Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
කොරෝනා රෝගීන් 218ක් හා මගින් 3500ක් සහිත නැවක් ගොඩබිමට එන්නට නොහැකිව වැළපෙයි

- කොරෝනා රෝගීන් 218ක් හා මගින් 3500ක් සහිත නැවක් ගොඩබිමට එන්නට නොහැකිව වැළපෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,060 Views
චීනයෙන් පිටත නව කොරෝනා වයිරස රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හමු වී ඇති ස්ථානය ලෙස සැලකෙන්නේ නැවකි. එනම් මේ වනවිට ජපානයේ යොකෝහාමා වරායෙහි නැංගුරම්ලා ඇති ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ (Diamond Princess) නමැති නෞකාවයි.

එය ‘ප්‍රින්සස් කෲසස්’ නමැති සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවකි. පසුගිය සිකුරාදා (14දා) උදෑසන වනවිට පළ වී තිබූ තොරතුරුවලට අනුව ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවී තිබූ රෝගීන් ගණන 218කි. එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 3,500කට කිට්ටු සංඛ්‍යාවක් රැඳී සිටින අතර ඔවුහු සියලු දෙනා මේ වනවිට දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටිති. මේ තරම් පිරිසක් නැවක් වැනි කුඩා වපසරියක කොටුවී සිටින විට මෙවැනි වයිරස රෝගයක් ඔවුන් අතර වේගයෙන් පැතිරීමට විශාල ඉඩක් තිබේ. මෙම තත්ත්වය තුළ මෙම නෞකාවේ සිටින මගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද මේ වනවිට සිටින්නේ දැඩි මානසික ආතතියකින්, පීඩනයකින් සහ බියකින් බව වාර්තා වෙයි. දිනකට 30ක් 40ක් අලුත් රෝගීන් වාර්තා වෙමින් තිබීම ඔවුන්ගේ භීතිය තවත් ඉහළ දමන්නක් බවට පත්ව ඇත.

නෞකාව තුළ වයිරසය පැතිරෙන්නට පටන් ගත්තේ කෙසේද යන්න තවම නිශ්චිතව අනාවරණය වී නැත. නමුත් වැඩි සැකයක් එල්ල වන්නේ දින පහක කාලයක් එහි ගත කර හොංකොංහිදී එයින් බැස ගිය වයස අවුරුදු 80ක මහලු පුද්ගලයකු පිළිබඳවය. ඔහු ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ නැවට ගොඩවී ඇත්තේ ජපානයෙනි. ඒ පසුගිය ජනවාරි 20 වැනි දිනය. ජපානයේ සිට හොංකොං දක්වා නැවෙන් ගමන් කර ඔහු හොංකොංහිදී එයින් බැසගොස් තිබේ. එම කාලය තුළ ඔහුගෙන් රෝග ලක්‍ෂණ කිසිවක් පළ නොවූවත් නැවෙන් බැසගොස් දින 6කට පසු ඔහුට ‘කෝවිඩ්-19’ යන අලුත් නමකින් හැඳින්වෙන නව කොරෝනා වයිරස රෝගය වැලඳී තිබිණි. ඒ වනවිට නෞකාව තිබුණේ වියට්නාමය සහ තායිවානය වෙතද ගමන් කර නැවත ජපානය වෙත පැමිණෙමිනි. එහි ගමන් කළ මගියකුට රෝගය වැලඳී ඇති බව වාර්තා වීමත් සමඟ සෙසු මගීන්ට නැවෙන් පිටවීම තහනම් කරන ලදී. එය යොකෝහාමා වරායෙහි නතර කර රෝගීන් නිරෝධායනය කිරීමේ කටයුතු වහාම ආරම්භ කරනු ලැබිණි.

එහිදී පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් වැඩිදුර පරීක්‍ෂණ සඳහා තෝරා ගන්නා ලදී. ඒ ඔවුන්ගෙන් යම් යම් රෝග ලක්‍ෂණ පළවූ නිසා හෝ ඔවුන් හොංකොං රෝගියා ඇසුරු කර තිබූ නිසාය. මෙම පිරිස සම්බන්ධයෙන් කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලදී වයිරසය ආසාදනය වී තිබූ 10 දෙනකු පමණ මුල් අවස්ථාවල හඳුනා ගැනීමට හැකි විය. ඔවුන් වහා නැවෙන් ඉවත් කර ජපානයේ රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. පසුව මේ රෝගීන් සමඟ සම්බන්ධතා පවත්වා තිබූ තව තවත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ අයද පරීක්‍ෂණවලට ලක් කරද්දී තවදුරටත් ආසාදිතයන් හඳුනාගන්නට හැකියාව ලැබිණි. මේ ආකාරයෙන් දැන් තත්ත්වය වඩාත් බරපතළ වන්නට පටන්ගෙන ඇති අතර රෝගීන් ගණන 200 ඉක්මවා ඇත.
මේ අතර නෞකාවේ මගීන්ට මුහුණ දෙන්නට සිදුවූ අනුවේදනීය සිදුවීම් ගැනද වාර්තා වෙයි. බි්‍රතාන්‍ය ජාතික යුවළක වන ඇලන් ස්ටීල් සහ වෙන්ඩි දෙදෙනාගේ කතාවද එවැන්නකි.

ඔවුන් අලුත විවාහ වූ යුවළක වන අතර මේ දෙදෙනා සිටියේ ඔවුන්ගේ මධුසමය ගත කරමිනි. නමුත් වයිරසයට ඔවුන්ගේ මධුසමය ප්‍රශ්නයක් නොවීය. එය මනාලයා වූ ඇලන් ස්ටීල් බිලිගත්තේය. ඇලන් මේ ආකාරයෙන් රෝගී වීමත් සමඟ ඔහු නෞකාවෙන් පිටතට ගෙන රෝහලකට ඇතුළත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. ඇලන්ගේ මනාලිය වූ වෙන්ඩිට සැමියා නොමැතිව තනිවම නෞකාවේ රැඳී සිටින්නට සිදුවිය. ඉතා මහලු අඹුසැමියෝ රැසක්ද මෙම නෞකාවෙහි සිටිති. මෙවැනි එක් අඹුසැමි යුවළකගේ බිරිය පවසා තිබුණේ තමුන් දෙදෙනාගෙන් එක් කෙනකුට පමණක් රෝගය වැලඳී අනෙකාගෙන් වෙන්ව යෑමට සිදුවේවි දැයි මහත් බියෙන් පසුවන බවයි. නන්නාඳුනන රටක මෙවැනි තනිවීමකට ලක්වන්නට සිදුවීම කෙතරම් අසරණ බවක්, අපහසුවක්, පීඩනයක් ඇති කරන්නක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මේ වනවිට සියලුම මගීන්ට උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ කාමර තුළටම වී සිටින ලෙසය. ලොකු ගාස්තුවක් ගෙවා සුඛෝපභෝගී චාරිකාවක යෑමට පැමිණි ඔවුහු දැන් සිරකරුවන් පිරිසක් බවට පත්ව සිටිති. ඉඳහිට ටික වේලාවකට පිටතට යෑමට අවසර ඇති නමුත් ඒ සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැලඳිය යුතු අතර අනෙක් අයගෙන් හැකි තරම් අෑත්ව සිටිය යුතුය. මෙම අර්බුදය ඇති වීමට පෙර මගීන්ට ලැබුණු සුඛෝපභෝගී සැලකිලිද බොහොමයක් දැන් නොලැබෙන බැව් වාර්තා වේ. තමා රැගෙන විත් තිබූ ඇඳුම් කිහිපය නැවත නැවත අඳින්නට සිදුව ඇති අන්දම ගැනත්, ඒවා තමුන්ටම සෝදා ගන්නට සිදුව ඇති අන්දම ගැනත් එක් මගියකු සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබිණි. මේ අතර එක් කාර්ය මණ්ඩල සාමාජිකාවක් තමුන් මුහුණදී සිටින බරපතළ අනතුර ගැනද සඳහන් කර තිබුණාය. ඇය කියා ඇත්තේ මගීන් තරම් හොඳින් කාර්ය මණ්ඩලයේ අය නිරෝධායනයට ලක් නොවන බවයි.

මගීන්ට ආහාර ලබා දීම වැනි කටයුතු ඉටු කිරීමේදී ඔවුන්ට නිතර මගීන්ට සමීප වීමට සිදුවේ. මෙම තත්ත්වය තුළ තමුන්ට වයිරසය ආසාදනය වීමේ විශාල ඉඩක් ඇති බව ඇය කනස්සල්ලෙන් යුතුව පවසා තිබිණි. මේ අතර නැවෙහි කාර්ය මණ්ඩලයට අයත් ඉන්දියානුවන් කිහිප දෙනකු තමුන් ඉක්මනින් රටට ගෙන්වා ගන්නා ලෙස අගමැති මෝදිට ආයාචනා කරන අන්දම දැක්වෙන වීඩියෝ ඛණ්ඩයක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ‘අපිව කොහොම හරි හැකි ඉක්මනින් බේර ගන්න. අපිට යමක් වුණොත් ඊට පස්සෙ මොනව කරන්නද? මට ඉන්දියාවේ ආණ්ඩුවට කියන්න අවශ්‍යයි... මෝදි මහත්මයා, අපිව ඉක්මනින් මෙතැනින් ඉවත් කරගෙන අපේ රටට ගෙන්වා ගන්න’ යැයි මෙම වීඩියෝවෙහි සිටින එක් අයකු පවසන්නේ වැඳගත් අත් දෙකෙන් යුතුවය. ඔහු ඩයමන්ඩ් ප්‍රින්සස් නැවෙහි කෝකියකු ලෙස කටයුතු කරන්නකු බව සඳහන් වේ.

සනත් වික්‍රමගේ





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,347 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,715 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,790 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  795 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top