසුන.”

නිරෝගීව ඉන්න මොනවා ද කරන්නේ?
”අවුරුදු ගාණක් තිස්සේ උදේ නැගිට්ටාම මඳ උණුසුම් වතුර මීපැණි තේ හැන්දකුයි, ලෙමන් බෑයක යුෂයි දාලා බොනවා. වතුර ලීටර් හයක්වත් දවසකට බොනවා. යන යන තැන්වලත් වතුර බෝතලයක් අරන් යනවා. මම නිර්මාංශ නිසා එළවළු, පලතුරු පළා වර්ග, පොළොස්, කොස්, කොස් ඇට වගේ දේවල් නිතර ආහාරයට ගැනෙනවා. මේ එක්කම මම පුරුද්දක් විදිහට සියඹලා යුෂ පානයක් ලෙසට පිළියෙළ කරලා බොනවා.
කුරුඳු කුඩු වතුරට දාලා බොනවා. ඒ එක්කම මහදුරු තම්බලා බොනවා. ඔය වගේ ඖෂධීය පාන වර්ග කිහිපයකුත් බොනවා. ස්වභාවිකව මේ දේවල් කළත් මම මගේ හමට කෘත්‍රිම ක්‍රීම් වර්ග කවදාවත් ආලේප කරලා නෑ.”

අධ්‍යාත්මිකව සතුටින් ඉන්න මොකද කරන්නේ?
”මෛත්‍රී භාවනාව සෑම හිරු උදාවකම වඩනවා. මට මෙන්ම මා හට සතුරුකම් කරන සියලූ දෙනාටත්, සියලූ සත්වයන්ටත් මෛත්‍රිය සිදු කරනවා. එයින් මගේ හිතට ලැබෙන සැනසීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.”

අසුන්තා එදිරිසූරිය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top