Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
ඉඩකඩම්වලට නඩු කියමින් තම සහෝදරයාගේ බිරිඳටත් බැල්ම දැමූ කරෝලිස්ට අවසානයේ අ‍ත් වූ ඉරණම

- ඉඩකඩම්වලට නඩු කියමින් තම සහෝදරයාගේ බිරිඳටත් බැල්ම දැමූ කරෝලිස්ට අවසානයේ අ‍ත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
වතුරගන්නා ළිඳ, වැසිකිළිය ආදිය ඇති ඉඩම් කොටසද කරෝලිස්ට හිමිවුණා......

අහිමි වූ ඉඩමේ තිබූ දෙල් ගසේ අත්තක ඕදිරිස්ගේ සිරුර එල්ලා වැටෙමින් තිබුණා......

ඕදිරිස් හා කරෝලිස් එකම පවුලේ සහෝදරයන්ය. පවුලේ වැඩිමලා කරෝලිස් වූ අතර ඔවුන්ට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටියේය. සහෝදරියෝ ඈත පළාත්වලට දීග ගොස් පදිංචි වූහ. කරෝලිස් හා ඕදිරිස් මව්පියන්ගෙන් උරුම වූ ඉඩමේ නිවාස තනා ගත්හ. මොන වාසනාවකට හෝ ඕදිරිස්ට වඩා කරෝලිස් ආර්ථික අතින් සවිමත් විය.

ඒ නිසා කරෝලිස්​ගේ නිවස මෙරට උළු වහලක් වූ අතර කටුමැටි බිත්ති වැලි ගා තිබුණි. ඕදිරිස් වත්ත පහළින් අටවා ගත් නිවස පොල් අතු වහල හා කටුමැටි බිත්ති සහිත විය. ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.

රබර් කිරි කැපීම ප්‍රධාන රැකියාවයි. වැසි දිනවල හා රබර් ගස්වල කොළ හැලෙන කාලයට වෙනත් කුලී වැඩකට යයි. ඔහුගේ බිරිඳ කරුණාවන්ත පියකරු කතක් වූ අතර තේ දලු නෙළීමෙන් සැමියාට ආර්ථික ශක්තියක් ලබාදුන්නාය.
 
කරෝලිස් තුළ වූ ගතිගුණ මේ දෙදෙනාට වඩා වෙනස්ය. සට කපට අයෙකු වූ හෙතෙම නිතරම තම වාසිය දෙස පමණක් බැලූවෙකි. දරුවන් නොමැති ඔහු අකාලයේ බිරිද මිය ගිය වැන්දඹු පුරුෂයෙකි. ඕදිරිස්ගේ බිරිඳට බැල්ම හෙළා එය ව්‍යර්ථ වූ කල එම පවුල කෙරෙහි වෛරී සිතකින් පසුවිය.

වෛරය පිරිමසා ගැනීමට ලද හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්තේය. ඉන් ප්‍රබල වූයේ ඕදිරිස්ලා පදිංචිව සිටින ඉඩම් කෑල්ලට අයිතිවාසිකම් කීමය. පරම්පරාවෙන් පරම්පරාවට අයිතිය හිමි වූවා මිස නිත්‍යනුකූලව බෙද‌ා වෙන් කිරීමක් එහි නොවීය. එහෙත් අක්කර බාගයකටත් අඩු එම ඉඩමෙන් වැඩි ප්‍රමාණයක් කරෝලිස් අත්පත් කරගෙන සිටියේය.

ඕදිරිස්ලා ඉඩමෙන් පැන්නීමට විවිධ උපක්‍රම යෙදීය. ඔවුන්ට යාමට ඇති පාර අවහිර කර වැටක් ඉදිකළේය. ඕදිරිස් එය ගලවා විසි කළ විට දෙදෙනා අතර බහින්බස්වීම් සිදුවිය. මිදුල අතු ගා කුණු ඕදිරිස්ලාගේ වත්තට දමන්නේය. ඕදිරිස් මෙවැනි කුරිරුකම්වලින් නොසැලී කරෝලිස්ගේ දුෂ්ට ක්‍රියාවන්ට මෛත්‍රියෙන් ප්‍රතිචාර දැක්වීය.

එය ඕදිරිස්ගේ නිවටකමක් ලෙස සැලකූ කරෝලිස්, ඕදිරිස්ගේ හාම්පුතාට ගතු කේලාම් කියා රබර් කිරි කැපීමේ රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. එහෙත් ඕදිරිස්ට වෙනත් රබර් ඉඩමක රැකියාව සපයා ගැනීම අපහසු නොවීය.

ඉන්පසු කරෝලිස් වෙනත් හතුරුකමක් සඳහා පිඹුරුපත් සැකසීය. පිටපළාත්වලට දීග ගොස් සිටින සහෝදරියන් දෙදෙනාට ව්‍යාජ ළෙන්ගතුකමක් පෙන්වා. මුසාබස් කියා පියා සතු ඉඩමේ ඔවුන්ට අයත් කොටස් තමා වෙත පවරන බවට ලිඛිත කැමැත්ත ලබා ගත්තේය.

ඊට අනුව ඕදිරිස්ලා වතුරගන්නා ළිඳ, භාවිත කරන වැසිකිළිය ආදිය ඇති ඉඩම් කොටසද කරෝලිස්ට හිමිවිය. ලිඛිත කැමැත්තේ බලයෙන් තවත් සවිමත් වූ කරෝලිස් ළිඳ හා වැසිකිළිය භාවිතයට ද තහංචි දැමීය. එහෙත් ඕදිරිස් ඉන් මෙල්ල නොවීය. ඊට ප්‍රතිචාර වශයෙන් කරෝලිස් ඊළඟ තුරුම්පුව ඇද්දේය. නීතිඥයකු මාර්ගයෙන් උසාවියේ බෙදුම් නඩුවක් පැවරීය.

වසර ගණනක් නඩුව ඇදි ඇදී ගියේය. කරෝලිස් පමණක් නොව, ඕදිරිස්ද නැතිභංගස්ථානවීමට මග පෑදුණි. කුලියක් කර උපයන මුදල නීතිඥයින්ට පුදනවා හැර, සිදු වූ සෙතක් නැත. එය කොටි වල්ගය අල්ලාගත්තා මෙනැයි කරෝලිස්ටද සිතුණු වාර අනන්තය. කෙසේ හෝ වසර ගණනාවකට පසු නඩුවේ තීන්දුව ලැබුණි.

ඒ යටතේ ඉඩමෙන් වැඩි කොටස් කරෝලිස්ට හිමි වූ අතර ඕදිරිස්ට නිවස පිහිටි බිම පමණක් අයත් විය. ඉන් හිත් වේදනාවට පත්ව දස අතේ කල්පනා කරමින් නොකා නොබී සිටි ඕදිරිස්ගේ සිත් තැවුල දැඩි වූයේ පොලිසිය සමග පැමිණි කරෝලිස් මිනින්දෝරුවකු ලවා ඉඩම මැන කම්බි වැට ඉදිකළ දිනයේ ය. ඒ මිනුමට අනුව ඕදිරිස්ට ළිඳ අහිමිය. වැසිකිළිය අහිමිය. බිත්තියටම කම්බි වැට ගෑවිලාය. මහපාරට යාමට කලින් භාවිත කළ අඩි පාර අහිමි ය.

ඕදිරිස්ගේ සිත අන්තිමටම කලකිරුණේය. සිත් වේදනාව බලවත්ව නැගී සිටියේය. මෙබදු සහෝදරයන් පෙර වෛරක්කාරයන් බව සිතුවේය. ඔවුන්ගේ දසුන පවා පිළිකුල්ය. එවැනි අයගෙන් නිදහස්වීම එකම ගැලවීම බවද, ලජ්ජාවෙන් මිදීමට අන් මගක් නොමැති බවද කල්පනා කරමින් කුසගින්දරෙන්ම නින්දට වැටුණි.

පසුදා උදෑසන බිරිඳ තේ කෝප්පය රැගෙන ඕදිරිස් නිදා සිටි ඇඳ වෙත පැමිණියාය. එහෙත් ඔහු එහි නොසිටියේය. අප්පච්චි කොහි ගියේදැයි බලන්නැයි ළමයින්ට කීවාය. ලොකු පුතා දුන් ආරංචියෙන් ඇය විස්මයටත් කලබලයටත් පත්වූවාය. වහා දුව ගිය ඇය දුටු දර්ශනයෙන් සිහි විසඥ වී බිමට වැටීමට ගියද ​ලොකු පුතා ඊට ඉඩ නොදුන්නේය. අහිමි වූ ඉඩමේ තිබූ දෙල් ගසේ අත්තක ඕදිරිස්ගේ සිරුර එල්ලා වැටෙමින් තිබුණි.

තමා ජයගත්තා යැයි හැඟීමක් කරෝලිස් තුළ වුවද, මෙතරම් විනාශයක් අපේක්ෂා නොකළේය. එහෙත් ඕදිරිස්ගේ ජීවිතයට ඍජුව හානියක් කරෝලිස් නොකළද ඔහු ඊට මග සැලසුවේය. ඕදිරිස්ගේ බිරිඳ දරුවන් කරෝලිස් තැබූ ගින්නෙන් පිලිස්සී ගියේය. එම ගින්න දෛවය විසින් කරෝලිස් වෙත ද මුද‌ාහරින ලද්දේය.

සතියකට වඩා ගත නොවිණි. එදින ඕදිරිස් මියගොස් සත් වැනි දින ධර්මදේශනය පැවැත්වෙන අවස්ථාවයි. වැස්සක් වැටී පායා තිබුණි. අමාවක් දිනක් බැවින් අඳුර ද දැඩි ය. කරෝලිස් කඩමණ්ඩියේ සිට නිවසට එමින් සිටියේය. කුරුඳු ඉඩමේ කන්ද නැග පල්ලම් බහිමින් සිටියේය.

ඔහු අත රැඳි කෑලි 3 විදුලි පන්දමේ දුබල එළිය මග නිසි ලෙස නොපෙන්වයි. ඔහුගේ පයට ලිස්සන සුලු දණ්ඩක් වැනි යමක් පෑගුණි. එකවර මහා වේදනාවක් නැගී ආවේය. එය ඉවසිය නොහැකිය. විලාප තැබුවේය. බණ ගෙදර සිටි තරුණ ළමයි කීප දෙනෙක් දුව ගියහ.

කරෝලිස් කකුල බදාගෙන විලාප තබයි. කකුලේ එක් තැනකින් ලේ වහනය වෙයි. තරුණයෝ කාරණය වටහා ගත්හ. විෂඝෝර සර්පයෙකු කරෝලිස්ගේ පාදයට දෂ්ට කර ඇත
ඕදිරිස් මෙන් එකවර කරෝලිස් මියගියේ නොවේ. ක්ෂණයකින් සිහි විසඥ වූ ඔහු රෝහල් ගත කර දිනකට පමණ පසු පියවි සිහිය ලද්දේය. එවිට පාදයේ වේදනාව දැනෙන්නට විය. තමා කළ නොපනත්කම් ද සිහියට එන්නට ඇත.

එසේ බොහෝ චිත්ත හා කායික වේදනා විඳිමින් සිට සිව්වැනි දිනයේ දී ආණ්ඩුවේ රෝහලේ ඇඳක් මත ඕදිරිස් ගිය මග ගියේ තණ්හාවෙන් වංචාවෙන් උපයාගත් සියල්ල මෙලොව ඉතිරි කර තබාය. එබැවින් කෙනෙකුගේ දිවි තොර කිරීමට පාර කැපීමත්, ඍජුව එය සිදු කළා මෙන් වූ පාපයකි. එය මෙලොවදීම පල දෙන්නකි.

"ලංකාදීප"
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top