Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
වෛරසය පරාජය කරපු ගමන් මම ආපහු එනවා. කොරෝනා වෛරසයෙන් මියගිය ගණන තවත් ඉහළ යද්දී සංවේදී දර්ශණ පෙළක් යළි අන්තර්ජාලය කළඹයි - Video

- වෛරසය පරාජය කරපු ගමන් මම ආපහු එනවා. කොරෝනා වෛරසයෙන් මියගිය ගණන තවත් ඉහළ යද්දී සංවේදී දර්ශණ පෙළක් යළි අන්තර්ජාලය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,361 Views
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 1669 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව පුරා රටවල් 29කින් වාර්තාවන ආසාදිතයින් ගණන 69,266ක්.

මේ අතර, තායිවානයෙන්ද අද ප්‍රථමවරට කොවිඩ් 19 ආසාදිත මරණයක් වාර්තා වුණා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනයවීමෙන් චීනය තුළ මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 1665ක්.
 

ඉන් ආසාදිතයින් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගතවූ පැය 24 තුළයි.

කෙසේ වෙතත් ආසාදිතයන් මියයාමේ ක්‍රමික අඩුවීමක් තෙවන දිනටත් දක්නට ලැබෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

එරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් ගණන 68,000 ඉක්මවනවා.

චීනයට පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ජපානයෙන් වාර්ත වන අතර, එම ගණන 407ක්.

ඉන් ආසාදිතයන් 356 දෙනෙකු වාර්තා වූයේ ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්.

මේ අතර රටවල් 5ක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කාම්බෝජයේ නැංගුරම්ලෑමට අවසර දුන් ඇමරිකානු වෙස්ටර්ඩෑම් මගී නෞකාවෙන් ද ප්‍රථම වරට ආසාදිතයෙකු වාර්තා වුණා.

කොවිඩ් 19 ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට පියවරක් ලෙස විෂබීජ විනාශ කිරීම සඳහා මුදල් නෝට්ටු දින 14ක කාලයක් විශේෂ නිරෝධායන ක්‍රමවේදයකට ලක් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, චීන සෞඛ්‍ය අංශ පවසන්නේ සංවහන රුධිර ප්ලස්මා චිකිත්සක ක්‍රමවේදයන් භාවිත කරමින් කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ සාර්ථකත්වයක් ඇති බවයි.

වෛරසය ආසාදනයවූ පුද්ගලයන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්නවීම මෙමගින් පාලනය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ සඳහා වෛරසයට ගොදුරු වී සුවය ලැබූ රෝගීන් විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කර ඇති බව චීනය වාර්තා කළා.

මාරාන්තික කොවිඩ් 19 චීනයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, ප්‍රධාන නගර රැසක් තවමත් පාලු ස්වභාවයක් උසුලන ආකාරයයි මේ.

ගුරුවරු සහ කාර්යාල සේවකයන් නිවසේ සිටම අන්තර් ජාලය මගින් වෘත්තීන්වල නියැලෙන ආකාරය චීන මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

වෛරසය ව්‍යාප්තිය පාලනයට පෙරමුණ ගෙන ක්‍රියා කරන වෘත්තිකයන් සහ පවුල්වල සාමාජිකයන් තවදුරටත් දුරස්ව සිටින අතර, මේ ඔවුන් හා සම්බන්ධ සංවේදී දර්ශන පෙළක්.

මේ අතර, කොවිඩ් 19 චීනයේ ජීව අවි අත්හදාබැලීමක ප්‍රතිඵලයක් බවට ඇමරිකාව නගන චෝදනා අසත්‍ය බව චීන විදේශ අමාත්‍යවරයා ජර්මනියේ පැවැති සමුළුවකදී අවධාරණය කළා.

ඔවුන් ප්‍රකාශ කරන දේවල්වලට ප්‍රතිචාර දක්වන්න මම කාලය නාස්ති කරන්න සූදානම් නැහැ. මොකද චීනයට එරෙහිව එල්ල කරන සියලු චෝදනා පදනම් විරහිතයි වගේම මුළුමණින්ම අසත්‍යයි.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූවන්ට ඉක්මන් සුවය පතා සහ මියගිය අයට පිං පමුණුවමින් ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංසදය ඊයේ අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ දී ආශිර්වාද පිංකමක් සංවිධාන කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,863 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,551 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top